ශ්‍රීලංකන් ගුවන් සේවයට ඩොලර් මිලියන 9.25 ක ලාභයක්

Published in පුවත්
Tuesday, 11 January 2022 09:17

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාභයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාභයක් වාර්තා කර ඇතැයි පවසයි. එය 2020 මුල් භාගයේ වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාභ හිමිවූ පළමු මාසය වීම විශේෂත්වයකි.

එසේම පසුගිය වසරේ එම කාලය හා සසඳන විට ආදායම 200% කින් පමණ ඉහළ ගොස් ඇති අතර පූර්ව වසංගත මට්ටම සසඳන විට එය ආදායම 80% ඉක්මවා යාමකි.තවද, ගුවන් සමාගම 2021 දෙසැම්බර් මාසය සඳහා ගුවන් ප්‍රවාහන මට්ටමින් (airline transportation level ) USD මිලියන 11.43 ක ලාභයක් වාර්තා කර තිබේ.එය වසර 20කට වැඩි කාලයක් තුළ ගුවන් ප්‍රවාහනයෙන් වාර්තා වූ ඉහළම ලාභය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා කළ කැපකිරීම නව වසරේ සුබවාදී ආරම්භයකට මග පෑදී ඇති බවයි.

“පසුගිය දෙවසර තුළ අපි මෙහෙයුම් පිරිවැය අවම කිරීම සඳහා බහුවිධ මුලපිරීම් ක්‍රියාවට නැංවූවා. ඒ සඳහා ශ්‍රී ලංකන් පවුලේ සෑම සාමාජිකයෙකුම දායක වූණා. අපගේ එම උත්සාහයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳින්නෙමු.කෙසේ වෙතත්, වෛරසයේ නව ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ අනාගතය අතිශය අභියෝගාත්මක වනු ඇත. දෙසැම්බර් මාසයේදී ලබා ගත් ප්‍රවේගය දිගටම පවතින බව සහතික කිරීම සඳහා අපි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා වගේම අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය මාසයක් තුළ ගුවන් ගමන් 800 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති අතර මුළු මගීන් 228,203 ක් ප්‍රවාහනය කර ඇත. 2020 දෙසැම්බර් මාසයේදී ගෙන යන ලද මගීන් සංඛ්‍යාව මෙන් 13 ගුණයකට වඩා වැඩිය. එපමනක් නොව, ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය මුළු භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 7,877ක් දක්වා ඉහළ නංවා ඇති අතර එය 2020 දෙසැම්බර් මාසයේ සිට 147%ක වැඩිවීමකි.

2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආරම්භ වූ පසුගිය තෙවසර තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය අභියෝගවලින් පිරී ඇති අතර, එම හේතුවෙන් සංචාරක පැමිණීමේ අඩුවීමට හේතු වූහ.ඉන් පසුව 2020 පළමු කාර්තුවේදී වසංගතය ආරම්භ විය. දැන් එය තුන්වන වසරටත් එළඹ තිබේ.

කෙසේ වෙතත්, ජාතික ගුවන් සේවය ලෙස, ශ්‍රීලංකන් ගුවන් සේවය, COVID-19ට ගොදුරු වූ චීනයේවුහාන් ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශවල අතරමං වූ සිසුන් ඇතුළුව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් අතරමං වූ ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දියාවේ සිරවී සිටි වන්දනාකරුවන් නිවෙස් වෙත රැගෙන ඒම සඳහා සිය සහයෝගය ලබාදෙන ලදී. එතැන් සිට, ගුවන් සමාගම ශ්‍රී ලාංකිකයින් ප්‍රවාහනය කිරීමේ නිරත වූවා පමණක් නොව, වෙනත් රටවල පුරවැසියන්ට ආපසු සිය රට බලා යාමට සහාය වීමට ද පියවර ගෙන ඇත.ගෝලීය මගී ගුවන් ගමන් නතර වීමත් සමඟ දේශසීමා හරහා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම්, එන්නත් සහ අනෙකුත් වාණිජ භාණ්ඩ අපනයනය සහ ගුවන් ප්‍රවාහනය සඳහා දිරිගැන්වීමක් වූ භාණ්ඩ මෙහෙයුම් කෙරෙහි නව අවධානයක් යොමු කරමින් ශ්‍රීලංකන් සිය උපායමාර්ගය ක්‍රියාවට නංවා තිබේ. මේ අනුව, අනෙකුත් බොහෝ ගුවන් සමාගම් ඔවුන්ගේ ගුවන් යානා බොහොමයක් ගොඩබෑස්සවීමට සිදු වූ අවස්ථාවක සිය ගුවන් යානා ඇණිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සමත් විය.

වසංගතයේ දුෂ්කරතා මධ්‍යයේ වුවද, ජාතික ආර්ථිකයට සහාය වීම, සංචාරක ව්‍යාපාරය නංවාලීම, නව ව්‍යාපාර සම්බන්ධ කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සහ විදේශ විනිමය ඉපැයීම සඳහා ශ්‍රීලංකන් සිය කැපවීම ලබා දී තිබේ. පසුගිය වසරේ, ශ්‍රීලංකන්සෝල්,නයිරෝබි; මොස්කව්; පැරිස්; සහ කත්මණ්ඩු ඇතුළු නව ගමනාන්ත කිහිපයකට මෙහෙයුම් දියත් කළේය. ගුවන් සේවය පැරිසියේ IFTM Top Resaසහ මොස්කව්හි OTDYKH LEISURE වැනි ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනවලට සහභාගී වීම ඇතුළුව අදාළ වෙළඳපල තුළ අලෙවිකරණ මුලපිරීම් හරහා නව ගමනාන්තයන් ප්‍රවර්ධනය කරන ලදී.

පසුගිය වසරේ රුසියාව, ප්‍රංශය සහ ඉන්දියාව පදනම් කරගත් සංචාරක වෙළඳ මාධ්‍යවේදීන් සඳහා (FAM) සංචාරයක් පැවැත්වූ පළමු ගුවන් සමාගම බවටද ශ්‍රී ලංකන් පත් විය.මෙම මුලපිරීම්වල ප්‍රතිඵලයක් ලෙස 2021 නොවැම්බර් මාසයේදී මෙරටට සංචාරක පැමිණීම් 44,000 දක්වා ඉහළ ගියේය. ශ්‍රීලංකන් සඳහා නව වසරේ මෙම ධනාත්මක වාර්තා ඇතිවීමත් සමඟ, නව ජවයකින් සහ අවධානයකින් යුතුව ඉදිරියට යමින් එම සාර්ථකත්වය දිගටම පවත්වාගෙන යාමට ගුවන් සමාගම බලාපොරොත්තු වන බවත් පවසයි.

enbsl

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us