සියලු ණය ගෙවා අවසන් කර නැවත ණය නොගෙන සිටීම...හීනයක් ද?

Saturday, 11 December 2021 11:49

කොරහේ කිඹුලන් දකිනවා කියා කතාවක් තිබේ. ඒ නැති ප්‍රශ්න පෙන්වා තමන්වත් බියට පත් කරගෙන අනෙකාවද බිය ගැන්වීම ගැන කතාවකි. අද විපක්ෂයට සිදුවී ඇත්තේද එහෙම තත්වයකි. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ විවිධ ස්වරූපයෙන් මහා භීතිකාවක් මවමින් තිබේ.

විපක්ෂය බලාගෙන සිටින්නෙ ලබන වසරේ මාර්තු අප්‍රේල් මාස වන විට මේ ආණ්ඩුව කඩං වැටෙන තෙක්ය. රජය බංකොලොත් වෙන තෙක්ය. නමුත් මේ කිසිවකුත් තුළ රටේ පවතින කිසිදු ගැටලුවක් නිරාකරණය සම්බන්ධයෙන් නිවැරදි උත්තරයක් නැති බවත් කිව යුතුය. කිසිවකුත් අවස්ථානුකූලව හෝ ප්‍රයෝගික විසඳුමක් ඉදිරි පත්කර නැත. කිසිදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර නැත. මනෝරාජික කතා වලට වඩා දෙයක් මේ අයගේ ලොකු කතා තුළ නොමැති බව සිහිබුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැක.

අද රට තුල ආර්ථික අර්බුදයක් ඇති බව ආණ්ඩුවමත් පැහැදිලිව පෙන්වා දී ඇත. ඊට හේතු භූත වූ කරුණු කාරණාත් පෙන්වා දී ඇත. එය වත්මන් පාලකයන්ගේ නොසමත් කමක් ලෙස විපක්ෂය උලුප්පා දැක්වීමට උත්සහ කළත් සත්‍යය එය නොවේ. වසර 70 ක් තිස්සෙ මෙරට පාලනය කළ සියලු ආණ්ඩුවල වැරදි තීරණ අද මුහුණ දෙන අර්බූද්යන්ට යම් යම් පමණින් හේතු වී ඇත. විශේෂයෙන්ම පෙර යහපාලන යුගයේදී රට අධික ණය බරක හිර කිරීම නිසා වූ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වූයේ වත්මන් ආණ්ඩුවටය. ඒ අතර කොවිඩ් ප්‍රශ්නය නිසා වූ දේශීය සහ විදේශිය ආදායම් අහිමි වීම සහ ජාත්‍යන්තර මට්ටමෙන් වූ ආර්ථික අර්බුදත් මෙරටට බලපා තිබේ. ඒ තත්වයන් මත ආණ්ඩුව ඉදිරිපත් කළ 'සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්ති මාලාව බලාපොරොත්තු වූ ලෙස ක්‍රියාවට නැඟීමට හැකිවූයේද නැත.

යළි රටක් විදිහට ගොඩනැගෙන්න නම් සිදුව තිබෙන වැරදි අඩුපාඩු පිළිගනිමින් ප්‍රශ්නය නියමාකාරයෙන් තේරුම් ගෙන විසඳුම් සොයා ගත යුතුය. ඇතැම් විට ඉදිරිපත් කරන විසඳුම් නිවැරදිම නොවීමේ හැකියාවද තිබේ. මන්ද සිදුව තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා ස්ථිර සාර දීර්ගකාලීන විසඳුම් කරා යෑමේ නොහැකියාවත් තිබිය හැකිය. ඇතැම් ප්‍රශ්නයකට කෙටිකාලීන විසඳුම් ඉදිරිපත් කර වියහැකි අනතුරු වලක්වා ගැනීමට සිදුවෙයි. එහෙත් ඒ විසඳුම් නිවැරදිම නොවිය හැකිය. මේ නිසා පියවරෙන් පියවර සූක්ෂමව උපක්‍රමශීලීව මේ ප්‍රශ්න විසදාගත යුතුය. ඒ අතර විපක්ෂය කරන බාධා කිරීම්, කඩකප්පල් කිරීම් වලක්වා ගැනීමේ ආභියෝගයද ආණ්ඩුව ඉදිරියෙහි තිබේ.

කොහොම නමුත් වතමන් ආණ්ඩුව රටේ ආර්ථික ගැටලු විසඳා ගනිමින් සාමාන්‍ය ජන ජීවිතයට වන බාධාවන් අවම කරගනිමින් රටේ සංවර්ධන කටයුතුද හැකි ආකාරයකින් ඉදිරියට තල්ලු කරමින් තිබේ. පසුගිය අයවැය යෝජනා විවාදය අවසන් කරමින් බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ස්ථිරසාරවම ප්‍රකාශ කර සිටියේ තමන්ට මෙම ප්‍රශ්නය විසැඳිය හැකි බවය.

