කොරහේ කිඹුලන් පිහිනමින් සිටින බව රනිල්ට පෙනීම !

Published in පුවත්
Wednesday, 29 December 2021 13:02

පසුගිය මහ මැතිවරණයෙන් එජාපයට හිමිවූ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය හිමිකරගෙන පාර්ලිමේන්‍තුවට පිවිස සිටින එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ දා සිට බොහෝ සන්ත්‍රාස ජනක ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

ඔහු ආ සැනින්ම කිව්වෙ රටේ මහා ආර්ථික අර්බුදයක් ඇති බවත් වහාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යා යුතු බවය. ඊයේ පෙරේදා වෙනකනුත් රනිල් මෙය කියමින් සිටී. නමුත් රනිල් කියන ආර්ථික ආර්බුදයක් රටේ ඇත්තේ නැත.

විදේශ විනිමය ගැටළුව මේ වෙන කොටත් විසඳා ගැනීමේ වැඩ කටයුතු සිදු වෙමින් තිබේ. නමුත් ආණ්ඩුව මුල්‍ය අරමුදලට ගියේ නැත. එහි බරපතල කොන්දේසි පිළිගනිමින් ණය ගන්නවාට වඩා ශ්‍රි ලංකාවේ ඓතිහාසික මිතුරකු වන චීනයෙන් කොන්දේසි විරහිතව විදේශ විනිමය ඩොලර් බිලියන 1.5 ක් අද දින ලැබී තිබෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ වන විට ප්‍රකාශ කර තිබේ.

මහ බැංකු අධිපතිවරයා පසුගිය ඔක්තෝබර් මස ඉදිරිපත් කරන ලද ඔහුගේ සය මාසික මාර්ග සිතියම අනුව ඔහු තිර ලෙසම පැවැසූවේ මේ දෙසැම්බර් වන විට මෙරට විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 3 දක්වා ඉහළ දමන් බවය. ඒ අනුව ඔහු එය සිදු කර පෙන්වා තිබේ.

මීට අමතරව තවත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ගනනාවක් සිදු කරමින් මෙරට ආර්ථික ගැටලු විසැඳීමට උත්සහ කරමින් සිටී. එතකින් නොනැවති රටේ අපනයන ආදායම් වැඩි කරගැනිමට, සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීමට, විදේශීය ශ්‍රමිකයන්ගේ ආදායම් මෙරටට ඉක්මනින් ලබාගැනීමට ඔහු ආකර්ෂණීය වැඩ පිළිවෙලක් දියත් කර තිබේ. ඒවා සාර්ථක වෙමින් තිබේ.

බටහිර රාජ්‍යයන් සහ බටහිර ගැති ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රි ලංකාවට එරෙහිව කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් සිටියදී වත්මන් ජනාධිපතිවරයාත් මහ බැංකු අධිපතිවරයාත් ශ්‍රී ලංකාවේ මිතුරන් සමඟ රට ගොඩනැංවීම වෙනුවෙන් ගන්නා ධෛර්ය සම්පන්න මෙහෙයුම සාර්ථක වෙමින් තිබේ.

මේ අනුව රනිල්ලා සජිත්ලා අනුරලා කියන ආර්ථික අර්බුද පැමිණීමේ අවදානම දැන් පහව ගොස් ඇත. කන්න බොන්න නැතිව මේ රටේ මිනිස්සු කොහොමටත් මැරෙන්න ඉඩක් නැත. ආහාර හිඟයන් පැමිනීමට කිසිසේත්ම ඉඩක් නැති බව අදාල රජයේ බලධාරී සහතික කර තිබේ. මේ නිසා විපක්ෂය බලාපොරොත්තු වන ආහාර හිඟයන් ඇවිත් , රට බංකොලොත් වී , මිනිස්සු පාරට බැහැලා, ආණ්ඩු පෙරළා, විපක්ෂය බලය ලබා දීමට කටයුතු කරනු ඇතැයි විපක්ෂය බලා සිටියද එය වෙන්නෙ නැත.

