News Items (18842)
බොලඳ සිහින සියල්ල මේ වසරේ සුනුවිසුනු වී යනවා - කබ්රාල්
රටේ ආර්ථිකය අද හෙට කඩා වැටෙයි කියා පුන පුනා ප්‍රකාශ කරමින් රටට අහිතකර සිහින දකිමින් සිටින සියලුදෙනාගේ බොලඳ සිහින සියල්ල මේ වසරේ සුනුවිසුනු වී යන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.
සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් ජනතා පොරොන්දුවක් සැබෑවූ වගයි!
රජයේ සේවයට බඳවා ගත් රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසක් ස්ථිර සේවයට අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මකයි.
කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර කරන්නේ නැහැ -ජොන්ස්ටන්
ආරම්භ කර ඇති කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල නව පදිංක උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.
මත්පැන් හා දුම්වැටි බදු ඉවතට ? බදු ප්‍රතිපත්තිය උඩු යටිකුරු කරන කෙටුම්පතක්
මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කරන ලද සමස්ත බදු මුදලින් 25%කට ආසන්න ප්‍රමාණයක් රැස්කිරීමේ බලය මහා භාණ්ඩාගාරයට පැවැරීමට, දැනට පවතින 15%ක් වන වැට් බදු ප්‍රතිශතය සියයට 18% දක්වා ඉහළ නැංවීමට සහ මත්පැන් හා දුම්වැටි සඳහා අයකරන වැට් බද්ද ඉවත් කිරීම ඇතුළු මෙරට බදු ක්‍රමයේ වෙනස්කම් රැසක් සිදුකෙරෙන පනත් කෙටුම්පත් දෙකක් අද (3 වැනිදා) රැස්වන කැබිනට් මණ්ඩල රස්වීමට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම, ආහාර මිල රොකට්ටුවක් වීම සහ භාණ්ඩාගාරය සිඳීයාමත් හේතුවෙන් රට 2022 දී බංකොලොත් විය හැකි බවට ඇති බියත් සමග ශ්‍රී ලංකාව ගැඹුරු මූල්‍ය හා මානුෂීය අර්බුදයකට මුහුණ දෙමින් සිටී.
දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සුදානම් - ජනපති
ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ වඩාත්ම දරුණු ආර්ථික, සමාජීය සහ දේශපාලනනික ඛේදාවාචකයන්ට මුහුණ දෙන වසර වනු ඇත්තේ 2022 වසර වන බවට සැකසංකාවන් මේ වන විට මතුව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.
2022.01.01 අද දිනෙන් නව වසරකට අප පා තබා ඇත..උදා වූ නව වසරේ නැවුම් බව අත්විඳිමින් ලක් වැසියන් සියළු දෙනා නව වසර රස විඳිමින් ඇත. නොනැවතී ඇසෙන රතිඤ්ඤා හඬ කියා පාන්නේ මිනිසුන්ගේ හදවතෙහි ඇති ප්‍රීතියයි..
පාඩු ලබන ආයතන රටට බරක්ද ? ජනපති දැඩි තීන්දුවකට සුදානමින් !
දිගින් දිගටම පාඩු ලබන ආයතන තව දුරටත් රජය යටතේම තබා ගන්නවාද නැතහොත් වෙනත් පාර්ශ්වයකට ඒවා පවරනවාද යන්න සම්බන්ධව දැඩි තීන්දු තීරණ රැසක් ලබන වසරේදී ගැනීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මේ වසරේදී රුපියල් කෝටි 80,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 4ක) ආදායමක් උපයා ගෙන තිබේ. මෙය මෙරට ඉතිහාසයේ ලද වැඩිම අපනයන ආදායමයි.
