News Items (18842)
සංචාරක ගමනාන්ත නවයක්, තිරසර සංවාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. පළාත් නවයම ආවරණය වන පරිදි සංචාරක ගමනාන්ත තෝරාගෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
කන්ටේනර් 1,000ක් වරායේ සිරවෙලා නෑ.. ආර්ථිකය වට්ටන බොරු ප්‍රචාරයක් - කබ්රාල්
කන්ටේනර් 1,000ක් වරායේ සිර වී ඇතැයි ව්‍යාජ මතයක් සමාජගත කිරීම පිටුපස රට ආර්ථික වශයෙන් අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නේදැයි බරපතළ සැකයක් මතුවන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
උත්සව සමයේ ඇවිදින්න නම් බූස්ටර් එන්නත අනිවාර්යයි - චන්න ජයසුමන
උත්සව සමයේ සංචරණය කරන්නේ නම්, බූස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ, 2022 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 500ක ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කරන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා එම අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදෙනු පිණිස, ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව Economic Times පුවත් පත වාර්තා කර සිටී.
සියලු ණය ගෙවා අවසන් කර නැවත ණය නොගෙන සිටීම...හීනයක් ද?
කොරහේ කිඹුලන් දකිනවා කියා කතාවක් තිබේ. ඒ නැති ප්‍රශ්න පෙන්වා තමන්වත් බියට පත් කරගෙන අනෙකාවද බිය ගැන්වීම ගැන කතාවකි. අද විපක්ෂයට සිදුවී ඇත්තේද එහෙම තත්වයකි. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ විවිධ ස්වරූපයෙන් මහා භීතිකාවක් මවමින් තිබේ.
'උපාධි විකුණන අධ්‍යාපන කඩ' ගැන තිබෙන පැරණි විරෝධතාවල කිසිඳු අර්ථයක් නැත - ජනපති !
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය උපයා දෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට ඊයේ (09) එක්වෙමින් පවසා ඇත.
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ බව කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
යහපාලන සමයේදී 2015 -2019 කාලය තුළ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල්වලින් දේශපාලන හිතවත්කම්වලට දුන් ණය මුදල්වලින් රුපියල් හාරකෝටි දස ලක්ෂයකට (මිලියන 41.4 ) ආසන්න මුදලක් තවමත් අය කර ගෙන නැතැයි රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කර තිබේ.
කොරෝනා හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ රැස්වීමක් අද !
පවතින කොරෝනා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්වීමට නියමිතයි.
