කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරිමට ජර්මානු සහය !

Published in පුවත්
Friday, 03 December 2021 10:00

කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය යළී ශක්තිමත් කිරිමට සහය දෙන බව ශ්‍රි ලංකාවේ ජර්මානු තානාපති Holger Seuvert මහතා නැගෙනහිර පළාත් අණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවූ අවස්ථාවේ පවසා තිබේ.

ඊයේ (2) පෙරවරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි මෙම හමුව පැවැත්වුණි.

මෙහිදි ජර්මානු තානාපතිවරයා කියා සිටියේ දීර්ඝ කාලයක සිට දෙරටේ සංචාරක ක්ෂේත්‍රය ඉතා පුළුල්ව පැවැතියද පසුගිය වසර 2 තුල කොවිඩ් වසංගතය නිසා ඊට බාධා එල්ල වූ බවයි.

සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කිරිම සදහා ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවයක් කඩිනමින් ආරම්භ කිරිමට කටයුතු කල යුතු බවද ජර්මානු තානාපතිවරයා කීවේය. එවිට කොළඹට පැමිණෙන සංචාරකයින්ට කෙටි වෙලාවක් තුල ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශ වලට ගමන් කිරීමේ හැකියාව තිබෙන බවද හෙතෙම කියා සිටියේය. එහිදි ආණ්ඩුකාරවරිය කියා සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයාට සහ රජයට ඉතා කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන බවය.

මේ අතර නව ආයෝජන අවස්ථා නැගෙනහිර පළාතේ ඇති කිරිම කෙරෙහි අවධානය යොමු වී ඇති බවද ජර්මානු තානාපතිවරයා කිවේය. එම ආයෝජන අවස්ථාව ලබා දීම තුලින් පළාතේ ජන ජිවිතය වඩා ශක්තිමත්ව ගොඩ නගා ගත හැකි බවද ආණ්ඩුකාරවරිය මෙහිදි කියා සිටියාය. එරාවූර් ප්‍රදේශයේ ඉදිකිරිමට නියමිත නව ඇගළුම් කලාපය පිළිබදව ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us