අද තෛපොංගල් දා සිරගෙදර කල්දේරම් බත ඉදුනේ නැත.

Friday, 14 January 2022 16:14

"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ගෙන ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.

පාරම්පරික ගොවි ජනතාව වාර්ශිකව සිය අස්වැන්න නෙ‍‍ලන අවස්ථාව පදනම් කරගෙන සමරනු ලබන මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තූති කිරීම හා බැදී පවතින්නකි. මෙහිදී තම අස්වැන්න සරු වීමට උපකාර කළ වර්ශාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කරනු ලබයි. ගම්බද වැසියන් අලුත් ඇදුමෙන් සැරසී සිටින අයුරු දැකගත හැකි අතර මෙය ගවයන් සතු ජනතාවට බෙහෙවින් වැදගත් උත්සවයක් වේ. පොංගල් උත්සවය ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් හා ලෝවැසි සියළු දමිළ ජාතිකයින් විසින් සමරනු ලැබේ.

තෛපොංගල් උත්සවය දෙමළ ජනතාවගේ සංස්කෘතික භාවිතාවක් පදනම් කරගෙන බිහිවූවත් මෙහි හරය ලෝක වාසි ජනතාවටම වැදගත් පණිවිඩයක් ගෙන එන්නකි. තමන්ට අස්වැන්න ලබා දීමට උපකාර කළ සියලුම පණ ඇති, පණ නැති දේවල් වෙනුවෙන් ස්තූතිය පුද කිරීමේ ගුණය මෙහිදී ප්‍රකට කරවයි. එවැනි දිනයක් උත්සවශ්‍රීයෙන් සමරණ අද දින ජන සමාජයෙන් වෙන්කර තැබීමට ලක් කෙරුණු මිනිසුන් වෙනුවෙනුත් එනම් සිරගත කෙරුණු මිනිසුන් වෙනුවෙන් මේ අවස්ථාව සැමරුමක් කර දෙන්නට මනුස්සකමෙන් පිරිපුන් මිනිසෙකු උත්සාහයක් ගෙන තිබිණි.

ඒ අද දින වැලිකඩ බන්ධනාගාර ‍රැඳවියන් 3000 කට විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ලබා දෙමිනි. මේ අපූර්ව කටයුත්තට මුල පිරිවේ ඇවන්ට්ගාර්ඩ් සමූහ ව්‍යාපරයේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතාය. තමන්ට එරෙහිව එල්ල කළ අභූත චෝදනා මත වැලිකඩ සිරමැදිරියෙහි මාස කිහිපයක්ම රඳවා තබනු ලැබු සේනාධිපති මහතා තමන් ඇතුළු මේ සිරකරුවන් මුහුණ දෙන පීඩාකාරිත්වයන් අත්විඳ ඒ හොඳින් වටහාගත් අයෙකි. සිරකරුවන් යනුද මනුෂ්‍යයෝය යන්න තවමත් මේ සමාජයේ බහුතරය පිළිගන්නේ නැතැයි කීමෙහි වරදක් නැත. එහෙත් සමාජයෙන් බැහැර කළ යුතු, මිනිස් සමාජයට අනවශ්‍ය යැයි අච්චු කෙරූ සත්ව වර්ගයක් කොට ගැරහීමට පාත්‍ර වූ මේ මිනිස් කොට්ඨාශය යළිත් මේ මිනිස් සංහතියේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගත යුතු, යොදා ගත හැකි බව විශ්වාස කරන නිශ්ශංක සේනාධිපති මහතා මේ සිරකරුවන් පුනරුත්තාපනය කිරීම දැවැන්ත වැඩ සටහනකට අත පෙව්වේ මීට කලකට පෙරය.

