මහින්ද, අගමැති තනතුර අත්හරින්නේ නෑ.. Featured

Monday, 03 January 2022 12:47

අගමැති ධූරයෙන් විශ්‍රාම යෑමට තමාට අවශ්‍යතාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ලංකාදීප වෙබ් අඩවිය වාර්ථා කර ඇත.

ඒ අනුව 'අද රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ප්‍රයෝජනයට ගෙන සමහරුන් ආණ්ඩුව ගැන වැරදි කතා පතුරුවමින් සිටින බව පැවසූ අගමැතිවරයා මේ බොරු කතා පිළිගැනීමට තරම් රටේ ජනතාව මෝඩ නැතැයිද...ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබූ පලියට එය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම සාධාරණ නොවන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවැසූ බවත් වාර්ථා කරයි.

මේ දිනවල සමාජ මාධ්‍යයන් ප්‍රමුඛව මාධ්‍ය වාර්ථාවන් හී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට නියමිත බවත් ඇතැම් තැනක හවුල් ආණ්ඩුවක් පිහිටුවා හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරෙණු ඇති බවත් වාර්ථා කර තිබිණි.

කෙසේ නමුත් වර්ථමානයෙහි ආණ්ඩු මුහුණ දෙමින් තිබෙන අර්බුධ හමුවේ ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු වල වෙනසක් වෙනු ඇති බවට පළවන වාර්ථා අනුව අග්‍රාමාත්‍ය ධුරයෙහි වෙනසක් කරමින් අලුත් ප්‍රවේශයක් ගැනීමට ආණඩුව කටයුතු කරනවා විය හැකි බවට මත පැතිර යමින් තිබේ. පසුගියදා ජනාධිපතිවරයාත් පවසා තිබුණේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් සහයක් නොලැබුණු බවය. ඒ අනුව මේ වන විටත් රජයේ ඉහළ තනතුරු කිහිපයක ප්‍රධානින් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර කැබිනට් මණ්ඩළයේ වෙනසක් සිදුවෙනු ඇති බවත් වාර්ථා වී තිබේ. මේ තත්වයන් හමුවේ අග්‍රාමාත්‍ය ධුරයද වෙනස් වෙනු ඇති බව ඇතැමුන් අපේක්ෂා කිරීමට පෙළඹීම සිදුවිය හැකිය. එසේම මහින්ද රාජපක්ෂ මේ වන විට වයෝවෘද්ධව සිටීමත් මෙයට හේතුවක් විය හැකිය.

ලංකාදීප පුවත්පත් වාර්ථාව අනුව අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් තිබුණු සැක සංකාව ඉවත්ව තිබේ. එහෙත් වර්ථමානයේ රජය මුහුණ දෙමින් තිබෙන ආර්ථික සමාජීය සහ දේශපාලනික අර්බුදයන් ජය ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙල කුමක්ද යන්න ගැන සැකසංකාව නම් තවමත් ඉතිරිව තිබේ. ඔළු ගෙඩි මාරු කිරීමෙන් මේ ප්‍රශ්න විසඳා ගැනීම සිදු කළ හැකිද යන්න ගැටළු සහගතය.

පසුගියදා මාධ්‍ය ප්‍රධානින් හමුවේදී ජනාධිපතිවරයා තවත් අපූර්ව කතාවක් කර තිබූ බව වාර්ථා විය. ඒ අනුව ඔහු හෙළිදරව් කර තිබුණේ උගතුන් වියතුන් ගැන විශ්වාසය තබා ඔවුන්ව රජයේ ඉහළ තනතුරුවලට පත් කළද ඒ බහුතරය අසාර්ථක වී ඇති බවය. ඔවුන්ගේ වැඩ කටයුතුවල සමතුලිතභාවයක් නොතිබීම සහ මැති ඇමැතිවරුන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රායෝගික නොවන බව මේ අසාර්ථකත්වයන්ට තුඩුව තිබේ. දේශපාලනඥයන්ගෙන් තොරව වියතුන්ගේ සහභාගිත්වයෙන් මේ රට ගොඩනැගීම ගැන අදහසක් පසුගිය ජනාධිපතිවරණයට පෙර සිටම සමාජගත වී තිබීම නිසා බොහෝ දේශපාලන කණ්ඩායම් තමන් සමඟ සිටින උගතුන් වියතුන් උලුප්පා පෙන්වීමට දැඩි උත්සාහයක්ද තිබිණි. වියත් මඟ වැනි සංවිධානයක් මේ රට හැදිය හැක්කේ තමන් වැනි වියතුන් කණ්ඩායමකට පමණක් බවත් දේශපාලනඥයකු නොවන ගෝඨාභය රාජපක්ෂ ඒ වෙනුවෙන් වූ රාජ්‍ය නායකත්වයට සුදුසුම තැනැත්තා බවත් සාර්ථකව සමාජගත කළ අතර එය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයටද හේතු විය.

