ජනපතිගේ උපදෙසින් මොල්නුපිරවීර් ඖෂධයත් මෙරටට !

Published in පුවත්
Wednesday, 01 December 2021 11:53

කොවිඞ් ආසාදිතයන් සඳහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) කොවිඞ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ගෙන්වීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට පෙරේදා (26 දා) කොවිඞ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේ දී දැනුම් දී ඇත. එසේම කොරෝනා මර්දන එන්නත් දෙවැනි මාත‍්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලූ දෙනාට ජංගම සේවා මගින් අධි මාත‍්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ. එහිදී රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලූ දෙනාට ද එම සායන තුළදී අධි මාත‍්‍රා එන්නත ලබාදීමට ද තීරණය කෙරිණි.

කොරෝනා මර්දන දෙවන එන්නත් මාත‍්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝගවලින් පෙළෙන සියලූ දෙනාට ද තුන්වැනි මාත‍්‍රාව ලබා දීමට තීරණය විය. ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප‍්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝනොවන රෝගයක් හේතුවෙන් ප‍්‍රතිශක්තිකරණය අඩු සියලූ දෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නතේ තුන්වන මාත‍්‍රාව ලබාදීම සිදු කෙරේ.

කොවිඩ් වෛරසය ලෝක අර්බුධයක් දක්වා විහිදී ඇති අවස්ථාවක මෙය මර්නදය කිරීම සදහා එකම විසදුම ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද්දේ එන්නත්කරණ ක්‍රියාවලියයි. මෙම කොවිඩ් එන්නතින් එහාට ගොස් අද වන විට මෙය පාලනය කිරීම සදහා මොල්නුපිරවීර් යන නමින් ඖෂධ කරලක් නිෂ්පාදනය කිරීමට ඇමරිකාව සමත් විය. ඒ කොසේහෝ වේවා කොවිඩ් අර්බුදයෙන් මිදීමට ඇති එකම විකල්පය වන මෙම එන්නතත් ,මෙම ඖෂධයත් හෙයින් එම විකල්ප මෙරටට ගෙන්වීමට වත්මන් ආණ්ඩුව යුහුසුළුව කටයුතු කරමින් සිටි. එහි ප්‍රතිපලයක් ලෙස මෙම මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) හැකි ඉක්මනින් මෙරටට ගෙන්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ. කොවිඩ් වසංගතය තුරන් කිරීම රටක රාජ්‍ය තන්ත්‍රයට පමණක් කළ නොහැකි ක්‍රියාවකි. එයට අනිවාර්යෙන්ම ජනතා සහාය අවශ්‍යවනු ඇත. එහෙත් මෙරට ජනතාවගේ සහාය ,විපක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන ප්‍රවාහයන් වල සහාය කෙසේවෙතත් ජනාධිපතිවරයා තම රටෙහි පුරවැසියන් වෙනුවෙන් තම යුතුකම ඉටුකරමින් වගවීමෙන් කටයුතු කරන ආකාරය සැබවින්ම ඇගයිය යුතුය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us