ඒ කුමක් වුණත් රජය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා කවර ක්‍රියාමාර්ගයක් වුවද විපක්ෂය විසින් එය විනාශ කර මිනිස්සු පාරට බස්සවා රට අවුලෙන් අවුලට පත් කිරීමට කටයුතු කරනු ඇත.. මේ වන විටත් එහෙම උත්සාහයන් ගනිමින් තිබෙන බවත් පැහැදිලිය. මේ දේශපාලන උගුල් වල නොපැටලී මිනිස්සු සිහිකල්පනාවෙන් නොසිටීම වුවහොත් රට බංකොලොත් වීම සිදු විය හැකිය. එහෙත් එම තත්වයට රට පත්වීමට වත්මන් පාලනය ඉඩ නොදෙන බවත් සහතිකය. ඉතිහාසයේ රට ඇද වැ‍ටුණු අමාරුම අවස්ථාවල දී එය ගොඩගත් රාජපක්ෂ පරපුරේ නායකත්වය රටට හිමිව තිබෙන තුරා මේ රට වැටෙන්නෙ නැත. එය ඉතිහාසයේ අත්දැකීම වලින්ම ඔප්පු කර තිබෙන්නෙකි.

රනිල්ල සජිත්ලා අනුරලා කොරහේ කිඹුලන් සිටින බව කොතෙකුත් කිව්වද ඒ සත්‍යයක් වනන්ට ඉඩක් නැත. එහෙම වෙන්න නම් මේ රටේ ම්නිසුන් උන්මත්තකයන් විය යුතුය.

මේ සම්බන්ධව ඊයේ රනිල් පැවැසු කතාව,

තමන් මුහුණ දී තිබෙන ප‍්‍රශ්න හේතුවෙන් ජනතාව කෝප වී ඇති බවත්, කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වුවහොත් එය ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප‍්‍රකාශයක් කරමින් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

‘ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්, රැකියා නැතිවන බවත්, මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්, ගොවීන් අතරමංවී ඇති බවත්, මේවාට විසඳුම් අවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කොවිඞ් වසංගතය පැවතියද 2020/2021 වර්ෂයේ රටවල් ගණනාවක් ආර්ථික ප‍්‍රගතියක් පෙන්වා දී තිබෙනවා. මේ මොහොතේ ආණ්ඩුවේ ප‍්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීමයි. නමුත් මේ වන විට ඒ දෙකම සිදු වී නොමැති බව පෙනී යනවා. එමෙන්ම මේ වන විට රටේ ජනතාව දැඩි කෝපයෙන් පසු වෙනවා.

මීට අමතරව රට තුළ ඇතිවීමට නියමිත ආහාර හිඟය අප මුහුණ පා සිටින තවත් ප‍්‍රශ්නයක්. ලැබී තිබෙන ආරංචි මාර්ගවලට අනුව සිංහල අලූත් අවුරුදු කාලය වන විට රට තුළ ආහාර හිඟයක් ඇතිවෙනවා.
බොහෝ ප‍්‍රදේශවලින් වාර්තා වන පරිදි මේ කන්නයේ අස්වැන්න ගිය කන්නයේ අස්වැන්න හා සසඳන විට 60 % ක ප‍්‍රමාණයකින් අඩු වෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් අපට මුහුණ දීමට සිදුවන දේශපාලන පසුබිම ගැන ද සිතිය යුතුයි. මේ තත්ත්වය මත කෝප වන ජනතාව අතර පිපිරීමක් ඇති වනවා. ඒ පිපිරීම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපායි. ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡා වහාම අවසන් කළ යුතුයි.

ණය ලබා ගැනීමෙන් හෝ භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නැහැ. නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ආණ්ඩුව ක‍්‍රියාත්මක කළ යුතුයි'' යනුවෙන් සදහන් කර තිබේ..

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us