ශ්‍රී ලංකාව Default තත්වයට වැටෙන්නේ නෑ.. - මහ බැංකු අධිපති

Published in පුවත්
Monday, 10 January 2022 12:39

ශ්‍රී ලංකාව ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම පැහැර නොහරින බවත් ඒ අනුව කිසිදු ආකාරයකින් ණය ගෙවීම පැහැර හැරීමේ ඉල්ලීමක් කිරීම (default), හෝ වෙනත් අවුල් සහගත යමක් සිදු නොවනු ඇති බවත් මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් පවසයි. එසෙිම අපට default සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නැති බවත් ඔහු අවධාරණය කරයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ විදේශ සංචිත අඩු වූ බැවින් ජනවාරි 18 දින කල් පිරෙන ඩොලර් මිලියන 500 ක බැඳුම්කරය ගෙවීමට කල් ඉල්ලා ඒ පැහැර හැරීමට ඉල්ලීම් කළ යුතු බවට ඇතැම් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙමින් සිටින තත්වයක් හමුවේය.

ප්‍රතිලාභවලට වඩා default වීමෙන් සෘණාත්මක වැටීම වැඩි වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

අඩු පොලී අනුපාත මධ්‍යයේ ශ්‍රී ලංකාව සංචිත අවසන් වෙමින් පවතින අතර, එදිනෙදා ආනයනය සඳහා ගෙවීමේ දී ද දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී.ජූලි මාසයේදී ද ඇමෙරිකානු ඩොලර් බිලියනයක බැඳුම්කරයක් ගෙවීමට ඇත.

චීනය සමඟ මුදල් හුවමාරු කර ගැනීමක් සමඟ මෙරට ඩොලර් බිලියන 3.1 ක සංචිතයක් වසර අවසන් වන විට පැවැති නමුත් ඇතැම් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන පරිදි එම චීන මුදල් විදේස් සංචිත ලෙස පිළිගත නොහැකි බව පවසයි. පසුගියදා රං සංචිත ප්‍රමාණයක්ද විකුණා දැමීම හේතුවෙන් සත්‍ය ඩොලර් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් දක්වා අඩුවී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ තත්වය මත අවම වශයෙන් ආර්ථික විශ්ලේශන ආයතන දෙකක ආර්ථික විද්‍යාඥයින් ඉල්ලා ඇත්තේ ආනයන සඳහා වෙනුවෙන් සංචිත සංරක්ෂණය කර ගත යුතු බවත් ණය ගෙවීම පැහැර හැරීමක් මේ මොහොතේ සිදුවිය යුතු බවය.
තවත් සමහර ආර්ථික විද්‍යාඥයින් දැඩි මූල්‍ය ප්‍රතිපත්ති මත හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබාගත යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us