News Items (18842)
කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ වැඩ පටන් ගනී.
කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ (ECT) අදියර 2 ඉදි කිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
අතනින් මෙතනින් පැන පැන මාරුවෙන කොට කට්ටි පනිනවා යැයි කීමට කිව්වාට අද බොහෝ දෙනා මේ කට්ටි පනිනවා කියන එක ගැන එතරම් නොදන්නා බවට සැකයක් නැත. මේ වර්ථමානයේ අපේ දරුවන් අතරින් මඟ හැරුණු පරණ සෙල්ලමකි.
ජන ජීවිතයට බාධා නොවන ලෙස විදුලි අර්බුදයට විසදුම් සොයන්නැයි ජනපතිගෙන් උපදෙස් !
ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට ඊයේ (10) උපදෙස් දී ඇත.
සත්ව අයිතීන් තහවුරු කරමින් සත්ව සුබසාධන පනතට කැබිනට් අනුමැතිය හිමි වේ !
ලොව බිහිවන සෑම ජීවියකුටම ඇති පළමු අයිතිය ජීවත්වීමේ අයිතියයි. මිනිසුන්ට මෙන්ම සත්ත්වයන්ට ද එම අයිතිය එක හා සමානය.
ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාභයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාභයක් වාර්තා කර ඇතැයි පවසයි. එය 2020 මුල් භාගයේ වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාභ හිමිවූ පළමු මාසය වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවෙ හදවත හරහා විදින උමං මග කා සදහාද...?
චීනයෙන් ආනයනය කරන චයිනා රේල්වේ හෙවි ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් ආයතනය විසින් නිපදවන ලද උමං විදින යන්ත්‍රය මීටර් හතයි දශම හතක විශ්කමභයක් ඇති යන්ත්‍රයකි. උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය සදහා වන කලු ගඟ හා මොරගහ කන්ද ජලාශය අතර උමග සැකසීම හා මොරගහ කන්ද යකල්ල අතර කිලෝමිටර් 28 දිග උමං මාර්ගයකුත් මෙමගින් කැණීමට නියමිතයි.
චම්පික නඩුවෙන් ගැලවෙන්න කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙනවාද ? නැද්ද ? යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බවට අභියාචනාධිකරණය නියම කළේය.
ශ්‍රී ලංකාව Default තත්වයට වැටෙන්නේ නෑ.. - මහ බැංකු අධිපති
ශ්‍රී ලංකාව ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම පැහැර නොහරින බවත් ඒ අනුව කිසිදු ආකාරයකින් ණය ගෙවීම පැහැර හැරීමේ ඉල්ලීමක් කිරීම (default), හෝ වෙනත් අවුල් සහගත යමක් සිදු නොවනු ඇති බවත් මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් පවසයි. එසෙිම අපට default සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නැති බවත් ඔහු අවධාරණය කරයි.
මීළඟ ජනාධිපතිවරණයට සජිත් එනවා. පොදු අපේක්ෂක කතා නෑ.
ඉදිරි ජනාධිපතිවරණයේදී තනිව තරග කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ ප්‍රකාශ කළේය.
ඉතිහාසයේ පළමු වරට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ලාබයක්
ඉතිහාසයේ පළමු වරට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝටි 75ක් මහා භාණ්ඩාගාරයට උපයා දී තිබෙනවා.
