සෙවනගල සීනි, ඉතිහාසයේ ඉහළම ලාබය ලබයි

Published in පුවත්
Tuesday, 04 January 2022 12:51

සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ ආරම්භ කොට වසර 36 කට පසු පසුගිය වර්ෂයේදී රුපියල් මිලියන 1360 ක ලාභයක් වාර්තා කර තිබේ. ඒ අනුව සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් පසු වැඩිම ලාභයක් උපයා ඇත්තේ පසුගිය වසරේදීය.

මෙසේ ලාභ ලැබීම නිසා සේවක සේවිකාවන්ට හා ගොවීන්ට ලාභාංශ බෙදාදීිමට හැකිවු බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. මේ වසරේදී උක් මෙට්‍රික්ටොන් ලක්‍ෂ 3ක් ඇඹරීමට හැකීවී තිබේ.

නිෂ්පාදනය කළ එතනෝල් ප්‍රමාණය ලීටර් මිලියන 5කි. සමාගම සියයට 50 ක් ලාභ ලබන්නේ එතනෝල් නිෂ්පාදනයෙනි. ලැබු ලාභයෙන් සේවකයන්ට දීමනා ලබාදීමට අමතරව වසර 5ක් සේවය කළ අය ස්ථීර කිරිීමද පසුගියදා සිදුවිය. ලංකා සීනි සමාගම අයත් සෙවණගල ඒකකයේ අනියම් සේවක සේවිකාවන් 400 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමද පසුගියදා සිදුකෙරිණි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි උක් මෙට්‍රික් ටොන් එකකට ලබා දෙන මුදල රුපියල් 500කින් වැඩි කෙරෙන බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පවසයි.

පැල්වත්ත සහ සෙවණගල සීනි සමාගම්වල සේවකයන්ට දෙවැනි වතාවටත් දිරිදීමනා ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබිණි. "ජනවාරි පළමුවැනිදා ඉඳලා උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා ලබා දෙන මුදල රුපියල් 500 කින් ඉහළ නැංවෙනවා.පහුගිය කාලේ උක් මෙට්ට්‍රික් ටොන් එකකට දුන්නේ රුපියල් 5000යි. ඒ මුදල රුපියල් 6250 ක් දක්වා ඉහළ නංවන්න රජය මේ වෙනකොට පියවර අරන් තියෙනවා.”

ලංකා සීනි සමාගම පෞද්ගලික අංශයට විකුණා දැමීමට අවස්ථා ගණනකදී උත්සාහ කළ ආයතනයකි. පසුගිය කාලයේ එම ආයතනය පවත්වාගෙන ගියේ ඉතා අසීරුවෙනි. සේවක පඩි නඩි ගෙවීම අසීරු වූ අතර ප්‍රසාද දීමනාද කපා හැර තිබිණි. එය පවත්වාගෙන ගියේ මිලියන 500ක බැංකු අයිරාවකිනි.

සෙවණගල සීනි කර්මාන්ත ශාලාව රජයේ හිමිකාරිත්වයෙන් ඉවත් කර පෞද්ගලික අයිතියට පැවරීමට 2019 වසරේදී පැවැති රජය විසින් උත්සහ ගන්නා ලදී. එහෙත් ඊ්ට විරෝධය පල කරමින් සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් හා උක් ගොවීන් විරෝධය පළකිරීම නිසා ඒ වැලැකිනි.

2019 වසරේ මිලියන 1400ක අලාබයක් ලද එම සමාගම මෙතරම් ලාබයක් උපයා ඇත්තේ එහි ඉතිහාසයේ පළමු වරටය.දේශීය නිශ්පාදන කාර්මාන්ත ගොඩනැංවීම වෙනුවෙන් දැඩිව කටයුතු කරන වත්මන් පාලනය යටතේ නව පාලනාධිකාරියක් පත්කර නිෂ්පාදනය ආරම්භ කෙරැණු අතර සේවකයන්ටද, උක් ගොවීන්ටද ආර්ථික ප්‍රතිලාභ සලසමින් මාස කිහිපයක කාලයක් තුළ ලාබ ලබන තත්ත්වයට පත්විය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us