ආතල් ගන්න යනවා නම් ඔන්න තැන විවෘතයි ! - කොළඹ වරාය නගරය   Featured

Sunday, 09 January 2022 16:47

කොළඹ වරාය නගරයේ ' මරීනා' නමින් නම් කර තිබෙන ඇවිදින මං තීරුව ජනතා අයිතියට පත් කිරීම අද දින (09) සිදුව තිබේ . ඒ අනුව හෙට සිට ඇවිදින මං තීරුවට පිවිසීමේ හැකියාව ජනතාවට ලැබෙනු ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ඇති පිවිසුමෙන් මෙම ඇවිදින මංතීරුව කරා පැමිණිය හැකි අතර උදැසන 9 සිට සවස 6 දක්වා එය විවෘතව පවතී. එමෙන්ම වරාය නගරයේ කිලෝමීටර් දෙකක් පමණ වන වෙරළ තීරයද හෙට ජනතාව වෙත විවෘත කෙරෙයි.

මේ සමඟම ජනතාවගේ පහසුකම් වෙනුවෙන් පෞද්ගලික සමාගම් කිහිපයකම සේවා ස්ථාන විවෘත වන අතර විනෝදස්වාදය වෙනුවෙන් යෝට් යාත්‍රාවන්( ATV- All Terrain Vehicle) වැලි කඳු සවාරි, ජෙට් ස්කි ජල ක්‍රීඩාවන්, වෙරළ උද්‍යානය, ඇක්වා ගොල්ෆ් පිටිය ඇතුළු ක්‍රියාකාරකම් රැසක් විඳීමට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවට අලුතින්ම එක්වූ ‘දකුණු ආසියාවේ ජගත් මුවදොර’ යන විරුදාවලිය ලත් කොළඹ වරාය නගර භූමිය ලෝක ආර්ථිකයත් සමග උරෙනුර ගැටීම සඳහා ඍජු විදේශ ආයෝජන තුළින් නව ඩොලර් ප්‍රවාහ රට තුළට ලබාගැනීම කෙරෙහි වන මෙරට දැවැන්තම ආර්ථික ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකිය.

පසුගිය සැප්තැම්බර් 17 වන දිනට මෙම සුවිසල් ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වී වසර 7ක් සැපිරිණි.

අනාගතයේදී දකුණු ආසියාවේ පිවිසුම් දොරටුව බවට පත්වනු ඇතැයි සැලකෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, අලුත් නගරයක් මෙන්ම, ජාත්‍යන්තර මුල්‍ය කේන්ද්‍රයක් නිර්මාණය කිරිමේ අඩිතාලම දැනටමත් නිර්මාණය කොට අවසන්ය.

වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් මූලික ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 13 ඉක්මවන නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මෙම ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදල චීන ආයෝජනයකි.

මුහුද ගොඩ කිරීමෙන් නිර්මාණය කරන ලද හෙක්ටයාර 269ක මෙම නව භූමී ප‍්‍රමාණය ශ්‍රී ලංකා රජයේ හිමිකාරීත්වය යටතේ පවතී. මෙම හෙක්ටයාර 269න් හෙක්ටයාර 91ක් පොදු විවෘත ප්‍රදේශ ලෙස වෙන් වේ. මේ වන විට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම රුපියල් බිලියන 1.1 කමුදලක් ආයෝජනය කර එහි භූමිය සකස් කර අවසන්ය. ආයෝජකයන්ට ලබා දිය හැකි වාණිජ බිම් කොටස් 74ක් සඳහා යටිතල පහසුකම් සැකසීමද බොහෝදුරට අවසන් කොට තිබේ. අදියර වශයෙන් එය ආයෝජකයන්ට ලබා දීමට නියමිතය.

ආයෝජන ගෙන්වා ගැනීම පහසු කිරිමට කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුළ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගනු ලැබූවේ පසුගිය මැයි මාසයේදීය. එය ක්‍රියාත්මක කිරීම මගින් කොළඹ වරාය නගරය මෙරටට අත්‍යවශ්‍ය වී පවතින සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්නා, සේවා අපනයනයන් ප්‍රවර්ධනය කරන කේන්ද්‍රයක් බවට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය පසුබිම මෙන්ම, ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ පහසුවද නිර්මාණය කර තිබේ.

වරාය නගරය තුළ සිදුවන සෑම ක්‍රියාවලියක් සහ ගන්නා සෑම තීන්දු තීරණයක්ම ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන නිසා රටේ ස්වෛරීභාවයට කිසිදු හානියක් සිදු නොවන බවද අවධාරණය කළ යුතුය.

ආයෝජන තොරතුරු පිළිබඳව සඳහන් කළහොත්, දේශීය වශයෙන් ව්‍යාපෘතිය සඳහා මෙරට සමාගම් 25ක් පමණ මුල් අදියරේදී ආයෝජනය කිරීමට බලපොරොත්තුවෙන් සිටින බව ව්‍යාපෘති සමාගම පවසයි. ඉන් සමාගම් දහයක් පමණ සෘජු ආයෝජන ද අනෙකුත් සමාගම් 15 මිශ්‍ර ආයෝජන ලෙසද, සිදු කිරීමට බලපොරොත්තුවෙන් සිටින බව සඳහන් වේ.