සිය පෞද්ගලික ධනයෙන් මිලියන සිය ගනනක් මේ මිනිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔහු වැය කළේය. විවිධ හැකියාවන්ගෙන් යුතු මේ මිනිසුන්ට එම හැකියාවන් වැඩි දියුණු කර මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගත හැකි අභිමානවත් පුරවැසියන් බවට පත් කරන්නත්, ඔවුන්ගේ ජීවිත සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගෙ ජීවිත සමෘද්ධිමත් කර සෞභාග්‍යමත් අනාගතයක් උරුම කර දීම ඔහුගේ අවංක ප්‍රාර්ථනාව විය. ඒ අනුව විවිධ අවස්ථා, වැඩසටහන්, වෘත්තීය පුහුණු ආදිය සකස් කරමින් මේ මිනිස් ප්‍රජාව රටේ සමස්ත මිනිස් ප්‍රජාව හා බද්ධ කර සියල්ල යහපත් ලෙස ගොඩනැගීම ඔහුගේ ඉලක්කය විය.

අද දින වැලිකඩ බන්ධනාගරයේ, බන්ධනාගාර රෝහලේ සහ කාන්තා අංශයේ රැඳවියන් 3000 කට තෛපොංගල් උත්සවය වෙනුවෙන් දිවා භෝජනය සඳහා රසවත් බිරියානි සංග්‍රහයක් ලබා දීමට ඇවන්ට්ගාර්ඩ් ආයතනය පියවර ගෙන තිබිණි. හැමදාමත් සිරගෙදර මුළුතැන්ගෙයි සකස්වන නීරස කල්දේරම් බත වෙනුවට බිරියානි බතක් ලැබීම ඔවුන්ගේ සතුටට හේතුවන නිමේශයක්ම පමණක් නොවේ. මීට පෙර අවස්ථා ගනනවකදීම මෙවැනි සංග්‍රහයන් ගනනාවක් ද මේ ර‍ැඳෙවියන්ට ඇවන්ට්ගාර්ඩ් වෙතින් ලැබී තිබිණි. එහෙත් වැදගත්ම දේ මේ බත් පත නොවේ.
මේ මිනිසුන්ද මේ රටේ වැදගත් පුරවැසියන් ලෙස සැලකීමය. සමාජයෙන් වෙන් කර තැබීමේ පීඩනය සමඟ සමාජ වෛරයන්, මානසික කඩා වැටීම්, තවදුරටත් වරදටම පෙළෙඹීමට ඇති ඉඩ කඩ ආදිය මකා දැමීම මේ සංග්‍රහයන්ගේ තවත් අරමුණක් වේ. සෙසු රට වැසියා, තමන් යහපත් පුරවැසියන්ව එළියට එන තෙක් බලා සිටිනවාය කියන පණිවිඩය මේ අනුව මේ ‍රැඳවියන්ට ලැබේ. තවදුරටත් තමන් වෙනස් කොට සැලකීමකට භාජනය නොවන බව ඔවුන්ට දැනවීම, ඒ විශ්වාසය ගොඩනැඟීම වැදගත්ම දේය.

නිශ්ශංක සේනාධිපති මහතා වැලිකඩ රැඳවියකුව සිටියදී ලැබූ අමිහිරි අත්දැකීම් සහ එම තත්වයන් වෙනස් කළ හැකි බවට ඔහු එම සිර මැදිරියේ සිටියදීම සැලසුම් කළ වැඩපිළිවෙල යථාර්තයක් කිරීමට ඔහුට තිබූ ශක්තිය, අධිෂ්ඨානය නිසා අද මේ රැඳවියන්ට යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු තබා ගැනීමට තරම් දේවල් සිදුවෙමින් තිබේ. එම තත්වයන් උදාකරලීම වෙනුවෙන් සේනාධිපති මහතාගේ එළඹුම සත්‍ය වශයෙන්ම අගය කළ යුතු ඉතා ඉහළම මානව ගුණාංගයක් බව කිසිවකුට ප්‍රතික්ශේප කළ නොහැක. කවුරු කෙතරම් අභුත අවලාද නැඟුවත්, ගැරහුමට පාත්‍ර කළත් නිශ්ශංක සේනාධිප්ති, උත්තම මනුෂ්‍ය ආත්මයෙහි නියම ගුණයන් කිසිදා අත්හලේ නැත. ඒ කිසිවකුට සමකළ නොහැකි තරම් උත්තුංග බව අනිවාර්යෙන් සටහන් කළ යුතුය.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us