සාමාන්‍යයෙන් මෙරට සම්බන්ධයෙන් යටත්විජිත යුගයේ සිටම ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයෙහි නිතරම උත්කර්ශයට නංවන්නේ මෙරට ස්වභාවික හරිත පරිසරය, සුන්දර වෙරළ තීරය සහ ඓතිහාසික නටබුන් ගැනය. ශ්‍රි ලංකාව විසින් ද සිය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා නිතර යොදා ගන්නෙත් මේ සාධකයන්ය.
සී එන් එන් වෙබ් අඩවිය මෙවර කොළඹ නගරය ගැන කරන සටහන එම නිසාම සුවිශේෂීය. ලෝකයේ සෙසු රටවල් හා සංසන්දනය කිරීමදීත් කොළඹ යනු ඓතිහාසික නගරයකි. ශ්‍රි ලංකාව පුරාතනයේ පටන් ලෝකය හා ගනුදෙනු කිරීමේ ප්‍රධාන දොරටුවක් වූයේ කොළඹ වරායය. ඉන්දියානු ආශ්‍රිත කලාප වල සම්බන්ධතා ත්‍රිකුණාමලය, මන්නාරම නැව් තොට වැඩි වශයෙන් පාවිච්චි වුණද ජාත්‍යන්තර දේශ ගවේශකයන් ශ්‍රී ලංකා පොළවට පය තැබුවේ කොළඹ හෝ ගාල්ල නැව්තොට වලිනි. විශේෂයෙන්ම යුරෝපීයයන්ගේ නැංගුරම් තොටුපොලවල් වූයේ කොළඹ හෝ ගාල්ලය. රෝම ශිෂ්ඨාචාර යුගයේ සිටම කොළඹ වරාය වැදගත් සාගර සංදිස්ථානයක්ව පැවැතිනි. කොහොම නමුත් දන් සියවස පහක හයක පමණ කාලයක සිට යුරෝපීයයන්ගේ පැමිණීම හෝ ආක්‍රමණයන් නිසා ශ්‍රි ලංකාවේ වැදගත්ම වරාය බවට කොළඹ පත් විය. මේ සම්බන්ධතාවයන් නිසා කොළඹ නගරය ලංකාවේ විශාලතම නාගරික ප්‍රදේශය බවට පත් විය.
මේ තත්වයන් මත ඓතිහාසික ගොඩනැගිලි රාශියකින් කොළඹ නගරය වසා ගත් අතර විදේශිකයන්ගේ පැමිණිම නිසා කොළඹ නාගරිකය තුළ සාමාජීය සහ සංස්කෘතික නව්‍යකරණයන්ට නිරන්තරයෙන් ලක් විය. සියවස් ගනනාවක් තිස්සෙ සිදු වූ වෙනස්කම් නිසා කොළඹ විචිත්‍රවත් ප්‍රදේශයක් ලෙස ගොඩනැංවී තිබේ.
එහෙත් කොළඹ කර්කෂ ගෙන්දගම් පොළව ගැන අපට තිබෙන අත්දැකීම් නිසා දෝ මේ විචිත්‍ර බව අපගේ සංචාරක ප්‍රවර්ධන මිනුම් දඬුවලට හසු වූයේ ඉතා අඩුවෙනි. සංචාරකයන් ඇද ගැනීම සඳහා කොළඹ නගරයෙහි ඇති සක්‍යතාවයන් අපට මඟ හැරී ගොස් තිබිණි. අද තරු පංතියේ සුවිශාල හෝටල් විශාල ප්‍රමාණක් කොළඹ නගරයෙහි ඇති නමුත් සංචාරකයන් විශාල ප්‍රමාණයක් කොළඹ නගරයට පැමිණෙන නමුත් එය සිදු වූයේ කොළඹ සංචාරක පුරවරවයක් ලෙස ඇති වටිනාකම නිසා නොවේ. වෙළඳ අගනුවර ලෙසත්, රාජ්‍ය ආයතන වැඩි ප්‍රමාණයක් පිහිට තිබීමත්, ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසත් ආදී සේවාවන් ලබාගැනීම වෙනුවෙනි.
කොහොම නමුත් සී එන් එන් වාර්තාවෙහි කොළඹ නගරයෙහි ඇති සංචාරක වටිනාකම් ගැන සටහන් කරමින් මෙතුවක් කල් කොළඹ ගැන තිබු සංචාරක ආකල්පයන් වෙනස් කර ගත යුතු බව පෙන්වා දී තිබිණි.
