ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනයට IOC සමඟ තෙල් සංස්ථාව නව සමාගමක් පිහිටුවයි

Published in පුවත්
Wednesday, 29 December 2021 10:59

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ "ට්‍රින්කෝ ටර්මිනල් ලිමිටඩ්" නමින් එම සමාගම පිහිටුවිමට නියමිතය.

ලංකා අයි.ඕ.සී සමාගම ඇතුළු ඉන්දියාවේ තවත් පාර්ශව කිහිපයක් සමග එක්ව ත්‍රිකුණාමලයේ පිහිටි එම තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට අදාළ ගිවිසුම් මාසයක් ඇතුළත අත්සන් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් අබේසිංහ මහතා පැවසුවේය. එහි 49%ක කොටස්වල අයිතිය ලංකා IOC සමාගම වෙත දීමට යෝජනා වී තිබේ

දැනට ලංකා අයි.ඕ.සී සමාගම යටතේ පවතින තෙල් ටැංකි 14ට අමතරව සෙසු තෙල් ටැංකි 85ක් මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් යටතට පත් කිරීම පිළිබඳව මාස 16ක් පුරා සාකච්ඡා පැවැත්වූ බවත් මාසයකින් අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා 'ද හින්දු' පුවත්පතට ද පවසා තිබිණි.

මේ සතියේ කැබිනට් රැස්වීමක් නැති බැවින් ඒ පිළිබඳ තීරණය මීළඟ කැබිනට් රැස්වීමේදී අනුමත කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. මේ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කළේ ආර්ථික ආධාර ගැනීමට පෙර බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙම තෙල් ටැංකි සංකීර්ණය බ්‍රිතාන්‍යන් 1924-1930 කාලයේදී දෙවන ලෝක යුද්ධයේදී තමන්ගේ ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරනු ලැබූවක්. එමෙන්ම ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව මෙම ටැංකි ඉදිකරනු ලැබුවේ මීටර් 30ක් පමණ වන සොභාවික ගැබුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය හරහා ශ්‍රී ලංකාව මේ ආසියානු කලාපයේ බලශක්ති සහ නාවික කේන්ද්‍රස්තානයක් මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා නැව් වලට තෙල් සැපයීමේ මධ්‍යස්ථානයක් කිරීමේ අරමුණකිනුත් යුතුවය.

ඒ අතරේම 1960 - 1970 දශකයේදී ශ්‍රී ලංකාව ආර්ථිකය සංවෘත කිරීමත් සමඟම එවකට පැවති විදේශීය බලශක්ති සමාගම් වලට ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙස නියම කිරීමත් ඒවා රජය පවරා ගැනීමත් අපේ බලශක්ති කෙන්ද්‍රස්ථාන සිහිනය බොඳවිය. ඒ සමගම එතැන් පටන් තෙල් ටැංකි 100න් තෙල් ටැංකි 15ක් පමණක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2002 දක්වා භාවිතා කළේය. පැවැති යුදමය කාල වකවානුව නිසා එම තෙල් ටැංකි භාවිතයට යම් අවදානමක් තිබූ නිසා ඒවායේ තෙල් ගබඩා කිරීම අත්හිටුවනු ලැබීය. ඒ සමඟ ජාතික සම්පතක්ව තිබූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ ත්‍රිකුණාමලය වරාය අප ජාතික අපරාධයක් බවට පත් කරගත්තා යැයි කීම නිවැරදිය.

