සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට ආණ්ඩුවෙන් සහනයක් !

Published in පුවත්
Tuesday, 21 December 2021 11:37

සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයින්ට විදුලි බිල්පත් ගෙවීමට තවත් වසරක කාලයක් ලබාදෙන ලෙසට සංචාරක අමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට එකඟතාව පළ කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කරයි. විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් සහනය තවදුරටත් ලබාදිම සදහාවන කැබිනට් පත්‍රිකාව ඊයේ (20) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මෙම කැබිනට් පත්‍රිකාවෙන් අදාළ ආයතන සදහා 2020 මාර්තු 01 වෙනිදා සිට 2021 පෙබරවාරි 28 දින දක්වා ලබා දී තිබු විදුලි බිල් සහනය මේ වසර අවසන් වනතුරු දීර්ඝ කිරීමටත්, සියලු හිග සමුච්චිත බිල්පත් ලබන වසරේ ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාන වාරික 36 කින් ගෙවීමට සංචාරක හෝටල් හා නවාතැන් හිමිකරුවන්ට අවස්ථාව ලබාදීමටත් අදාළ කැබිනට් පත්‍රිකා මගින් යෝජනා කර තිබේ. එම සහන කාලය තුල දි විදුලිය විසන්ධි නොකිරිමටත්, සමුච්චිත හිග මුදල් බිල්පත් වෙනුවෙන් ප්‍රමාද ගාස්තු අය නොකිරිමටත් යෝජනා කර තිබේ. එමෙන්ම වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවල දී හෝටල් කර්මාන්තයේ විදුලි ඒකකයක මිල අනෙකුත් කර්මාන්ත හා සමාන වන පරිදි සැකසීමටත් එමගින් යෝජනා කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

මේ වන විට සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමානුකුලව යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වි නොමැති නිසා රජය විසින් ලබාදුන් සහනය තවදුරටත් ලබාදිම සදහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව ඇමතිවරයා සදහන් කරයි. තවමත් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සේවා සපයන්නන්ගේ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන්ම යහපත් තත්ත්වයට පත්ව නොමැත. සංචාරකයන් නොපැමිණිම හෝටල් යථා පරිදි පවත්වාගෙන යාම සදහා විදුලි බලය භාවිතා කිරිම අත්‍යවශ්‍යය වු අතර රජය ඊට සහන සැලසූවේ එම තත්ත්වය සැලකිල්ලට ගෙනයි. සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වෙනතුරු එම සහනය ලබාදිය යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය විම නිසා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව ද ඇමතිවරයා සදහන් කරයි.
ඒ අනුව මෙය මේ මොහොතේ සිදු කළ යුතුම වටිනා ක්‍රියාවක් වනු ඇත. මන්ද මෙරට ආර්ථිකයට සංචාරක ක්ෂේත්‍රයේ හරහා සිදු කරනු ලබන කාර්යභාර්ය ති මහත්ය. මේ මොහෙතේ කඩා වැටුණු ඔහුන්ගේ ජිවිත වලට රුකුලක් වන්නට වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ප්‍රශංසනීය වේ.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us