ඇමැති ගම්මන්පිල සහනයක් ඉල්ලයි !

Published in පුවත්
Thursday, 02 December 2021 09:46

පසුගිය මාස හය තුළ මිල සංශෝධනයක් නොකළ හෙයින් මාස දහයක් තුළදී පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7,000ක පාඩුවක් ලබා ඇතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (1) පැවසීය.

මිල සංශෝධනයක් නොකරන්නේ නම් බදු අඩු කර දීමක් හෝ කරන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් මේ නිසා ඉල්ලීමක් කර ඇතැයිද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

පසුගිය මාස 6දී ඉන්ධන මිල වැඩි නොකළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවද ගම්මන්පිල මහතා කීවේය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නැති බව පැවසූ ගම්මන්පිල මහතා එය මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත්වී නැතැයිද ප්‍රකාශ කළේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බවත් දින 50කින් එය විවෘත කරන බව තමා මුලින් පැවසුවත් ඊට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය. වසර 50කට වඩා පැරැණි එකක් හෙයින් ඊට කිසිදු ඉල්ලුමක් නැති බවත් කෙසේ වෙතත් මේ තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් බවත් ඇමැතිවරයා කීවේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us