අනතුරුව 2002 වසරේදී ශ්‍රී ලංකාව ඉන්දියානු ඔයිල් සමාගම (Lanka IOC) සමාගමට වසර 35කට බදු පදනම යටතේ මෙම තෙල් ටැංකි 15 ක් ලබා දීමෙන් සහ මෙම තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනයට එකඟවීමෙන් Ceylon Petroleum Storage Terminals Ltd සමාගමේ කොටස් වලින් තුනෙන් එකක් Lanka IOC සමාගම 2002 වසරේදී මිලදී ගනු ලැබීය. නමුත් පැවති යුදමය තත්ත්වය යටතේ IOC භාවිතා කළ ටැංකි 15 හැර අනෙක් තෙල් ටැංකි නිසි ලෙස භාවිතයට ගැනුණේ නැත. මේ පිළිබදව නැවත සාකච්ඡාවක් 2018 වසරේදී එවකට සිටි ඛනිජ තෙල් අමාත්‍යවරයා ඉතිරිව තිබූ තෙල් ටැංකි 85න් තවත් 15ක් Lanka IOC සමාගමට සංවර්ධනය සඳහා ලබා දීමට සැලසුම් කළත් පටු දේශපාලන විරෝධතා නිසා ඒ වැලැකිණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව එදා එපා කියා පන්නා ගත් බලශක්ති විදේශ සමාගම් වලට සිංප්පූරුව ආයොජනය සඳහා ආරාධනා කිරීමත් ඒ වෙනුවෙන් කැප වීමත් සමඟ අද වන විට ලෝකයේම විශාලතම බලශක්ති සහ නාවික කේන්ද්‍රස්ථානයක් බවට සිංගප්පූරුව පත්ව තිබේ. අද ශ්‍රී ලංකාව වැඩිපුර තෙල් ලබා ගන්නේත් සිංගප්පූරුවෙන්ම වන අතර කලාපයේ සහ ලෝකයේ ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට සිංගප්පූරුව පත් වුණේ එම මොහොතේ ශ්‍රී ලංකාව ගත් වැරැදි උපාය මාර්ගික තීරණය හේතුවෙන් බව සාදක සහිතව ඔප්පු වූ කරුණකි.

සිංගප්පූරුව ගමන් කළ මාර්ගයේම ගමන් කළ ඩුබායි රාජ්‍යයත් අද කාන්තාරයක්ව පැවති බිම වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගනු ලැබුවේ විදේශීය ආයෝජන නිවැරදි ඉලක්කයක් අරමුණක් සහිතව ගෙන්වා ගැනීමට සමත් වීමෙනි.. ඔවුන් නාවික කටයුතු වලින් පමණක් වසරකට උපයන ආදායම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වඩා වැඩිය.

කෙසේ වෙතත් මෙම තෙල් ටැංකි සංකීර්ණය මහා ජාතික සම්පතක් යැයි කියමින් ශත වර්ශයකට ආසන්න කාලයක් තුළ කයිවාරු ගැසීම හැර තෙල් ටැංකිවලින් අත්පත් කරගත් ආර්ථික ප්‍රගතියක් නොමැති බව කණගාටුවෙන් වුව සඳහන් කළ යුතුය. IOC සමාගමට බදු දීමෙන් ලැබෙන රාජ්‍යභාග්‍ය හා බදු මුදල් නොවෙන්න තත්වයන් මීට වඩා කණගාටුදායකය. සත්‍ය වශයෙන්ම මේ තෙල් ටැංකි සංකීර්ණය සැබෑ ජාතික සම්පතක් වන්නට නම් මෙයින් ප්‍රයෝජනයක් ගෙන එහි ප්‍රතිලාභ ජාතික ආර්ථිකයට එකතුවිය යුතුය.

එහෙත් වසර 100කට ආසන්න කාලයක් භාවිත කර නොමැති තෙල් ටැංකි නැවත භාවිතා කළහැකි තත්ත්වයටපත් කිරීමට ඩොලර් බිලියන කිහිපයක විශාල ආයෝජනයක් අවශ්‍යයය. එය මේ රටට තනිව දැරිය නොහැකි බව අමුත්වෙන් කිව යුතු නැත. අනිවාර්යෙන්ම විදේශීය ආයෝජනයක් අවශ්‍යය. එමෙන්ම ඛනිජ තෙල් සංස්ථාව යනු අකාර්යක්ෂමතාවය, පටු දේශපාලනික කාරණා සහ වෘත්තීය සමිති මාෆියාව නිසා නිසා විශාල ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබෙන ආයතනයකි. එවැනි අයතනයක් මඟින් අධි වේගයෙන් සංවර්ධනය විය යුතු දැවැන්ත බලශක්ති ව්‍යාපාරයකට අවශ්‍ය ගුණාංග කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. මේ නිසා නිසි කලමණාකරණයක් සහිත ව්‍යාපාරික විනය සහිත දැවැන්ත ආයෝජකයකු මේ වෙනුවෙන් අවශ්‍යය.

එම නිසා මේ නාමමාත්‍රික ජාතික සම්පත රටට වැඩදායක කරගැනීම වෙනුවෙන් වත්මන් රජය ගෙන තිබෙන පියවර නිවැරදිය. එය වඩා වාසිදායක ලෙස යොදවා ගැනීමට රජය සමත්වීමේ ප්‍රමාණය අනුව මෙම ආයෝජන ගිවිසුම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වන දැවැන්තම විදේශීය ආයෝජනය වනු ඇත.

 

- the novemberist

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us