කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය යළී ශක්තිමත් කිරිමට සහය දෙන බව ශ්‍රි ලංකාවේ ජර්මානු තානාපති Holger Seuvert මහතා නැගෙනහිර පළාත් අණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවූ අවස්ථාවේ පවසා තිබේ.

වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ වව්නියාවේ වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතිනවා.

මෙතෙක් මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට ශ්‍රීලංකාව සමත්විය.

පසුගිය මාස හය තුළ මිල සංශෝධනයක් නොකළ හෙයින් මාස දහයක් තුළදී පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7,000ක පාඩුවක් ලබා ඇතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (1) පැවසීය.

ගෑස් සංයුතිය පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීහු ඊයේ (01 වැනිදා) නිරුත්තර වූහ.

කොවිඞ් ආසාදිතයන් සඳහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) කොවිඞ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ගෙන්වීමට රජය තීරණය කර තිබෙනවා.

කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) අතර ශ්‍රී ලංකාවේ තිරසර කාර්මික සංවර්ධනය සදහා වන ඒකාබද්ධ යෝජනාවලියට අත්සත් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ කාති උසවිත්, බාලවයස්කාර මුස්ලිම් විවාහත් තහනම් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ දිවයින පුවත්පතහි පැවැති සම්මුඛ සාකච්ජාවකට එක් වෙමිනි.

මේ වසරේ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. නොවැම්බර් පළමු වනදා සිට පසුගිය 28 වනදා දක්වා සංචාරකයින් 41,177 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශය සදහන් කරයි.

ඊයෙ පෙරේදා තිරිඟු පිටි මිළ ඉහළ දැමීමක් සිදු කර තිබේ. ඒ අනුව පාන් සහ පිටි ආශ්‍රිත කෑම වර්ගවලද මිළ ඉහළ දැමීමට එම නිශ්පාදකයන් කටයුතු කර තිබේ. තිරිඟු පිටි නැතිනම් පාන් පිටි මිළ ඉහළ යාම සෘජුව පාලනය කිරීමට ශ්‍රී ලංකාව වැනි රටකට සිදු කළ නොහැක. ඒ තිරිඟු වගාවක් මේ රටේ සිදු නොවන බැවින් එම පිටි විදේශයන්ගෙන් ගෙන්වීමට සිදුව තිබෙන නිසාය. ඒ අනුව ලෝක වෙළඳපොළේ තිරිඟු පිට ඉහළ පහළ යන වාරයක් පාසා මෙරට තිරිගු පිටි මිළ ඉහළ පහළ යයි. එය සාමාන්‍ය තත්වයකි.

Connet With Us