මේ රටේ ජනතාව ආණ්ඩුවට වසර පහකට බලය ලබා දී තිබෙන්නේ ඒ වසර පහ තුළදී රටේ ප්‍රශ්න ටික බලා කියාගෙන රට දියුණු කරණු ඇතැයි කියන අපේක්ෂාව ඇතිවය. ඒ අනුව ආණ්ඩුවට තවත් කල් තිබේ. පැය විසි හතරෙන් විසැඳිය හැකි ප්‍රශන නැත. ජනප්‍රිය තීන්දු තීරණ නිසා දීර්ගකාලීනව සිදුවන අනතුරු නිසා දැන් රටම ඔත්පළව සිටින බවත් මතක් කළ යුතුය. මේ නිසා කෙටිකාලීනව, මධ්‍ය කාලීනව, දීර්ගකාලීනව විසඳු සෙවිය යුතු අසීරු ගැටලු රාශියක් වෙනුවෙන් වඩා නිවැරදිම විසැඳුම් සෙවීම පහසු නැත. කොහොම නමුත් අප ආණ්ඩුවට ඉඩ දිය යුතුය. ආණ්ඩුව සමත්ද අසමත්ද යන්න ඒ වසර 5 අවසානයේදී ජනතව තීන්දු කරනු ඇත. විපක්ෂය මෙන් බොරුවට කෑකෝ ගසමින්, ජනතාව නොමඟ යවමින් කරන බධා කිරීම වලින් රටටවත් ජනතාවටවත් වැඩක් වන්නේ නැත. රට වෙළකට තල්ලු කිරීමක් මිස වෙනකක් වන්නෙ නැත.

අද රට මුහුණ දී තිබෙන තැවැන්ත ගැටළුවක්ව තිබෙන ණය ප්‍රශ්නයය. ලබන වසරේ ගෙවන්නට ඇති සෑම ඩොලරයක්ම ගෙවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කරමින් මේ ප්‍රශ්නය ගැන දීර්ගව සාකච්ඡා කරනු ලැබීය.

එහිදී ඔහු පළ කළ අදහස මෙසේය.

ය වැය විවාදය අවසානයේදී මුදල් අමාත්‍යාංශයට අදාළව තුන්වැනි වර කියවීමත් කෙරෙනවා. අපි බලයට පත් වුණ විට ගෙවීමට විශාල බිල් ප්‍රමාණයක් තිබුණා. බිලියන 454ක බිල් තිබුණා. අපි ඒ සියල්ල ගෙව්වනම් මේ මට්ටමින් වත් යන්න වෙන්නේ නැහැ. ඍණ අගයක් ගන්නවා. අපි යථාර්ථය තේරුම්ගත යුතුයි. අපි එනකොට විවිධ බිල් තිබුණා. ගම්පෙරළිය, පාසල් ව්‍යාපෘති ආදි විවිධ බිල් තිබුණා. තව ගොඩක් බිල් තිබුණා. බිලියන 454ක බිල්.

අපි පත්ව තිබෙන, රට පත්ව තිබෙන තත්ත්වය ගැන මම අය වැය දවසෙත් කිව්වා. විදේශ සංචිත, ණය අර්බුදය මේ හැම දෙයක්ම මම කිව්වා. විපක්ෂයේ කිහිප දෙනෙක්ම මේ ගැන පැහැදිලි කළා. මුදල් අර්බුදයක් අපට තිබෙනවා. විදේශ සංචිත පිළිබඳත් අර්බුදයක් තිබෙනවා. මුදල් ඇමැතිවරයා ලෙස මම මේ සභාවේදී ප්‍රකාශ කරනවා, ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවසරය මත අපට ගෙවන්න තිබෙන සෑම ඩොලර් එකක්ම ලබන වසරේදි ගෙවනවා. අනිවාර්යයෙන්ම එම ගෙවීම් කරන බවට මම සහතික වෙනවා. ඒ සහතිකය දෙන්නේ වගකීමකින්.

