පළාත් සභා මැතිවරණයක් නැහැ. සහන මල්ල දුන්නේ දුකෙන් මුදවන්න - ගම්මන්පිළ

Published in පුවත්
Tuesday, 04 January 2022 12:18

මුදල් අමාත්‍ය වරයා ඊයේ දිනයේදි ප්‍රකාශයට පත් කරන ලද දැවැන්ත සහන මල්ල ලබා දුන්නේ කොවිඩ් අර්බුද නිසා ඇති වී තිබෙන ජීවන වියදම් ඉහළ යාම නිසා වන පිඩනයෙන් ජනතාව මුදවාගැනීම වෙනුවෙන් පමණක් බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිළ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසන ලදී.

එමෙන්ම මේ සහන මල්ල පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන දුන්නක බවට පළ වන පුවත් ගැන සඳහන් කළ ඇමැතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන කිසිදු සාකච්ඡාවක් හෝ සිදුව නැති බව අවධාරණය කරන ලදී.. රට මුහුණ දෙමින් තිබෙන විදේශ විනිමය අර්බුධය සහ ජාත්‍යන්තර වශයෙන් ඇතිව තිබෙන භාණ්ඩ හිඟය නිසා මෙරට භාණ්ඩ සුලබ කිරීමේ හැකියාව රජය සතුව නොමැති වීම නිසා භාණ්ඩ මිළ ඉහළ යෑම හේතුවෙන් පීඩාවට පත් වන ජනතාවට ඊට විකල්පයක් ලෙස මෙලෙස සහන මල්ලක් ලබා දීම සිදු කළ බව පැහැදිලි කරන ලදී.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හඳුන්වා දුන් සහන පැකේජය තුළින් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

තුන්වේල කා ජීවත් වීමට නොහැකි ජනතාවට තාවකාලික සහනයක් ලැබුණත් මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බවත් හර්ෂ ද සිල්වා මහතා කීවේය.

රජයේ සංඛ්‍යාලේඛන අනුව රට තුළ උද්ධමනය 12.1කින් සහ ආහාර උද්ධමනය සියයට 22 කින් වැඩිවී ඇති අවස්ථාවක රජය මෙම තීරණය ගැනීම විනාශයක මුල බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us