චීනය අපේ බත් බඩගිනි නිවයි  

Published in පුවත්
Wednesday, 19 January 2022 12:09

චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

එම සහල් ප්‍රමාණය මාර්තු මාසයේ දී මෙරටට ලැබීමට නියමිතය.

රබර් - සහල් ගිවිසුමට වසර 75ක් සැපිරීම හේතුවෙන් චීන රජය විසින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ.

ප්‍රශ්නය - චීනයෙන් ගෙන්වන හාල් කාබනික පොහොරවලින් හදපු ඒව ද?

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම -

"ඔබ සඳහන් කරපු ආකාරයට වියයුතුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් මේ මොහොතේ අවංකවම ඒ පිළිබඳව ඒක කාබනික වගාවකින් ගත්ත අස්වැන්නක් ද ? නැද්ද ? යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ඔබට දෙන්න තරම් දැනුවත්කමක් මටත් මගේ මිත්‍රයින් දෙපළටත් මේ වෙලාවේ නෑ. සමාවෙන්න. අපි බන්දුල ඇමතිතුමාගෙන් අහලා ඔබව දැනුවත් කරන්නම්."

 

adaderana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us