ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මන්ත්‍රිවරු පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් රටේ සුබ සිද්ධිය පිණිස රජය ගනු ලබන තීන්දු තීරණ වර්ජන නිසා ආපස්සට නොගත යුතු බවට එහිදී ඉදිරිපත් වූ අදහස්වලට එකඟතාව පළ වූ බවත් ඒ මහතා කීය.
ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකිව මහ භාණ්ඩාගාර මුදල් මත යැපෙත්දීත් සේවකයන් වර්ජන කරමින් එම ආයතන තව තවත් පහළට ඇද දැමීමට කටයුතු කරන බවත් මේවා සම්බන්ධයෙන් ඉදිරි වසරේදි බරපතළ තීන්දු ගැනීමට නියමිත බවත් හෙතෙම අවධාරණය කළේය.
පසුගිය අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට සමඟාමීව මුදල් ඇමාති බැසිල් රාජපක්ෂ පෙනා දුන්නේද රාජ්‍ය අංශය රටට බරක් වී තිබෙන බවය. එසේ මේ වන විට රාජ්‍ය ආයතන 300 ක් පමණ පාඩු ලබමින් තිබෙන බවත් ඒවා සම්බන්ධයෙන් පියවරක් ගත යුතුව තිබෙන බවත් අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාව තුළ පාඩු ලබන සහ දූෂිත ආයතන ගැන කතා කරන විට එහි ඉදිරියෙන්ම සිටින්නේ රාජ්‍ය ආයතන බව නොරහසකි. රාජ්‍ය ව්‍යාපාර රටක ආර්ථිකයට ඉතා ප්‍රබල ශක්තියක් සපයන ආයතන විශේෂයකි. එහෙත් අද ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර ආණ්ඩුවලට මහා බරකි. රාජ්‍ය අරමුදල් ගිල දමන බිහිසුණු රාක්ෂකයෙකි. රජයේ අයවැයෙන් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මේ රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කිරීමට වෙන් කිරීමට සිදුවී තිබේ. ඒවා ආණ්ඩුවට උදව් කරනවා වෙනුවට ආණ්ඩුවේ තියෙන සම්පත් ටිකත් නාස්ති කරමින් ඇත.
රාජ්‍ය ව්‍යාපාර වෙන වෙනම ගෙන කතා කළහොත් විදුලිබල මණ්ඩලය 2019 දී ලබා තිබෙන පාඩුව රුපියල් මිලියන 85,000 කි. තෙල් සංස්ථාවේ පාඩුව 2019 දී රුපියල් මිලියන 12,000 කි. 2018 දී තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් මිලියන 1,06,000 කි. කෝටිවලින් නම් 10,600කි. එයාර් ලංකා සමාගමේ පාඩුව 2019 දී රුපියල් මිලියන 44,000 කි. 2019 දී ජල සම්පත් මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 2100 කි. 2019 දී දුම්රිය සේවය ලැබූ පාඩුව රුපියල් මිලියන 7600 කි. 2019 දී ලක් සතොස ලැබූ පාඩුව රුපියල් මිලියන 3000 කි. ලුණු සංස්ථාවේ 2019 පාඩුව මිලියන 11 කි. එහෙත් ඊට පෙර වසරවල ලංකා ලුණු සංස්ථාව ලාබ ලබා තිබේ.
රාජ්‍ය ව්‍යාපාරවල පවතින මේ අකාර්යක්ෂමතාව රාජ්‍ය මූල්‍යයට නැතහොත් රජයේ මුදල්වලට බලපාන ආකාරය ඉතා භයානකය. රජයේ මුදල් කළමනාකරණයට විශේෂයෙන් අය වැය ලේඛනයට බලපාන ආකාරය ඉතාමත් භයානකය. මක් නිසාද යත් මේ ආයතන නඩත්තුවට අයවැයෙන් වාර්ෂිකව විශාල මුදලක් වෙන්කිරීමට සිදුවී තිබෙන බැවිනි. එසේම මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ගෙවනවාට අමතරව ඒ ආයතන රාජ්‍ය බැංකුවලින් ණය ද ගනී.
