පෙර අත් දැකීම් නොමැති තත්වයක් හමුවේ යම් ගැටළුකාරිත්වයන්ට මුහුණ දීමේ දී ඕනැම කෙනෙකු ප්‍රථමයෙන් අපහසුතාවයට පත් විය හැකිය. වැරදිම්, අඩු පාඩු, අලාබයන් ආදිය විය හැකිය. කොරෝනා වසංගතය චීනයෙන් ආරම්භ වන විට ඒ සෙසු රටවලට පැතිරෙයි හෝ එහි විනාශකාරිත්වය ගැන තක්සේරුවකට ඒම අපහසු විය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය.

මෙරට සියලුම කලාකරුවන් වෙනුවෙන් නොමිලේ ජීවිත රක්ෂණයක් ප්‍රදානය කිරීමට ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

2021 වසරේ දී විවිධ අභියෝග හමුවේ මෙරට තේ කර්මාන්තයේ වර්ධනයක් වාර්තා වී තිබේ. එහිදී තේ නිෂ්පාදනය, අපනයනය මෙන්ම ආදායම්ද ඉහළ ගොස් ඇති බව තැරැව්කාර සමාගම් පෙන්වා දෙයි.

රාජගිරිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා යළි ඇරඹීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය.

චම්පිකගේ කරුමය

Published in Gossip
Friday, 21 January 2022 01:32

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගිය 11 වෙනිදා කොළඹ මහාධිකරණ කැඳවා තිබු නඩුවට සහභාගී නොවී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටින බව සිය නිතිඥයන් මාර්ගයෙන් දැනුම් දී සිටි රණවක මහතා අද දින නියමිත පරිදි යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ. ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇත.

ඉදිරියේ දී අපේ රටේ රබර් වගාව ද වන වැස්මට ඇතුළත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් වාර්තා වේ.

ඉකුත් සති අන්ත දිර්ඝ නිවාඩුවේ දී මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය විදේශීය සංචාරකයින්‍ ගෙන් කෝටියකට ආසන්න ආදායමක් උපයා ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රටේ සෑම දෙයක්ම රාජ්‍ය සේවය මත රඳා පවතින හෙයින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බව ජනාධිපතිතුමා සියලුම කැබිනට් ලේකම්වරුන් අමතමින් සඳහන් කර තිබෙනවා. නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් කිරීම සම්බන්ධයෙන් එම පත්වීම් ලිපිය, ජනාධිපතිවරයා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී භාර දෙනු ලැබු අවස්ථාවේදී මෙම අදහස් පළ කර ඇත.

Connet With Us