එක රටක් එක නීතියක් බළකාය ජනතා අදහස් විමසීම අරඹයි !

Published in පුවත්
Friday, 24 December 2021 09:30

“එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් ලබාදීම සඳහා සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් එක්වෙමින් සිටින බව එහි සභාපති පූජ්‍ය හිමියන් ප්‍රකාශ කර තිබේ.

මහජන අදහස් විමසීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර ඇති නිල කාර්යාලය වෙත අදහස් ප්‍රකාශ කිරීමට ඊයේ දිනය දක්වා කාලය ලබාදී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

හිමියන් පැවසුවේ නියමිත කාලය තුළ ඉතා විනිවිදභාවයකින් යුතුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවය.

"එක රටක් එක නීතියක්" ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත තම අදහස් සහ යෝජනා ලබාදීම සඳහා පසුගිය සඳුදා (20) සිට සිවිල් සංවිධාන
නියෝජිතයන්ට අවස්ථාව ලබාදී ඇත.

එම දින කිහිපය තුළ විවිධ පළාත් සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් ආගමික නායකයින්, සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු කාන්තා සංවිධාන නියෝජනය කරන පිරිස් නිල කාර්යාලය වෙත පැමිණ තිබේ.

දෙසැම්බර් 22 දින වාලච්චේන මවුලවි අබුසාලී අයිනුඩීන්, සමස්ත ලංකා සුෆි ආධ්‍යත්මික සම්මේලනය, කල්මුණේ මුස්ලිම් සංවිධානය නියෝජනය කරමින් නසීර් හජ්ජියාර්, කඩුගන්නාව ප්‍රදේශයේ ශිෆාන් මහතා අත්තනගල්ල කහටෝවිට ප්‍රදේශයේ හර්ශාන් මහතා යන අයගේ යෝජනා එම බළකාය විසින් ලබාගෙන තිබේ.

දෙසැම්බර් 21 දින මාධ්‍යවේදී මතුගම සෙනවිරුවන් මහතා, ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය ලේකම් භාරත් ශාන් අරුල්සාමි මහතා, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය වෙනුවෙන් පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජයග්‍රහණය සංවිධානය සහ තවත් වියතුන් පිරිසක් "එක රටක් එක නීතියක්" ස්ථාපිත කිරීම සඳහා තම අදහස් හා යෝජනා ලබාදෙන ලදි.

2021දෙසැම්බර් 20 දින පොතුවිල් පානම සිංහල සංවිධානය, ශ්‍රී ලංකා දේශප්‍රේමී පෙරමුණ, සිංහල හඬ, චින්තන පර්ෂදය, ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාව නියෝජනය කරමින් පුජ්‍ය කිවුලේගෙදර නාරද අනුනායක ස්වාමීන් වහන්සේ, මුස්ලිම් කාන්තා සංසදය ඇතුළු පාර්ශව රැසක් කාර්ය සාධක බළකාය වෙත තම අදහස් හා යෝජනා ලබා දෙන ලදී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us