එහිදී පළමු වාරිකය ජනවාරි මාසයේදී ඩොලර් මිලියන පන්සියයක් ගෙවන්න තිබෙනවා. ජූලි මාසයේදී ඩොලර් මිලියන 1,000ක් ගෙවන්න තිබෙනවා. ඒ අතරමැද අපට ගෙවන්න තිබෙනවා, ණය සේවා, ගෙවීම් ප්‍රාග්ධන ආදි වශයෙන් ප්‍රමාණයක් . ඒ වගේම ණය සේවා කළමනාකරණය වෙනුවෙන්ද යම් ගෙවීම් ප්‍රමාණයක්. ඒ සියල්ලම ගෙවන බව සඳහන් කරනවා. ඒ වගේම විදේශ මුදල් ගලා ගිය ආකාරය හා අපට ආපු ආකාරය ගැනත් වසර කිහිපයක් ඇසුරින් පැහැදිලි කළ යුතුයි. අපි 2019දී අමෙරිකා ඩොලර් මිලියන 31,674කට අධික මුදලක් ගලාගෙන ආවා. විවිධ ක්‍රමවේදවලින්. භාණ්ඩ අපනයනයෙන්. සේවාවලින් විවිධ ක්‍රමවලින්. විදේශ ප්‍රේෂණවලින්. ආයෝජන හා විවිධ ණය ගැනීම් ආදියෙන්. ගොඩක් අය කියනවා කොවිඩ් නිසා මොකුත් වුණේ නැහැ කියලා. 2019දී අපට අමෙරිකා ඩොලර් තුන්දහස් ගණනකට වැඩි මුදලක් ලැබුණා. නමුත් මේ වසරේදී සංචාරක කර්මාන්තයෙන් ලැබුණේ ඩොලර් මිලියන 100යි. කල්පනා කරන්න. මොන තරම් අර්බුදයකට කොවිඩ් නිසා අපි පත් වුණාද කියලා. විදෙස් සම්ප්‍රේෂණ යම් ප්‍රමාණයක් ලැබුණා. නමුත් එයත් 6,103කින් අඩු වුණා.

2020 දී යම් ප්‍රමාණයක් ලැබුණා. කොවිඩ් නිසා විතරක් නෙවෙයි. මේ ආර්ථිකය කඩා වැටුණේ. තව එක කාරණයක් තිබෙනවා. පසුගිය අවුරුදු පහක කාලයේදී ඔබතුමාලා කරපු වැඩ නිසාත් මේ දේවල් වැටුනා. කොවිඩ්වලට අමතරව මෙරට ආර්ථිකය කඩා වැටීමට පසුගිය ආණ්ඩුවේ වසර පහක කාලය තුළ කළ ක්‍රියාවන්ද බලපෑවා. ඒකත් අවංකව පිළිගන්න. ඒකෙ ප්‍රධාන වගඋත්තරකරුවන් වන්නේ ඔබතුමාලා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දයවත් ඉල්ලන්න බැරි වුණේ. වෙන නැවක් හදාගෙන ඡන්දය ඉල්ලුවේ ඒ නිසා. ඒක නිසා අපට මේ වසරේදී විදේශ මුදල් හිඟය 2014දී අමෙරිකානු ඩොලර් බිලියන 981ක හිඟයක් තිබුණා. 2021දී මේ හිඟය බිලියන 4,703කට වැඩි වී තිබෙනවා.

අපේ සැලැස්ම මෙය ක්‍රමානුකූලව අඩු කර ගැනීමයි. ඒ වෙනුවෙන් අපේ අපනයන වැඩි කර ගත යුතුයි. 2017දී අපේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 941යි. 2018දී 980යි. 2019දී 979යි. 2020දී 751කට බැස්සා. නමුත් අපි කියන්න ඕන අපේ පෞද්ගලික අංශයත්, ගොවියා, ධීවරයා ආදි අය දෙන දායකත්වය. කර්මාන්ත ශාලා, වතු කම්කරුවන් දෙන දායකත්වය නිසා 2021 නොවැම්බර්වල ඩොලර් මිලියන එක්දහස් දෙසිය තිස් දෙකකට වැඩි කර ගැනීමට හැකි වුණා.

අපට සැලැස්මක් නැහැ කිව්වා. විදේශ සම්ප්‍රේෂණවලින් අපි විශාල මුදලක් ගන්නවා. එවැනි මුදලක් ගන්න නම් අපේ ශ්‍රමිකයෝ රට යන්න ඕන. ශ්‍රමිකයන් 230,000ක් යවන්න පුළුවන් වුණා. කොවිඩ් නිසා පසුගිය වසරේ 53,000යි යවන්න පුළුවන් වුණේ. 230,000ක් ගිහිං තමන්ගේ විදේශ මුදල් උපයා එව්වත් නේවුවත් 53,000ක් ගිය විට එය හතර ගුණයකින් පමණ අඩු වෙනවා. විශේෂ අමාත්‍යාංශයක් පිහිටුවා 100,000කට වඩා යවා තිබෙනවා. ලබන වසරේ 300,000ක් දක්වා වැඩි කරනවා. ලබන වසරේ කොරියා, ජපානය, එංගලන්තය, රුමේනියා අලුත් සේවාවලටත් යනවා. විදේශ විනිමය මිලියන 7,104යි. එය ඩොලර් මිලියන 8,000ක් ලබන වසරේදී පන්නනවා. විදේශ සංචිත හම්බ කරනවා වගේම ගෙන්වනවා.