යුරෝපීය යටත් විජිත යුගයේදී නිමැවුනු අපූර්ව ගොඩනැගිලි රාශියකින් කොළඹ තවමත් පිරී පවතී. ඒ අතර ලෝක ප්‍රකට පැරණි හෝටල් සහ රාජ්‍ය ආයතන ගොඩනැගිලි ගනනාවක්ම පිහිටා තිබේ. එසේම මෑත කාලයේදී වූ ඉදිකිරීම් රැසක්ද කොළඹට අලංකාර කර තිබේ. ජෙෆ්‍රි බාවා නම් ලෝ ප්‍රකට ගොඩනැගිලි සැලසුම් ශිල්පියාගේ නිවස සහ ඔහුගේ වෙනත් නිමැවුම් කොළඹ පිහිටා තිබේ. විශේෂයෙන්ම ජෙෆ්‍රි බාවාගේ නිවස සහ ඔහු නිර්මාණය කළ තවත් නිවාස කිහිපයක්ම මේ නිවාස සැලසුම් ශිල්පයෙහි ජාත්‍යන්තර මට්ටමේ සළකුණු ලෙස පවතී. මේවා සංචාරයන් ඇඳ ගැනීමේ ස්ථානයන් ලෙස යොදා ගත හැකි වැදගත් ස්ථානයන්ය.
එසේම කොළඹ නගරය ආශිතව ඇති ආහාර සංස්කෘතියද විශේෂය. මෙරටට ආවේණික ආහාර මෙන්ම ලෝකයේ සෑම රාජ්‍යයකම පාහේ ඇති ආහර වර්ග මෙන්ම ඒ ආශ්‍රයෙන් වන නව ආහාර වර්ගද කොළඹ නගරයෙහි තිබේ. සී එන් එන් වෙබ් අඩවිය අපේ පොල් සම්බෝලය, බිත්තර ආප්පය සහ තේ පානය ගැන විශේෂයෙන්ම සඳහන් කර තිබේ. කොළඹ ඇති සිංහල දෙමල මුස්ලිම් මැලේ ආදී මිශ්‍ර සංස්කෘතිය ගැන වෙනම හදාරන්නට තරම් දෙයකි.
කොහොම නමුත් මෑත භාගයේදි කොළඹ විනෝස්වාදක සහ සංචාරක ප්‍රදේශයක් ලෙස ගොඩනැංවීම ගැන පසුගිය පාලන සමයන් කිහිපයකදීම අවධානය යොමුව තිබුණු බවත් සටහන් කළ යුතුය. කොළඹ වරාය නගරය ගොඩනැංවීමෙහිදීත් එය සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ ගොඩනැංවීමක් විය යුතු බවට තීරණය වී තිබිණි.
එහෙත් ඇතැම් විට මේ දැනුවත් භාවයෙන් තොරව කොළඹ ඓතිහාසික ගොඩනැගිලි රැසක් කඩා බිඳ දැමීම් සහ ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීම හා සම්බන්ධ සලකුණු ඉවත් කිරීම මෑත කාලයේ සිදුව තිබිණි. ඇතැමුන්ගේ පටු ආකලප නිසා මේවා විනාශ කිරීම සිදුව තිබීම අවාසනාවන්ත තත්වයකි. ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රය තුළ මේ කොළඹ නගරය ගැන අලුත් උත්කර්ශයකින් කතා බහ කිරීම ඇරැඹී තිබීම නිසා මේ නගරයෙහි වැදගත්කම අවබෝධ කරගෙන මේ නගරය සංචාරක තෝතැන්නක් ලෙස ආරක්ෂාකර ගැනීම ගැන රජයේ අවධානය යොමු විය යුතුව තිබේ.
පසුගිය වසර දෙක තුළදී කොවිඩ් තත්වය නිසා මෙරට සංචාරක කර්මාන්තය මුළු මනින්ම බිඳ වැටී එය රටේ ආර්ථිකයට බරපතල පීඩාවක් ගෙන දි තිබිණි. මේ වන විට කෝවිඩ් තත්වයන් සාර්ථකව පාලනය කෙරී යළි සංචාරක කර්මාන්තය පණ ගැසෙන්න පටන් ගෙන තිබේ. පසුගිය වසර දෙක තුළදී අපට අහිමි වු ඒ විදේශීය ආදායම් යළි අප වේගවත්ව ඉක්මනින් අත්පත් කර ගත යුතුව තිබේ. වත්මන් රජය මේ වෙනුවෙන් දැඩි වුවමණාවකින් කටයුතු කරමින්ද තිබේ. 2025 වන විට මිලියන 5 ක සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉලක්ක සහගත වැඩ පිළිවෙලක සිටින රජය මේ මොහොතේදී මේ කොළඹ නගරයෙහි ඇති සංචාරකමය වටිනාකම් ගැන වැඩි උනන්දුවක් දැක්වීම වැදගත් වෙනු ඇත. මෙරට සංචාරක ආකර්ශනය දිනා ගැනීම වෙනුවෙන් ඇති සියළු අවස්ථා අද අප නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමට සමත් වුවහොත් රට මුහුණ පා සිටින ආර්ථික ගැටළු වලින් ඉතා ඉක්මනින් ගොඩයෑමට පහසුවක් වෙනු ඇත. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම ගමනානතයක් ලෙස දිගින් දිගටම හඳුන්වාදීමේ වාසිය රටට අත්පත් කර ගත යුත්තේ ඒ වෙනුවෙනි.
the novemberist