කට්ටි පැනීමේ ජාතික සූරයා - පාඨලී - අදත් පනී !

Tuesday, 11 January 2022 21:53

අතනින් මෙතනින් පැන පැන මාරුවෙන කොට කට්ටි පනිනවා යැයි කීමට කිව්වාට අද බොහෝ දෙනා මේ කට්ටි පනිනවා කියන එක ගැන එතරම් නොදන්නා බවට සැකයක් නැත. මේ  වර්ථමානයේ අපේ දරුවන් අතරින් මඟ හැරුණු පරණ සෙල්ලමකි.

කට්ටි පැනීමේ සෙල්ලම ගැන කිව්වොත් දරුවන් පස් හය දෙනෙක් පමණ සහභාගීවී කරන සෙල්ලමකි. සෙල්ලමට සහභාගී වෙන්නන්ගේ ප්‍රමාණය අනුව පොළවේ එක තැනක අඩියක පමණ විශ්කම්භයකින් කුඩා රවුමක් ඇඳ ඒ වටා අඩි කිහිපයක් ඈතින් සමාන පරතරවලින් අනෙක් රවුම් කිහිපයක් ඇඳ ගනී. වටේ රවුම් වල ඉන්න අය ඒ රවුමෙන් රවුමට මාරු විය යුතුය. ඒ අතරේදී මැද රවුමේ ඉන්නා අය, වටේ අය මාරුවෙන අතරේ හිස් වෙන රවුමකට ක්ෂණයෙන් පැන ගත යුතුය. රවුම අහිමි වෙන්නාට මැද රවුමට පැමිණීමට සිදුවෙයි. නැවත් නැවත මෙය සිදු කෙරෙන අතර මෙය කුඩා දරුවන්ට විනෝද ජනක ක්‍රීඩාවකි.

කොහොම නමුත් දේශපාලනයේ දී ද මෙවැනි කට්ටි පැණිම් සිදු වෙයි. එය සිදුවන්නේ තමන්ගේ කියා තැනක් නැති, ඒ කියන්නෙ පක්ෂයක්, ප්‍රතිපත්තිය නැති ඒ ඒ වෙලාවට වාසිය තකා පැත්ත මාරු වීමය. මෙහෙම කට්ටි පැනීම පුරුද්දක් කර ගත් දේශපාලකයෝ විශාල ප්‍රමාණයක් අප රටේ සිටිති. කට්ටි පැනීමේ සෙල්ලමේදී නිශ්චිත පරාජිතයෙන් නැති අතර කට්ටි පනින දේශපාලනය තුළද එහෙම පරාජිතයන් නැත. නමුත් මැද රවුමට නොයා දිගටම වටේ පැන පැන සිටීමට හැකි වන්න නම් ඇත්තටම දක්ෂයෙක් විය යුතුය. පාඨලී චම්පික රණවක කියන්නෙ එහෙම ශූරයෙකි. පාඨලීගෙ ඉතිහාසය් පුරාම ඇත්තේ මේ කට්ටි පැනීමේ දේශපාලනයයි. සමාජවාදය, හරිත සමාජවාදය, ජාතිවාදය, ආගම්වාදය, ලිබරල් වාදය හරහා නව ලිබරල් වාදය ද හිස් මුදුනෙන් පිළිගන්නා තැන දක්වා ඔහු කට්ටි පැන තිබේ. ඒක ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඒ ගමන මේ රට වැසියෝ දැක තිබේ.

ඒ වාගේම පාඨළී තමන්ගේ පුද්ගලික ජීවිතය තුළද ශූර කට්ටි පන්නිනෙක් බවටද ඕනෑ තරම් කතන්දර තිබේ. ඒවාට කොටු පනිනවා කියාද ඇතැමුන් කියති. එහෙත් ඒවා ගැන අපි මෙතන ප්‍රසිද්ධියේ කියන්නෙ නැත. ඒත් මේ කියන්න හැදුවේ අද දින පාඨලී කරපු තවත් කට්ටි පැනීමක් ගැනය. ඒ තමන් වගකිව යුතු රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයෙහි විභාග වන නඩුව මඟ හැරීමට ඔහු පැනපු කට්ට ගැනය. මේ රිය අනතුරේ සිද්ධියේදී ද කට්ටි පනින්නට ගොස් මේ නඩුව වැ‍ටුණු බවත් කිව යුතුය. සමහරු කියන්නෙ කො‍ටු පැන එන අතර මඟදී මේ සිද්ධිය වූ බවය.

රාජගිරිය ප්‍රදේශයේ දී තමන් ධාවනය කළ රියෙහි යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව අද කැඳවා තිබිණි. මේ විත්තිකරුවෝ අද දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු විය. නමුත් පාඨලී ආවේ නැත. ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නෙ ඊයේ රාත්‍රියේදී ඔහු දිසියේ අසනීප වී රොහල් ගත කර ඇති බවයි. වෛද්‍ය වාර්ථාවක්ද ඉදිරිපත් කර තිබිණි. 

