මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ හමුවේ නිරුත්තර වූ ලිට්රෝ සමාගම !

Published in පුවත්
Thursday, 02 December 2021 09:14

ගෑස් සංයුතිය පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීහු ඊයේ (01 වැනිදා) නිරුත්තර වූහ.

ලිට්රෝ ගෑස් සමාගම විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (1 වැනිදා) කොළඹදී පැවැත්වූ අතර ඒ සඳහා එම සමාගම නියෝජනය කරමින් මෙහෙයුම් අධ්‍යක්ෂ කමලනාත වික්‍රමසිංහ, පර්යන්ත කළමනාකරු ඉන්ද්‍රසිරි විජයරත්න සහ එහි වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජානක පතිරත්නද සහභාගි වූහ.

පසුගිය දින කිහිපයේ දිවයින පුරා සිදුවූ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් තම සමාගමට මතයක් ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානීහු මාධ්‍ය හමුවේදී පැවැසූහ.

මීට ඉහතදීත් තිබූ ගෑස් සංයුතිය, වර්තමාන වෙළෙඳපොළේ තිබෙන ගෑස් සිලින්ඩර වලත් ඇතැයි සඳහන් කළ ලිට්‍රෝ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමලනාත වික්‍රමසිංහ සිය සමාගමට ගෑස් ගෙන්වනු ලබන්නේ ලිට්‍රෝ ටර්මිනල් ආයතනයෙන් බවද සඳහන් කළේය.

පසුගිය දිනවල පිපිරීම් සිදුවුණේ ගෑස් සංයුතියේ තිබෙන වෙනස්කම් හේතුවෙන් දැයි මාධ්‍යවේදීන් ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් නිරුත්තර වන සෙයක් දක්නට ලැබිණි.

මෙම තත්ත්වයට හේතුව ගෑස්වල සංයුතිය ප්‍රොපෙන් 50%ක් ලෙස සහ බියුටෙන් 50%ක් ලෙස පැවැතීම නේද? යනුවෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානීන් ප්‍රකාශ කර සිටියේ වර්තමාන වෙළෙඳපොළේ තම ගෑස් සංයුතිය ලෙස ප්‍රොපෙන් 30%ත් 40%ත් අතර අගයකද, බියුටෙන් 60%ත් 70%ත් අතර අගයකද පවතින බවයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us