කොන්දේසි නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය නොඉල්ලයි

Published in පුවත්
Friday, 24 December 2021 10:44

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් පසුගියදා මෙරට ට පැමිණ රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කළද එම අරමුදලෙන් ණය ආධාර ඉල්ලීමක් සිදු නොකළ බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි පිළිනොගැනීමට රජය තීරණය කර තිබීම නිසා මෙම ණය ඉල්ලීම සිදු කර නැත . කෙසේ නමුත් ආරංචිමාර්ග පවසන ආකාරයට පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී බහුතරයක් ඇමැතිවරුන් පෙන්වා දී තිබුණේ පවතින විදේශ විනිමය අර්බුදය මේ මොහොතේදී සමනය කරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අර්මුදලේ සහය ලබා ගත යුතු බවය.

IMF හි ශ්‍රී ලංකාව සඳහා වූ දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki මහතාගෙන් Daily Mirror පුවත්පත මේ පිළිබඳ කළ විමසීමක්දී ඔහු පවසා ඇත්තේ සහය ඉල්ලා සිටින්නේ නම් සාකච්ඡා කිරීමට තවමත් සූදානම් බවය.

සාමාන්‍යයෙන් IMF හි ගිවිසුම් ලිපිවල IV වගන්තිය යටතේ, IMF විසින් ආර්ථික වර්ධනයන් සහ ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම සඳහා සියලුම සාමාජික රටවල් සමඟ නිරන්තරයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. ඒ අනුව IMF හි කාර්ය මණ්ඩල කණ්ඩායමක් දෙසැම්බර් 7-20 දක්වා කොළඹ පැමිණි සිටියේය.

සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ අසමතුලිතතා තුලනය කරගැනීමට අවශ්‍ය කෙටිකාලීන ණය සැපයීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන කර්යය යි. එසේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් සාමාජිකයන්ට අවශ්‍ය උපදෙස් හා සහයෝගය දැක්වීම,විනිමය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම, ක‍්‍රමාණුකූල විනිමය වැඩපිළිවලක් සැකසීම, හා තරගකාරී ලෙස විනිමය අවප්‍රමාණය ඉවත්කිරීම සඳහා සහය වීම මෙයින් සිදුකරයි.

1950 අගෝස්තු 30 වන දින ශ්‍රී ලංකාව මූල්‍යය අරමුදලේ සාමාජිකත්වය ලබාගත් අතර ශ්‍රී ලංකාවට වෙන්කර දෙන ලද දායකත්වය ආරම්භයේදී ඇමරිකානු ඩොලර් දශලක්ෂ 45 කි. 1960 න් පසු ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ හිඟයන්ට මුහුණ දුන් අතර ශ්‍රී ලංකාව පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගෙන ඇත්තේ 1977 වර්ෂයේදීය. එය ඇමරිකාණු ඩොලර් මිලියන 133.6 ක සමස්ථ ණය පහසුකමකි. ඉන්පසුව පැවැති සෑම ආණ්ඩු සමයකදීම පාහේ ණය මුදල් ලබාගෙන තිබේ. 2016 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබාදීමට එකඟ වී තිබිණි.

කෙසේ නමුත් ණය වාරික ගෙවීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව සතු නිල විදේශීය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.5කට වඩා අඩු අගයක් දක්වා පහත වැටී ඇත. අපනයන ආදායම අඩුවීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ අඩුවීම හා, සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම් පහත වැටීම හමුවේ ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟයකට මුහුණ පා සිටියි

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us