ආහාර හිඟයක් නැහැ -පිටකොටුව වෙළඳුන් කියයි ! විපක්ෂය කොර වෙයි ... Featured

Thursday, 30 December 2021 12:25

මෙරට සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බවට දින කිහිපයක සිට පැතිර යන තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිටකොටුව තොග වෙළෙද හුවමාරුවේ නිරීක්ෂණ චාරිකාවක නිතර වුණා.

එහිදී සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් නැති බව පිටකොටුව තොග වෙළෙදුන් සහතික කර තිබෙනවා.

දැනට පවත්නා භාණ්ඩ තොග හා ඉදිරියේ දී ලැබීමට නියමිත භාණ්ඩ තොග පිළිබද මෙහිදී වෙළෙදුන් අමාත්‍යවරයා දැනුවත් කළා. හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීම සදහා අවශ්‍ය තොග පවතින බවයි වෙළෙදුන් මෙහිදී කියා සිටියේ. මේ අතර ඇතැම් ස්ථානවල එළවලු මිලෙහි වැඩිවීමක් පැවතිය ද කොළඹ කොටුව තොග වෙළෙද මධ්‍යස්ථානයේ එළවලු මිලෙහි අඩුවීමක් පවතිනවා.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙසද ප්‍රකාශ කළා,

"වෙළෙඳපොළ තුළ කෘතිම හිඟයක් මවලා සහල් මිළ රු.5/=කින් වැඩි කිරීමට උත්සහ දරන බව පේනවා. නමුත් අද ඔබට පෙනෙනවා ඇති සහල් තොග මෙම පිටකොටුව තොග වෙළෙඳපොල තුළ පවතින බව. ලෝකයේම අස්ථාවර තත්වය තුළ අපේ රට මුහුණ දී ඇති තත්වයේ ඇති අනිසි බලපෑමෙන් ජනතාව අපහසුතාවයට ලක් වීමට ඉඩ නොතබමින් කටයුතු කළ යුතු අවස්ථාවක, ජනතාවගේ පීඩනයෙන් අයුතු ප්‍රයොජන ගැනීමට මෙවැනි පාර්ශ්ව කටයුතු කරනවා. ඕනෑම අයෙකුට මෙම ස්ථානයට පැමිණ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගත හැකියි. කෙසේ නමුත් ලංකා සතොස හරහා තවදුරටත් අපි ජනතාවට සහන ලබා දෙනවා. වෙළෙඳපොළේ කිසිදු හිඟයක් ඇති වීමට ඉඩ නොතබමින් වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමට අවශ්‍ය ඩොලර් අද දින මුදා හැරීමට රජය විසින් කටයුතු සලසනු ලැබුවා. කුමක් සිදු වුවත් අපි ජනතාවගේ ස්වෛරීත්වයට, නිදහසට බලපෑම් කරන අන්දමේ තීරණ ගනිමින් ජාත්‍යන්තරයට යන්න බලාපොරොත්තුවක් නැහැ. කුමන හෝ ක්‍රමවේදයකින් අපි ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බව අවධාරණය කළ යුතුයි."

එපමණක් නොව අමාත්‍යවරයා මෙලෙස නිරීක්ෂණ චාරිකාවෙහි යෙදෙන අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුරකතන ඇමතුමක් ලබා දෙමින් සහල් හිඟයක් පවතින්නේ දැයි අමාත්‍යවරයාගෙන් තොරතුරු විමසා තිබෙනවා.

විපක්ෂය විසින් මෙරට ආහාර හිඟයක් ඇති බවට මුසා පවසමින් ජනතාව මං මුලා කිරීමට වෙහෙසෙන බව පෙනේ..ඔවුන් උත්සහ කරන්නේ වෙළඳපොළ තුළ භාණ්ඩ හිඟයක් පවතින බව කියමින් පවතින සාමාන්‍ය ඉල්ලුම වැඩිකර අධි ඉල්ලුම මත භාණ්ඩ හිඟයක් මවා පෑමය. පොලිම් යනු එවැනි නොමඟ යෑම් වල ප්‍රතිපලයක් මිස ඇත්ත භාණඩ හිඟයක් නොවෙයි.

එහෙත් විපක්ෂය බලාපොරොත්තුවන එම හිඟය මෙරට තුළ නොමැති බව පිටකොටුව තොග වෙළදුන්ම පාපොච්චාරණය කරමින් සිටි. මෙරට නැති හිඟයවල් මවමින් විපක්ෂය මේ ගෙන යන නාඩගම, සිහියක් බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට වටහා ගැනීම අපහසු නොවේ. අපට කියන්නට ඇත්තේ විපක්ෂය ප්‍රාර්ථනා කරන ලෙස මෙරට එවන් හිඟයකට මුහුණ දෙන්න යම් ලෙසකින් හෝ සිදු වුවහොත් එට වැසියාට සාගතේ මිය යාමට වත්මන් ආණ්ඩුව ඉඩ තබන්නේ නැති බවත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සක්‍රීයව ක්‍රියාකරනාකාරයෙන් පැහැදිලියි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙරට ජනපති ධුරයෙහි පත් වූ දා සිට මේ දක්වා මෙරට මුහුණ පෑ සියලු අභියෝගයන් සාර්ථකව ජය ගනිමින් සිටින්නා සේ එවන් අර්බුදයකදීද සාර්ථකව මුහුණ දෙමින් අවශ්‍ය පිළියම් කරනු ඇති බව විපක්ෂයේ බොරු බේගල් වලට හසුව සිටින රටවැසියන්ටත් අවධාරණය කළ යුතුයි.

-පංචාලි

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us