රජයේ සේවකයන්ට රුපියල් 5000ක දීමනාවක්  

Published in පුවත්
Monday, 03 January 2022 21:43

සියලුම රජයේ සේවකයන්ට ජනවාරි මාසයේ සිට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
ඊට අමතරව සියලුම විශ්‍රාමිකයන්ටද මෙම රුපියල් 5000 දීමනාව හිමිවෙයි. සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් 3500 දීමනාවට තවත් රුපියල් 1000ක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මීට අමතරව සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධද සියලුම බදු වලින් නිදහස් කරන බව මුදල් අමාත්‍යවරයා පැවැසීය.
ගොවි ජනතාවගේ අස්වැන්න අඩුවුණොත් වන්දි ගෙවන බවට ජනපතිවරයා සහතික වූ බවත් අස්වැන්න අඩුවන ගොවීන්ට වී කිලෝවකට රුපියල් 25ක දීමනාවක් රජයෙන් ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඒ අනුව වී කිලෝවක් සඳහා රුපියල් 75ක සහතික මිලක් ගොවියට ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.
මීට අමතරව පර්චස් 20ට අඩු ගෙවතු වගා වෙනුවෙන් රුපියල් 5000ක් හා පර්චස් 20ට වැඩි අක්කරයක් දක්වා වගා කිරීමේදි රුපියල් 10000ක් ලබාදෙන බවත් මුදල් අමාත්‍යවරයා පැවැසීය.
වතුකම්කරු පවුලක් සඳහා තිරිඟු කිලෝ පිටි කිලෝ 15ක් රුපියල් 80 බැගින් ලබාදීමට තීන්දු කර ඇති බවත් සේවක අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචි සේවකයන්ට මෙය ලැබෙන බවත් ඔහු පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us