කෙසේ නමුත් ජනාධිපතිවරයාද දිගින දිගටම කටයුතු කළේ මේ වියතුන් කෙරේ විශ්වාසය තබමින් මැති ඇමැතිවරුන් පසෙකට දමමින් බව පෙනෙන්නට තිබිණි. මේ වියත් නිලධාරීන් දේශපාලනඥයන් පමණක් නොව පළපුරුදු ඉහළ රාජ්‍ය නිලධාරීන් පවා පයිසෙකට ගනන් නොගෙන කටයුතු කරමින් තිබිණි. ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය පත්කිරීමේ ගැසට් නිවේදනය මඟින් ඇමැති මණ්ඩලයේ බලතල පවා කප්පාදු කෙරී තිබිණි. එයින් තනිව තීරණයක් ගෙන කටයුතු කිරීමේ හැකියාව ඇමැති මණ්ඩලයට අසීරු විය. එසේම ඇමැති මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධතා ඉතා අවම වී, ඔවුනොවුන් දුරස් විය තිබිණි. වත්මන් පාලනය දිගින් දිගමය අර්බුධවලට ලක් වීමත් අභ්‍යන්තර ගැටුම් උත්සන්න වීමටත් මේ තත්වය බරපතල ලෙස හේතු වී තිබිණි.

එහෙත් ජනාධිපතිවරයා තමන් පත්කළ වියත් නිලධාරීගේ අසාර්ථක බව පෙන්වා දීමට කටයුතු කළත් තමන්ද එම නිලධාරීගේ තත්වයටම පත්ව තිබෙන බව වටහා ගේන සිටීදැයි පැහැදිලි නැත.

කොහොම වෙතත් මේ තත්වය කලින්ම දැන ඒ වෙනස් කිරීම සඳහා දැඩි උත්සහයක් ගත් අයෙක් ලෙස ඇමැති විමල් වීරංශව නම් කළ හැක. ඔහු මේ ඇතිවීමට නියමිත අර්බුධය කලින්ම දැක ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්කළ යුතු බවත් ඔහු දේශපාලනඥයෙක් ලෙස කටයුතු කිරීම විය යුතු බවත්ය. මන්ද ඒ වන විටත් අර්බුදයේ ලකුණු පහළව තිබිණි. එදා එය බැසිල් රාජපක්ෂ සමඟ වන විමල්ගේ පුද්ගලික ගැටුමක් ලෙස ලඝු කරමින් විමල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණද අද ඒ ඇත්තට මුහුණ දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සිදුව තිබේ. එහෙත් දැන් දෙදෙරීම් නිසා සිදුව ඇති පැළුම් බරපතලය.

මේ අනුව ආණ්ඩුව තුළ ඇතිවෙමින් තිබෙන අර්බුද සමතයකට පත්කිර ගැනීම වෙනුවෙන් තිබෙන එකම සහය අග්‍රාමාත්‍ය ධුරය සහ පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ තවදුරටත් කටයුතු කිරීම විය හැකිය. පනස් වසරක දේශපාලන අත්දැකීම් මතින් තෙම්පරාදුවී සිටින මහින්දට මේ පවත්නා අරබුදය අමුතුවෙන් තේරුම් ගන්න අවශ්‍ය නැත. ඔහු අග්‍රාමාත්‍ය තනතුර අත්නොහැර සිටින්නේ ඒ නිසා විය හැකිය.

-සුජය

Leave a comment

Gossip

මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු  

මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු  

පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මැතිසබයේ යම් පක්ෂයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට ඡන්දය ප්‍රකාශ න...

පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.   

පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ගුව...

දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන   

දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන  

මේ වන විට රට හැර ගොස් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න යළි සිය දේශ...

ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !   

ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව ව...

අනං මනං

දිනක්ෂිට සුබ උපන්දිනයක්  (Photos')

දිනක්ෂිට සුබ උපන්දිනයක් (Photos')

වේදිකාව, පුංචි තිරය සහ සිනමාවේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනි ආදරණීය දිනක්ෂි ප්‍රියසා...

Connet With Us