රාජ්‍ය ආයතන රාජ්‍ය බැංකුවලින් එසේ මහා පරිමාණයෙන් ණය ගැනීම නිසා රාජ්‍ය බැංකු ද බංකොළොත් වෙයි. බැංකු තිබෙන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට ණය දි දී ඒවා නඩත්තු කිරීමට නොවේ. බැංකු තිබෙන්නේ රටේ සංවර්ධනයට හා ආයෝජනයට ණය දීමටය. බැංකුවල වගකීම විය යුත්තේ රටේ ආර්ථික සංවර්ධනයට දයක වීමය. එහෙත් ඒ වගකීම හා කාර්යභාරය පැත්තක දමා දූෂිත හා අකාර්යක්ෂම රාජ්‍ය ආයතන නඩත්තු කරමින් විනාශය කරා යාමට රාජ්‍ය බැංකුවලට ද සිදු වී තිබේ. දිගින් දිගටම එසේ වුවහොත් වන්නේ රාජ්‍ය බැංකු ද කඩාවැටීමය.
රාජ්‍ය ව්‍යාපාර දියුණු වෙමින් පවතින රටවල පමණක් නොව දියුණු රටවල ද තිබේ. සිංගප්පූරුව, ස්වීඩනය හා නෝර්වේ වැනි සංවර්ධිත රටවල ද රාජ්‍ය ව්‍යාපාර පවතී. එහෙත් අපේ රටේ රාජ්‍ය ව්‍යාපාරවල පවතින තත්ත්වය ගැන රටවැසියන්ට කිසිසේත් සතුටු විය නොහැකිය.
මහජනතාවට අත්‍යවශ්‍යව තිබෙන්නේ ඒ රාජ්‍ය ව්‍යාපාරවලින් විශිෂ්ට සේවයකි. උපරිම සුබසාධනයකි. එහෙත් රාජ්‍ය ව්‍යාපාර පාලනය කරන නියෝජිතයන්ට එවැනි වුවමනාවක් නැත.
ජනතාවගේ සුභසාධනය, යටිතල පහසුකම් වැනි අංශවලට ආයෝජනය කළ හැකි මුදල්. සමහර පාඩු ලබන ආයතන නඩත්තු කරන්නට රජයට වියදම් කරන්නට සිදුව තිබේ. එහෙත් මෙවැනි බරක් දිගින් දිගටම දරා ගැනීමට කිසිම රජයකට හැකියාවක් නැත.
පුද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය ආයතනද ඇත්තෙන්ම ලාබ ලැබිය යුතුය. මේ කියන්නේ හුදු මහජන සුබසාදනය හෝ සමාජ සංරක්ෂණය වෙනුවෙන් වන රාජ්‍ය ආයතන ගැන නොවේ. ලාබයක් අරමුණු කරගෙන පිහිටුවා තිබෙන රාජ්‍ය ව්‍යාපාර ගැනය. මේ රාජ්‍ය ව්‍යාපාර ලාබ ලබන තැනට ගෙන ආ හැක්කේ නිවැරැදි කලමණාකරණයක් සහ දැඩි තීන්දු ගැනීමෙනි. ඒ සඳහා මූලිකව අවශ්‍ය වන්නේ දැඩි දේශපාලන අධිෂ්ඨානයකි. එම අධිෂ්ඨානයේ සිටිමින් එඩිතර තීන්දු තීරණ ගැනීමට හැකි ජනාධිපතිවරයෙක් මේ මොහොතේ රට පාලනය කිරීම මහජනයාගේ වාසනාවකි. එම එඩිතර නායකත්වය මෙම මන්දගාමී ව්‍යුහයන් වෙනස් කරමින් රට සුගතිය කරා ගෙන යාමට ගන්නා උත්සාහයට රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ සහය අත්‍යාවශ්‍යය. එසේ නොමැතිව මෙය ගොඩගත නොහැක. එසේම මේ වෙනුවෙන් මහජනතාවගේ වුවමණාව, ඉලිලීම දැඩි ලෙස අවශ්‍යය. මන්ද මේ ආයතන නඩත්තුවට වැය කරන්නේ මහජන මුදල් නිසාය.
-පංචාලි