චීන ආයෝජන සඳහා ලංකාව ආරක්ෂිත භූමියක්

Published in විදෙස්
Saturday, 28 February 2015 11:59

චීනය සහ ඉන්දියාවේ ද්විපාර්ශවික ඒකාබද්ධ ශක්තිය දෙරට සමාජ සහ ආර්ථික සංවර්ධනයට යොමු කිරිමට සූදානමින් සිටින බව චීනය පවසයි.

‍ත්‍රෛපාර්ශවීය සබඳතාවක් තුළින් නාවුක සේද මාර්ගය සකස් කිරිම සහ එය ප්‍රවර්ධය කිරිම කළ යුතු බව චීනය සඳහන් කරයි.

නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ චීන විදේශ අමාත්‍ය වෑන්ග් ඉ මහතා සමඟ ඊයේ (27) දිනයේ ද්විපාර්ශවික සබඳතා සිදු කළේය.

ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

මෙහිදි අදහස් දක්වා ඇති මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ චීන ආයෝජන සඳහා මෙරට ආරක්ෂිත භූමියක් බවයි.

ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම චීන ආයෝජන සඳහා විවෘත බවත්, ශ්‍රී ලංකාව චීනය සමඟ සාකච්ඡා කරන තෙක් කිසිදු චීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නා බවත් විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.

සියලු ආයෝජකයන්ට පොදු අවස්ථා සහතික කිරිම ශ්‍රී ලංකා උත්සහය බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

අනාගතයේදි සියලු ආයෝජන සම්පුර්ණයෙන්ම යෝග්‍යතාව අනුව සැලකිල්ලට ගනු ලබන බවද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ.

 

අද දෙරණ

Last modified on Saturday, 28 February 2015 12:59

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us