ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී  සිදුකෙරිණ.

ආණ්ඩුවට එරෙහිව ගොඩනැඟෙන ජනතා අප්‍රසාදය සහන මලු බෙදීමෙන් යටපත් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා පවසයි.

ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතුවී තිබෙන බවත් ජනාධිපතිරයා, මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තිබෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 51,000ක් ස්ථීර පදනමින් සංවර්ධන නිලධාරී තනතුර සඳහා අනුයුක්ත කර තිබේ.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ලැබෙන අධික ඉල්ලුම හේතුවෙන් මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ්‍රිතව නව පොල් අපනයන කලාපයක් නිර්මාණය කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා තිබෙනවා.

පසුගියදා ජාත්‍යන්තර සංන්නිවේදන සමාගමක් වන සී එන් එන් (CNN) හි වෙබ් අඩවියෙහි 2022 වසරේ සංචාරය සඳහා හොඳම ස්ථාන කිහිපයක් නම් කර තිබිණි. එහිදී ශ්‍රි ලංකාවේ කොළඹ නගරය ගැන අවධාරාත්මක සටහනක් එක් කරමින් සංචාරය සඳහා ‍තෝරා ගත හැකි හොඳම නගරයක් ලෙස නම් කර තිබිණි.

රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් ඇමැතිරයාව ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිරයා ගත්තේ නිවැරදි තීන්දුවක් බවත් මෙය මීට පෙර ගතයුතුව තිබු තීන්දුවක් බවත් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ ආරම්භ කොට වසර 36 කට පසු පසුගිය වර්ෂයේදී රුපියල් මිලියන 1360 ක ලාභයක් වාර්තා කර තිබේ. ඒ අනුව සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් පසු වැඩිම ලාභයක් උපයා ඇත්තේ පසුගිය වසරේදීය.

මුදල් අමාත්‍ය වරයා ඊයේ දිනයේදි ප්‍රකාශයට පත් කරන ලද දැවැන්ත සහන මල්ල ලබා දුන්නේ කොවිඩ් අර්බුද නිසා ඇති වී තිබෙන ජීවන වියදම් ඉහළ යාම නිසා වන පිඩනයෙන් ජනතාව මුදවාගැනීම වෙනුවෙන් පමණක් බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිළ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසන ලදී.

Connet With Us