ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් පසුගියදා මෙරට ට පැමිණ රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කළද එම අරමුදලෙන් ණය ආධාර ඉල්ලීමක් සිදු නොකළ බව වාර්තා වෙයි.

“එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් ලබාදීම සඳහා සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් එක්වෙමින් සිටින බව එහි සභාපති පූජ්‍ය හිමියන් ප්‍රකාශ කර තිබේ.

නෙලුම්දෙණිය - තුන්තොට - ගලපිටමඩ ( B 540 ) මාර්ගයේ දැදිගම නව පාලම ඉදිකිරීම සදහා මුල් ගල තැබීම දැදිගම පොලිස් ස්ථානය අසලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා විසින් (ඊයේ ) 22-12-2021 දින සිදු කෙරිණි .

කොවිඩ් 19 තත්වය නිසා විදේශ විනිමය අහිමි වීමේ අර්බුදය ඉක්මනින් අවසන් වීමේ ලකුණු පහළව ඇති බව පෙනෙන්නට තිබේ. විපක්ෂ කොටස් ඉදිරි සති කිහිපයේදී රට බංකොළොත් වීමේ කාළකන්ණි සතුට විඳීමට සිහින මැව්වද ඔවුන්ට සිදුවන්නේ දුක් වීමටය.

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටියදී ධීවර යාත්‍රා අටක් යොදවාගෙන ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සහ සිදුකළ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

අධිකරණ තීන්දුවට අනුකූලව ගෑස් බෙදා හැරීම සහ අලෙවිය සිදු වන්නේදැයි සොයා බැලීම සඳහා හදිසි වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසනවා.

සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයින්ට විදුලි බිල්පත් ගෙවීමට තවත් වසරක කාලයක් ලබාදෙන ලෙසට සංචාරක අමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට එකඟතාව පළ කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කරයි. විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් සහනය තවදුරටත් ලබාදිම සදහාවන කැබිනට් පත්‍රිකාව ඊයේ (20) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඉන්ධන මිල වැඩි කිරීම ගැන මහ බැංකුව මුදල් ඇමතිතුමාට කළ දැනුම් දීමක් අනුව ඉන්ධන මිළ වැඩිකළ බවත් මහබැංකුව විසින් මුදල් ඇමතිවරයාට දැනුම් දී තිබෙන්නේ පෙට්‍රල් රු. 35කින්, ඩීසල් රු. 24කින් සහ භූමිතෙල් රු 11කින් වැඩි නොකොළොත් ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට නොහැකි වීමෙන් රට දැවැන්ත විදේශ විනිමට අර්බූදයකට තල්ලු වෙනවාය කියන පදනම බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ගෙවන මුදල් ඩොලර්වලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟ වූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ජාතික වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් යථාර්ථයක් කරලීම පිණිස දායකත්වය දැක්වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විශිෂ්ටයින් ඇගයීමේ "විශිෂ්ටතා ඇගයීම් රාත්‍රිය" මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින මහුනවර Earl's Regency හෝටලයේදී පැවැත්විණි.

Connet With Us