චම්පිකගේ කරුමය

Published in Gossip
Friday, 21 January 2022 01:32

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගිය 11 වෙනිදා කොළඹ මහාධිකරණ කැඳවා තිබු නඩුවට සහභාගී නොවී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටින බව සිය නිතිඥයන් මාර්ගයෙන් දැනුම් දී සිටි රණවක මහතා අද දින නියමිත පරිදි යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

මන්ත්‍රී වරයා පසුගිය නඩු වාරය සඳහා සහභාගී නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාද සැක සහිත වීම නිසා ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් වාර්ථාවක් කැඳවීමටද අධිකරණය කටයුතු කර තිබිණි. එහෙත් පසුවදා අධිකරණ වෛද්‍ය නිලධාරියා මන්ත්‍රීවරයා සිටින රෝහලට යන විට මන්ත්‍රීවරයා ලෙඩ සුවවී ටිකට් කපාගෙන ගෙදර ගොස් තිබිණි.

කොහොම නමුත් අධිකරණ නියෝග මත කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා හෙට දින තමන්ගේ වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුවිය හැකිය. ඒ අනුව වැළදී තිබුණේ ඇත්ත ලෙඩක් ද හොර ලෙඩක්ද කියා හ‍ෙළි වෙනු ඇත.

කොහොම නමුත් අධිකරණය මඟ හැර සිටීමේ දැඩි වුවමණාවක් චම්පික පාර්ශ්වයට තිබූ බව පැහැදිලිය. මන්ද මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස අභියාචනාධිකරණය හමුවේ චම්පික පැවැරූ නඩුවේ තීන්දුව මෙම මස 24 වෙනිදා ලැබීමට නියමිතය. එහිදී තමන්ට වාසිදායක තීන්දුවක් ලැබෙතැයි එම පාර්ශ්වය කල්පනා කරමින් ඇත. එතෙක් මහාධිකරණය මඟහැර සීටීම තාර්කික ප්‍රයත්නයකි. එම නිසා අද දිනයේදී ද නඩුව දිගහැර ගන්න නොදී යම් උපක්‍රම පාවිච්චියට නොගත්තොත් පුදුමය.

කෙසේ නමුත් තමුන් නිවැරදි නම් නඩු පිට නඩු වැටුණත් බිය වන්නට, සැඟවී පලා යන්නට හෝ නීතියේ හිඩැස් හොයමින් දඟලන්නට හේතුවක් නැත. අධිකරණයෙහි ස්වාධීනත්වය පිළිගන්නවා නම්, ඒ විශ්වාස නම් නීතියට බිය විය යුතුද නැත. නමුත් චම්පිකගේ බිය සාධාරණය. මන්ද යහපාලන යුගයේදී තමුන් සහ එම ත්‍රාඩ පාලනය විසින් නීතිය අධිකරණය සමඟ කළ සෙල්ලම චම්පික ඉතා හොඳින් දන්නා නිසා වත්මන් පාලනය යටතේත් එවැන්නක් සිදුවෙනු ඇතැයි ඔහු කල්පනා කරනවා විය හැකිය.

එහෙත් එදා මෙන් දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්න අරලියගහ මැදුරේ පිහිට වු රහස් කමිටු අද නැත. නීතිය නවන පොලිස්පතිලා නැත. අධිකරණ විනිසුරන්ට බලපෑම් කරන රංජන්ලා වගේ මැති ඇමැතිවරුද නැත. මේ නිසා චම්පිකට බය වෙන්න දෙයක් නැත ස්වාධී අධිකරණය සියල්ල කිරා මැන බලා යුක්තිය පසිඳලා වඩා සාධාරණ තීන්දුවක් දෙනු ඇත. එහෙත් චම්පික බිය විය යුත්තක් ඇත. ඒ තමුන්ගේ කරුමයටය. එනම් තමුන් කළ කී දේවල පළවිපාකයන්ය. මේ කරුමය පස්සෙන් පන්නනවා. රිටර්න් එක දෙන්න.. ඒකෙන් නම් ගැලවිල්ලක් ලැබෙන එකක් නැහැ.

- the novemberist

Last modified on Friday, 21 January 2022 01:35

Leave a comment

ld add copy

Connet With Us