මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය !

Published in පුවත්
Thursday, 02 December 2021 11:47

මෙතෙක් මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට ශ්‍රීලංකාව සමත්විය.

එම එන්නත් මාත්‍රා ප්‍රමාණය 1,503,450ක් ලෙසයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ. එමිරෙස්ට් ගුවන් සේවයට අයත් යානයකින් මෙම එන්නත් රැගෙනවිත් ඇති අතර ,අදාළ එන්නත් තොගය ගුවන් තොටුපොළේ ගුවන් ගැල් ගම්මානයේ ශිතකරනවල තැන්පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ඔෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 564,733 ක් ලෙස දැක්වෙන අතර සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 540,783 දෙනෙකු සුවය ලබා ඇති අතර පුද්ගලයින් 9,578 දෙනෙක් තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවෙන බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us