දැවි තෙල් හා අපද්‍රව්‍ය පිරිපහදු කිරීමෙන් ලබන ආදායම වර්ධනය කර ගැනීමට සැලසුම් !

Published in පුවත්
Monday, 20 December 2021 10:30

දැවි තෙල් හා අපද්‍රව්‍ය පිරිපහදු කිරීමෙන් ලබන ආදායම 100%කින් වර්ධනය කර ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව නැව්වලින් ඉවත් කෙරෙන දැවි තෙල් සහ අපද්‍රව්‍යවලින් පරිසරය රැකගෙන වැඩි ප්‍රමාණයක් පිරිපහදු කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරිසර සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියට උපදෙස් දී ඇති බව වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය ඇමැති නීතිඥ මොහාන් ප්‍රිදර්ශන ද සිල්වා පවසා ඇත.

ඒ මහතා මේ බව පැවැසුවේ කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටුවා තිබෙන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි කාර්යාලය යටතේ ක්‍රියාත්මක කෙරෙන දැවි තෙල් සහ අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ මොහාන් ප්‍රිදර්ශන,

"නැව්වලින් ඉවත් කරන දැවි තෙල් සහ අපද්‍රව්‍ය වසරකට ටොන් 50,000ක් ඉක්මවනවා. ඒවා නව තාක්ෂණික දැනුම සහ නව තාක්ෂණික උපකරණ යොදා ගැනීමෙන් පිරිපහදු කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් සැලසුම් කරගෙන යනවා.

දැනට පවතින පහසුකම් සහ දැනුම යටතේ නැව්වලින් ඉවත් කරන දැවි තෙල් සහ අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණය කිරීම වසරකට ටොන් 27,000ත් 30,000ත් අතර ප්‍රමාණයකට සීමා වී තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයා උපදෙස් දී තිබෙන්නේ මේ දැවි තෙල් හා අපද්‍රව්‍යවලින් උපරිම ආකාරයෙන් පරිසරය රැකගෙන ඒවා පිරිපහදු කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා ලෙසටයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ මේ වන විට ලියාපදිංචි සමාගම් 25ක් නැව්වලින් ඉවත් කරන දැවි තෙල් සහ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සිදු කරනවා. ඒ වසරකට මෙරටට පැමිණෙන නැව් 5,000න් නැව් 2,000කින් ලැබෙන දැවි තෙල් සහ අපද්‍රව්‍ය. එම ප්‍රමාණය වසරකට ටොන් 27,000ත් 35,000ත් අතර ප්‍රමාණයක්. එය වසරකට ටොන් 50,000ක් දක්වා ඉහළ දමා ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අපේක්ෂාවයි. එම සීමාවට ළඟා වීමෙන් මෙරටට මෙතෙක් නොලැබෙන විශාල ආර්ථික වාසියක් ගැනීමට ද අවස්ථාව හිමි වෙනවා.

මෙයට අමතරව ප්‍රතිග්‍රහණ සමාගම් සපයන සේවාවන් පිළිබඳ සහ එම ආයතනවලට ඇති ගැටලු සහ අපහසුතා පිළිබඳව ද සාකච්ඡා කළා. නිසි ප්‍රමිතියක්, ප්‍රතිපත්තියක් නැතිව පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීමෙන් සිදුවන්නේ විශාල හානියක්. ඒවා පරිසරයට මුදා හරිනවා නම් පරිසරයට හානියක් නොවන ආකාරයට එය සිදු කළ යුතුයි."

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතාද මෙලෙස අදහස් දක්වා ඇත,

"පරිසරය ආරක්ෂා කර ගනිමින් වඩාත් හොඳ ආර්ථිකයක් ගොඩනැඟීම ප්‍රධාන මුලික අරමුණයි. ලියාපදිංචි ආයතනවල වගකීම සහ රාජකාරිය වනුයේ නැව්වලින් ඉවත් කරන දැවි තෙල් සහ අපද්‍රව්‍ය තමන්ගේ ගබඩා සංකීර්ණවලට ගෙනැවිත් එම තෙල් පිරිපහදු කර නැවත විකිණීම සිදු කිරීම. ඒ වගේම එතැනදී ජනනය වන අපද්‍රව්‍ය පරිසරයට හානි නොවන සේ නිසි ක්‍රමවලට ඉවත් කිරීම තමයි එම ආයතනවල වගකීම සහ රාජකාරිය වන්නේ."

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us