මෙරට ගොවි ජනතාවට වගා කළ හැකි බෝග වගා කිරීමට ආරම්භ කර තිබෙනවා. ඉතා කල්පනාවෙන් පරෙස්සමින් මේ කටයුතු කරන්න ඕන. අපි හිතන තරම් වේගයෙන් විදේශ ආයෝජන එන්නේ නැහැ. ව්‍යාපාරිකයා හැමවිටම තමන් ලාබ උපයා ගන්නා ආකාරය ගැන තමයි බලන්නේ. විදේශ ආයෝජකයන් අපේ රටට වඩා වේගයෙන් හම්බ කළ හැකි රටවලට යන්න පුළුවන්. හිතන තරම්වත් කියන තරම්වත් විදේශ ආයෝජන අපේ රටට එයි කියලා හිතන්නේ නැහැ. විදේශ ආයෝජකයකු ආවාම සල්ලි ගෙනියන්නෙත් විදේශ මුදලෙන්. කෙටි කාලීනව නොබල දිගු කාලීනව මුදල් රටේ රැකෙන විදියක් බලනවා.

සංචාරක ව්‍යාපාරය හරහා මුදල් වේගයෙන් ගලා ඒමට අපි අපේක්ෂා කරනවා. මෙරට ලොක්ඩවුන් කරන විට සෞඛ්‍ය පැත්තෙන් අපේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළා. ජීවිත බේරා ගන්නා විට අපේ ජීවනෝපායන් නැති වුණා. කොවිඩ්වලට නීති දැම්මා. ඩුබායිවල, මාලදිවයින රටවල අපේ රට වගේ නොවන්නේ ඇයි කියලා විපක්ෂය ඇහුවා. ඒ රටවල් අපේ රටට කලින් විවෘත කළා. අපිත් විවෘත කරන්න සූදානම් වන විට විපක්ෂය කීවා ගණිකාවන් ගේන්න විවෘත කරනවා කියලා. ඒ නිසා අපි නැවත වැසුවා.

සේවා අංශය ලෙස විශේෂ අංශයක් තිබෙනවා. සේවා අංශයේ නාවික පැත්ත, අයි.ටී. පැත්ත සංවර්ධනය කරනවා. ගුවන් සේවාවලින් සේවා සපයා ආදායමක් ගත හැකියි. අයි.ටී. පැත්තෙනුත් අපට ආදායම් ගත හැකියි. ඉහළම තාක්ෂණික ආයතන මේ රටට ඇවිත් තිබෙනවා. 2022 වන විට 5,000ක් තරුණයන් එයට ගන්නවා. මේ වසර අවසන් වීමට පෙර ෆෝචූන් මට්ටමේ ආයතන තුනක්වත් රටට එනවා. නිවෙස්වල සිට තරුණයන් මෙමඟින් හම්බ කරනවා. ගමේ සිටින විශාල පිරිසකට ෆ්‍රීලාන්ස් තමුන්ටම මේ තාක්ෂණය මත මුදල් උපයා ගත හැකි ක්‍රමවේද හදනවා. අපට හංගන්න දෙයක් නැහැ. විදේශ විනිමය අර්බුදයක් තිබෙනවා. ඉතාම අමාරු තත්ත්වයක්. අයි.එම්.එෆ්. යන එක අලුත් දෙයක් නොවේ. 1961ත් ගියා. මමත් ගියා. මහින්ද මහතාගේ කාලයේ කබ්රාල් මහතා එක්ක මාත් ගියා. අපි ගත්තා. අයි.එම්.එෆ්. කොන්දේසි අවසන් කළ එකම ආණ්ඩුව අපි. විපක්ෂය නොදන්නවා වුණාට අදත් එහි නියෝජිතයන් මෙහේ ඇවිත් සිටිනවා. අයි.එම්.එෆ්. අපි යන්න ඕන නැහැ. ඒ අය මෙහේ ඇවිත් සිටිනවා. විපක්ෂය සමඟ සාකච්ඡා කිරීමට ඔවුන් වෙලාවක් ඉල්ලුවත් වෙලාවක් නොලැබුණු බව ඔවුන් කීවා.

මේ ප්‍රකාශය ගැන සිහිනුවණින් අප කල්පනා කළ යුතුය. රට මුහුණ දී තිබෙන අර්බුදයත් ඊට ඇති විසඳුම් ගැනත් නිවැරදි අවබෝධයක් නොමැති වුවහොත් මේ රටේ ජනතාව විවිධ නොමඟ යෑවීම් හමුවේ යළි ආගාධකයට වැටිය හැකිය.

 

-the novemberist

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us