ඉන්ධන මිල තීරණය කළේ මුදල් අමාත්‍යාංශයයි!

Published in පුවත්
Tuesday, 21 December 2021 09:51

ඉන්ධන මිල වැඩි කිරීම ගැන මහ බැංකුව මුදල් ඇමතිතුමාට කළ දැනුම් දීමක් අනුව ඉන්ධන මිළ වැඩිකළ බවත් මහබැංකුව විසින් මුදල් ඇමතිවරයාට දැනුම් දී තිබෙන්නේ පෙට්‍රල් රු. 35කින්, ඩීසල් රු. 24කින් සහ භූමිතෙල් රු 11කින් වැඩි නොකොළොත් ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට නොහැකි වීමෙන් රට දැවැන්ත විදේශ විනිමට අර්බූදයකට තල්ලු වෙනවාය කියන පදනම බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ජීවන වියදමට ඇති කරන බලපෑම වගේම රටේ ඉන්ධන නැත්තටම නැති වුණොත් ඇති වන තත්ත්වය මෙහෙදී සැළකිල්ලට ගන්න ඇති බවත් වාහන සියල්ලම එක තැන නතර වෙනවා නම් ඇති වන තත්ත්වය අතිශය ශෝචනීය වන බවත් ඔහු වැඩිදැරටත් පවසා සිටී.

මේ අතර රාජ්‍ය ආයතන තුනකින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 16,100ක (බිලියන 161) මුදලක් අයවිය යුතුව ඇති බව බලශක්ති අමාත්‍යවරයා පවසයි. ලංකා විදුලි බල මණ්ඩලය සහ ස්වාධීන විදුලි නිෂ්පාදන සමාගම් රුපියල් බිලියන 96ක් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 65ක් පමණද (ඩොලර් මිලියන 330) ගෙවීමට ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේද කීවේය.

භාණ්ඩ අපනයනයෙන් මාසයකට අප උපයන්නේ ඩොලර් මිලියන දහසක් පමණයි. එයින් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළට නොපැමිණීමේ අර්බුදයකට මුහුණ පා තිබෙනවා. ඒ අතරින් මාසයකට අවම වශයෙන් ඩොලර් මිලියන 360ක් අපට තෙල් ආනයනයට අවශ්‍යයයි.

රටේ පවතින සමස්ත විදේශ විනිමය සංචිතයඩොලර් මිලියන 1500යි. ඒ නිසා මේ අවස්ථාවේ අවශ්‍ය ඩොලර් සොයා ගැනීම අතිශය දුෂ්කර තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. පසුගිය මැයි මාසයේ සිට මුහුණ දුන් මෙම අභියෝගය මේ වන විට උච්ච ස්ථානයට පැමිණ තිබෙනවා. මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය සහ ස්වාධීන විදුලි නිශ්පාදන සමාගම් අපට රුපියල් බිලියන 96ක් ගෙවීමට තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඩොලර් මිලියන 330ක් (රුපියල් බිලියන 65ක් පමණ) ගෙවීමට තිබෙනවා. මේ දුෂ්කරතාව නිසාම අප ශ්‍රී ලන්කන් ගුවන් සමාගමටත් ලංකා විදුලි බල මණ්ඩලයටත් දැනුම් දී තිබෙනවා, රටට අවශ්‍ය තෙල් සැපයීමට ඩොලර් හොයා ගන්නේ අමාරුවෙන්. ඒ අතරෙ ඩොලර් සෙවීම අපට කරන්න අමාරුයි. ඒ නිසා ඩොලර් සොයා දුන්නොත් ගුවන් යානා තෙල් හා දැවි තෙල් සපයන්න පුළුවන් කියා.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩොලර්වලින් ආදායම් උපයන්නේ නෑ. මේ රටේ ජනතාවට තෙල් විකුණන්නේ රුපියල්වලින්. නමුත් අපි කොහොම හරි ඩොලර් හොයා ගෙන ජනතාවට මේ මොහොත දක්වාම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කර තිබෙනවා.

විපක්ෂය ජූනි මාසයේ සිට කියන්නේ මේ රටේ ඉන්ධන හිඟයක් ඇති වෙනවා කියා. නමුත් මාස හයක් තිස්සේ එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න අප වග බලා ගත්තා. අප මහන්සි වූ විදියටම විදුලි බල මණ්ඩලයත් මහන්සි වුණොත් ඔවුන්ටත් ඩොලර් හොයා ගැනීමට අපහසු වෙන එකක් නෑ.

එක් පුද්ගලයෙක් ඉන්ධන සම්බන්ධයෙන් බොරු 12ක් කියා තිබෙනවා. අප ඒ බොරු දොළහම ප්‍රසිද්ධ කර තියෙනවා. ඔහුට පිළිතුරු දෙන්න පෙර කිව්වේ ඇත්ත බව ඔහු මුලින්ම ඔප්පු කරන්න ඕනේ. ඉන්ධන මිල වැඩි කිරීම ගැන මහ බැංකුව මුදල් ඇමතිතුමාට දැනුම් දීමක් කර තිබෙන බව දැන ගන්න ලැබුණා. එය මට නෙවෙයි යොමු කර තිබෙන්නේ මුදල් ඇමතිතුමාටයි. මහ බැංකුව ගනුදෙනු කරන්නේත්, ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණය කරන්නේත් මුදල් අමාත්‍යාංශය නිසා ඒ දැනුම් දීම කර තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයටයි.‍

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 177කි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මීට පෙර රුපියල් 157කට අලෙවි විය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 207ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 184කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 121කි.

ඔටෝ ඩීසල් ලීටරයක් මීට පෙර රුපියල් 111කට අලෙවි විය.

සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 159කි. සුපර් ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 144කි.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 87ක් දක්වා ඉහළ ගොස් ඇත. භූමිතෙල් ලීටරයක පැවති මිල රුපියල් 77කි.

මේ අතර ලංකා IOC සමාගමත් අද (21) දිනයේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

රුපියල් 157කට පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177ක් වේ.

එසේම Extra Premium 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 210ක් ලෙස ඉහළ දමා තිබේ.

ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 121කි.

සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 159ක් ලෙසය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us