ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වළක්වා ගත්තා...- චන්න ජයසුමන

Published in පුවත්
Monday, 03 January 2022 14:57

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුනක් ඉක්මවූ පුද්ගලයන්ට තුන්වන මාත්‍රාව ලබා දීමට රජය ගනු ලැබූ සෘජු තීරණය හේතුවෙන් මෙරට ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වළක්වා ගැනීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි .

ඔමික්‍රෝන් ප්‍රභේදය, අමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල දරුණු වසංගත තත්ත්වයක් ලෙස පැතිරෙමින් පවතින බවත් ශ්‍රී ලංකාව තුළ එවැනි තත්ත්වයක් උදා නොවූයේ corona ප්‍රතිශක්තිකරණ දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් මාස තුනකට පසුව booster dose එක ලෙස තුන්වන මාත්‍රාවක් ලබාදීම නිසා බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙවැනි ආකාරයේ තුන්වැනි මාත්‍රාව ලබා දීම පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ චෝදනා එල්ලවන මොහොතක තුන්වැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට රජය විසින් ගනු ලැබූ සෘජු තීරණය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකියාව ලැබුණු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද දින අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඊයේ සවස් වනවිට හතළිස් ලක්ෂ හත්තෑ දහස් තුන්සිය පනස් දෙනකු booster එන්නත ලබාගෙන ඇති බවත් විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ආරක්ෂක අංශය ඇතුළු රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින සියලු දෙනාමපාහේ තුන්වැනි මාත්‍රාව ලබාගෙන අවසන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙරට සියලු දෙනාට අවශ්‍ය තුන්වැනි මාත්‍රාව ලෙස ලබාදෙන ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය මේ වන විට රටට ගෙන්වා ඇති බැවින් ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට තුළ පැතිරීයාම වළක්වා ගැනීම සඳහා දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් ඉක්මවූ සියලු දෙනා තුන් වන මාත්‍රාව ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us