සංචාරක ගමනාන්තයක් ලෙස කොළඹ නගරයෙහි වැදගත්කම පසුගියදා ජාත්‍යන්තර සීඑන්එන් ආයතනය විසින් අවධාරණයකර තිබූ අතර කොළඹ වරාය නගරය ගොඩනැගෙද්දී කරද්දී සංචාරක කර්මාන්තය පැත්තෙන් මෙය ඉතා වැදගත් අංගයක් වන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

වසර 2041 දී පමණ අංගසම්පූර්ණ වීමට නියමිත, ශ්‍රී ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස කොළඹ වරාය නගරය රටට සෘජු විදේශ ආයෝජන රැගෙන එමින් දකුණු ආසියාවේ මුල්‍ය සහ සේවා කේන්ද්‍රස්ථානය බවට පත්වන බව නොඅනුමානය.

මේ අතර ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂක ආයතනයක් වන PwC සමාගමේ, ශ්‍රී ලංකා කාර්යාලය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ තම නවතම වාර්තාව පසුගිය 2021 නොවැම්බර් 09 දින ආර්ථික කොමිසම හමුවට ඉදිරිපත් කළේය. (PwC නිල වෙබ් අඩවිය මෙම වාර්තාව සම්පූර්ණ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ) සාර්ව ආර්ථික විචල්‍යයන් 5 කට, එනම් රැකියා නියුක්තිය, සෘජු විදේශ ආයෝජන, ගෙවුම් ශේෂය, අගය එකතු කිරීම් සහ රජයේ ආදායම යන අංශ වලට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් ලැබෙනු ඇති දායකත්වය මෙම වාර්තාව තුළදී විශ්ලේෂණයට ලක්කර තිබේ.

ඒ අනුව ඉහළ ආර්ථික වටිනාකමක් සහිත නවීන සේවාවන් වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන්, නාවික සේවාවන් හා මූල්‍ය සේවාවන් යනාදිය සම්බන්ධයෙන් ගත්විට කොළඹ වරාය නගරයට විශේෂ වැදගත්කමක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන කලාපයක් තුළ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබීම, වියදම් අවම වීම සහ විශේෂ ආර්ථික කලාප විධිවිධාන මගින් ව්‍යාපාර කටයුතු සිදුකිරීම වඩාත් පහසු කර තිබීම වැනි සාධක මෙහිදී විශේෂයෙන් බලපානු ඇත. මෙහිදී රැකියා අවස්ථා 175,000 සිට 200,000 ක් දක්වා නිර්මාණයවීමට නියමිතය. සුදුසුකම් සහිත විශේෂඥ විදේශිය වෘත්තිකයන් බහුල වීම හරහා මෙරටට නව තාක්ෂණය සහ දැනුම ලැබීම සිදුවෙනු ඇත.

කොළඹ වරාය නගරයට වන විශාල සංචාරක ආකර්ෂණයක්ද දිනාගනු ඇති බවත් එම වාර්ථාව පවසයි. මූලික සැලසුම යටතේ වරාය නගරය තුළ සුඛෝපභෝගී හෝටල් 4 ක් සහ නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ස්ථාන 5 ක් වෙන්කර ඇති අතර, ඒ අනුව සමස්තයක් ලෙස සංචාරකයන් සඳහා හෝටල් කාමර 2,900 ක් පමණ වෙන්වෙනු ඇත. මේ සියල්ල නිසා කොළඹ වරාය නගරය ලොව පුරා වෙසෙන සංචාරකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වනු ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

මෙය අති-දැවැන්ත නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් නිසා, මෙය සම්පූර්ණ වීමට වසර 20 ක් පමණ ගතවනු ඇති අතර, ඇමරිකානු ඩොලර් බිලියන 12.7 ක පමණ අතිරේක ආයෝජනයක්ද අවශ්‍ය වන බවත් එම ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා මෙන්ම, සමස්තයක් ලෙස රටේ අනාගත සංවර්ධනය අපේක්ෂිත මට්ටම වෙත රැගෙන යාම සඳහා, ගෝලීය වශයෙන් තරගකාරී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වන බවත් එම විශ්ලේෂණ වාර්ථාව පෙන්වා දී ඇත.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හා මෙහෙයුම් කටයුතු සැලසුම් කළ ආකාරයට අඛන්ඩව සිදුවන්නේ නම්, ශ්‍රී ලංකාවට මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇති බව මෙම වාර්තාව පැහැදිලිව පෙන්වා දෙයි. කොළඹ වරාය නගරය රටේ ආර්ථිකය සමග පූර්ණ වශයෙන් සම්බන්ධ කරන්නේ නම්, එහි ඉදිකිරීම් හා මෙහෙයුම් යන අදියර දෙකේදීම, ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් (සෘජු හා වක්‍ර ලෙස) හිමි වනු ඇති අතර, එය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය උදෙසා බලපාන කේන්ද්‍රීය සාධකයක් වනු නො-අනුමාන ය. විශේෂයෙන්ම විදේශීය ආයෝජකයන් හරහා මෙරට අපනයන ආදායම් ඉහළ යෑම අපේක්ෂා කරයි.

- the novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us