ඒවා කොහොම වුණත් මේ කට්ටි පැනීමේ සෙල්ලම ගැන අමුතුවෙන් කියන්න දෙයක්ද නැත. තමන්ට එරෙහිව අධිකරණ කටයුතු වන විට හදිස්සියේම නානා ප්‍රකාර රෝග වලට ගොදුරු වන දේශපාලකයන් ගැන පසුගිය කාල වල ඕණෑ තරම් අප දැක තිබේ. මෙය අධිකරණය සහ මාධ්‍ය මඟ හැරීම වෙනුවෙන් කරණ සුලබ ක්‍රමයකි. ඊයේ වෙනකනුත් පාඨලීට ඉහෙන් බහින රෝගයක් තිබුණේ නැත. මීට පෙර ඔහු එහෙම රෝගයකට ප්‍රතිකාර ගත් බවක්ද වාර්තා වී නැත. එහෙත් අද උදෑසන අධිකරණය හමුවට පැමිණිමට නියමිත්ව බව දන්නා පාඨලී ඊයෙ රාත්‍රියේ අසනීප විය. මේවා රිළි ජෝක් විහිළුය. මේ රටේ පුරවැසියා පට්ට මෝඩයන් ලෙස හිතාගෙන කරන බාලාංශ විහිළුය. අධිකරණයට කළ බරපතල අපහාසාත්මක විහිළුවකි.

කොහොමටත් නීතිය සමඟ, අධිකරණය සමඟ සෙල්ලම් කිරීම, විහිළු කිරීම පාඨලීට නොපුරුදු වැඩක් ද නොවේ. පහුගිය යහපාලන කාලයේදී නීතිය හතරට පහන නවමින් අධිකරණ වලට බලපෑම කරමින් තමන්ගේ දේශපාලන හෝ පෞද්ගලික සතුරන්ට දඬුවම් දීම වෙනුවෙන් දියත් වුණු මර්දන යාන්ත්‍රණයේ ප්‍රබලම සාමාජිකයකු වූයේ පාඨලීය. එය එක අතකින් වියරුවක් මෙන් ක්‍රියාත්මක වූ බව ඒ සම්බන්ධ ඔහුගේ ඇතැම් ප්‍රකාශන් දෙස සාවදානව බලා සිටීමෙන්ද පැහැදිලි වූ තත්වයකි. එදා අනෙකාව ගොදුරු කරගැනීම වෙනුවෙන් නීතිය අධිකරණය සෙල්ලමකට යොදා ගත් පාඨලී අදත් කරන්නේ නීතියෙන්, අධිකරණයෙන් පලා යැමේ විහිළු සහගත සෙල්ලමක් බව පැහැදිලිය.

තමන් වරදක් නොකළා නම් තමන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කිරීමට ඒ සඳහා අවස්ථාව ස්වාධීන අධිකරණය හමුවේ ලබා දී තිබේ. අධිකරණය තිබෙන්නේ පවත්නා නීතිය යටතේ යුක්තිය පසිඳලීමටය. නීතිය හමුවේ සියලු දෙනා සමාන මෙන්ම නීතියට යටත්ය. ඒ නිසා නොකළ වැරදි වලට අධිකරණයෙන් දඬුවම් දෙන්නෙ නැත. වැරදි කළ වුන් අධිකරණයට බිය වූවාට නිවැරදි කරුවන්ට අධිකරණය හමුවේ බිය විය යුතු නැත. මේ නිසා මේ අවස්ථාවේ ප්‍රයෝජනය ගැනීමේ හැකියාවක්, සත්‍ය කරුණමය සාක්ෂි මෙන්ම නිර්භීතභාවයක් තිබිය යුතුය. එහෙත් පාඨලී පලා ගියේය. නැතිනම් සැඟවිය. මේ ඔහුගේ බියගුලු කමය. තක්කඩි කමය, වංක බවය. පීචන් කමය. ජඩ කමය. මෙය මරි මෝඩ කම ලෙසද කිව හැකිය. මන්ද නීතියෙන් පලා යෑමට කොතෙක් තැත් කළද ඒ තාවකාලික අස්වැසිල්ලක් පමණක් වන නිසාය.

අවසන් වශයෙන් කියන්න ඇත්තේ මේ වංක, බියගුල්ලා 2024 ජනාධිපති වන්නට හීන මවමින් සිටින්නෙක් වීම අප තේරුම් ගත යුත්තේ කෙසේද යන්න ගැන පොඩ්ඩක් හිතා බලන්න මේ රටේ පුරවැසියන්ට දැන් අවස්ථාවක් තිබෙන බවය.

 

 

- the novemberist

Last modified on Tuesday, 11 January 2022 21:56

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us