අහිමිව තිබූ ජාතික සම්පතක් යළි අත්පත් කරගන්නා ලදී..  

Published in පුවත්
Friday, 07 January 2022 13:25

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී  සිදුකෙරිණ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරු මෙම ගිවිසුම් වලට අත්සන් තැබුහ.

ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර පහත පරිදි බෙදී යාම සිදුවේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ටැංකි 24ක්,
ඛනිජ තෙල් සංස්ථාවට සියයට 51ක් හා ලංකා ඉන්දියානු තෙල් සමාගමට සියයට 49ක් කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක්,
ඉන්දියානු ලංකා තෙල් සමාගමට (IOC)ටැංකි 14ක් ලෙස ටැංකි බෙදී යන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

image 2c413193c3

ඒ අනුව මෙම ටැංකි 99න් 85ක්ම සෘජු සහ වක්‍ර ලෙස පාලනය තෙල් සංස්ථාව සතු වීම ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයකි. IOC සමාගමට බදු දී තිබෙන ටැංකි 14 හි අදාල ගිවිසුම් අනුව ලැබෙන රාජ්‍යභාග්‍ය හා බදු මුදල් නොවෙනස්ව ඉදිරියටත් ලැබෙනු ඇත.

මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනවාරි මස 11 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියට මෙම ගිවිසුම් එක්කෙරෙන බව ද අමාත්‍යාංශය පවසයි.

1987 දි අත්සන් කෙරුනු ඉන්දු ලංකා ගිවිසුම අනුව මෙම තෙල් ටැංකි සමුහය ඉන්දුයාව සහ ලංකාව අතර හවුල් ව්‍යාපරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබිණි. 2003 වසරේ පෙබ්‍රවාරියේදි අත්සන් කරන ලද ගිවිසුමක් අනුව මෙම ටැංකි සමූහය 35 වසරකට ඉන්දියාවට බදු දුන් අතර ඒ අනුව ඉන්දියානු තෙල් සමාගම ඉන් ටැංකි 14 ක් භාවිතයට යොදා ගන්න ලදී.

නැවත 2017 වසරේදී මෙම ටැංකි සමූහයම 99 අවුරුදු පදනම යටතේ ඉන්දියාවට බදු දීමට මලික් - ශුර්මා ගිවිසුමෙන් එකඟ වූ අතර එම සාකච්ඡ මේ දක්වා ඇදී යමින් තිබුණු අතර වත්මන් ආණ්ඩුව ලංකාවට වඩාත් වාසිදායක ලෙස මෙම සාකච්ඡා අවසන් කරගැනීමට සමත් වී ඇත.

මේ අනුව මේ තෙල් ටැංකි සමූහයේ උපරීම ප්‍රතිලාබයන් නුදුරේම රටට ලැබීමට නියමිතය.

පසුගිය කාලවකවානු වල මෙම තෙල් ටැංකි සමූහය රටට පවරා ගෙන එය මෙරට තනි ව්‍යාජාරයක් ලෙස ගොඩනඟන ලෙස විශාල ඉල්ලීම් පැවැතියද මේ විශාල ව්‍යාපෘතියට අතගැසීම රටට දැරිය හැකි මට්ටමක පැවැතුනේ නැත. විදේශ ආයෝජකයකුගේ සහය අත්‍යාවශ්‍ය විය. ඉංදියාව සමඟ වන ඓතිහාසික මිතුදමත් රැකගෙන රටට වාසිදායක කොන්දේසි යටතේ ඉංදියානු ආයෝජනයක් සහිතව මේ තෙල් ටැංකි සමුහයේ විපුල ප්‍රයෝජනය රටට ලබා ගැනීමට හැකිවීම රටේ ජයග්‍රහණයකි. එසේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පූර්ණ වශයෙන් හිමි ටැංකි 24 ද යළි ප්‍රතිසංස්කරණය කර එම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙලක් වෙත යොමු වීමද මේ සමඟම විය යුතුය. ඊට තවත් විදේශ ආයෝජන අවශ්‍ය නම් ඒ සපුරා ගැනීම විය යුතුය.

කොහොම නමුත් මේ ජාතික සම්පත රටට වැඩදායක කරගැනීම වෙනුවෙන් වත්මන් රජය මෙම ආයෝජන ගිවිසුමට එළැඹීම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වන දැවැන්තම විදේශීය ආයෝජනය වනු ඇත.

 

 

- the novemberist

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us