මහබැංකුව ගැන වරදවා වටහා ගන්න එපා. බය නැතිව ඩොලර් එවන්න  

Published in පුවත්
Monday, 10 January 2022 11:52

අපනයන ආදායම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද නීති ඇතැම් පාර්ශ්වයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

අපනයන ඉපැයීම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය

අපනයන ආදායම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද නීති ඇතැම් පාර්ශ්වයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත. විශේෂයෙන්ම, බලපත්‍රලාභී බැංකුවලට විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීමෙන් පසු, එම සියලුම ප්‍රේෂණ මහ බැංකුවේ නීතිරීතිවලට අනුකුලව බලහත්කාරයෙන් පරිවර්තනය කරනු ලබන බවට පදනම් විරහිත මතයක් ව්‍යාප්ත වී ඇත. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම්, අපනයන ආදායම් පරිවර්තනය කිරීමේ නීතිවලට යටත් නොවේ. බලපත්‍රලාභී බැංකු සහ වෙනත් විධිමත් මාර්ග හරහා තම ඉපැයීම් යොමු කරන සංක්‍රමණික සේවකයන්ට ඕනෑම වාණිජ බැංකුවක එවැනි අරමුදල් විදේශ විනිමය වශයෙන් තබාගත හැකිය. ඒ අනුව විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් තම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි "විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය" යටතේ එසේ කිරීමට සුදුසුකම් ලබන, එම ඉපැයීම් ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයන් හට 2022 වසරේ ජනවාරි 31 දක්වා එ.ජ. ඩොලරයකට රුපියල් 10.00ක අමතර දිරි දීමනාවක් ලැබෙනු ඇත.

“සේවා අපනයන” මගින් ලැබෙන ආදායම් යනු අනේවාසිකයෙකු හට සංචාරක, වෘත්තීය සේවා ආදී සේවා සැපයීමෙන් උපයනු ලබන ශ්‍රී ලාංකික නේවාසිකයෙකුගේ විදේශ විනිමය ඉපැයීම් වේ. අවසරලත් අඩු කිරීම් සඳහා ගැළපීමෙන් පසු ඉතිරි අපනයන ආදායම් පරිවර්තනය කිරීමේ නීති රීතිවලට මෙම සේවා අපනයන යටත් වනු ඇත. මෙම පසුබිම තුළ, අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් වන නව නීති අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ “භාණ්ඩ හා සේවා අපනයනකරුවන්” සඳහා පමණක් බව එයින් පැහැදිලි වනු ඇති අතර නව නියමයන්හි දක්වා ඇති අවසරලත් ගෙවීම් අඩු කිරීමෙන් පසු එවැනි අපනයන ආදායම්වලින් ඉතිරි වන ප්‍රමාණය පමණක් අපනයනකරුවන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වේ.

ජංගම සංක්‍රාම සම්බන්ධයෙන් වන ප්‍රේෂණ, අවසර දී ඇති පරිදි විදේශ විනිමය ආපසු ගැනීම්, ණය සේවාකරණ ගෙවීම්, භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීම් එවැනි අවසරලත් ගෙවීම් යටතේ ආවරණය වේ. එමෙන්ම මෙවැනි සේවා අපනයන ආදායම් සිය රට වෙත ගෙන්වා ගැනීම හා එම මුදල් පරිවර්තනය කිරීමේ නීති ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය සහ තායිලන්තය වැනි කලාපීය අනෙකුත් රටවලද භාවිතා වන බව සඳහන් කළ යුතුය.

නීතිවිරෝධී ලෙස ක්‍රියා කරන සියලුම පුද්ගලයන්ට (විදේශ විනිමය ප්‍රේෂණය කරන්නන් සහ ලබන්නන්) එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතරම, කලින් ප්‍රකාශයට පත් කළ පරිදි විධිමත් මාර්ග හරහා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ඉපැයීම් දිරිගන්වමින් රජය සමඟ සහයෝගයෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉහළ නැංවීමට අඛණ්ඩව පහසුකම් සපයන බව ශ්‍රී ලංකා මහ බැංකුව නැවත අවධාරණය කරයි. ඒ අනුව සාවද්‍ය තොරතුරු සහ පොරොන්දුවලට නොරැවටී විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ගනුදෙනුකරුවන්ගේ විදේශ විනිමය ඉපැයීම් පරිවර්තනය සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නියම කර ඇති නීති රීති දැඩි ලෙස පිළිපදින ලෙසත්, වරදවා වටහාගැනීම් වළක්වා ගැනීම සඳහා එවැනි නීතිරීති පිළිබඳව තම ගනුදෙනුකරුවන් දැනුවත් කරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් දී ඇත.

වැඩි විස්තර සඳහා:

- අංක 2251/42 අති විශේෂ ගැසට් පත්‍රයට අනුව අපනයන ආදායම පරිවර්තනය කිරීම (https://www.dfe.lk/web/images/rdevelopment/779ebaa0ef26aaf556fa03bb098c092f-2251-42-S---Export-Proceeds---October-2021.pdf)

- නිති අසන ප්‍රශ්න (https://www.dfe.lk/web/images/downloads/other/FAQs-Export_S.pdf)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us