ඩොලර් අර්බුදය මඟ ඇරෙන ලකුණු..බංකොලොත් වෙන්නේ විපක්ෂය ! Featured

Thursday, 23 December 2021 12:59

කොවිඩ් 19 තත්වය නිසා විදේශ විනිමය අහිමි වීමේ අර්බුදය ඉක්මනින් අවසන් වීමේ ලකුණු පහළව ඇති බව පෙනෙන්නට තිබේ. විපක්ෂ කොටස් ඉදිරි සති කිහිපයේදී රට බංකොළොත් වීමේ කාළකන්ණි සතුට විඳීමට සිහින මැව්වද ඔවුන්ට සිදුවන්නේ දුක් වීමටය.

විදේශ විනිමය අහිමි වීමේ ගැටළුව නිසා ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණය ගෙවීමේ අවදානමක් පසුගිය මාස කිහිපය තුළම ඇති වී තිබුණද ඊයේ දිනයේදී මහ බැංකුව නිකුත් කළ නිවේදනය අනුව මෙම දෙසැම්බර් මස අවසන් වීමට පෙර ඩොලර් බිලියන දෙකක ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ඒ අනුව මැද පෙරදිගින්,ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙම පහසුකම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් නුදුරේම ගෙවීමට තිබෙන ණය නියමිත වෙලාවට ගෙවීමේ හැකියාව ලැබෙනු ඇති බව මහ බැංකු නිවේදනය අනුව පැහැදිලිය.

මේ අතර සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ නැගෙමින් පැවැතීමද මෙරට ඩොලර් ආදායම් වැඩි වීම කෙරෙහි සෘජුවම බලපා තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබුණු මෙරට සංචාරක ක්ෂේත්‍රයට ජීවයක් එක් කරමින් ගෙවී ගිය දින 20ක කාලයේදී විදෙස් සංචාරකයන් 47,120 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලයේදී විදෙස් සංචාරකයන් 152,109 දෙනකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

එමෙන්ම විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අතර, ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් මඟින් ලබන වසරේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ නැංවිය හැකි බවට එම අධිකාරිය විශ්වාසය පළ කරයි.

ඊට අමතරව විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල හරහා සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් මේ වන විට ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කර තිබෙන අතර, ඒවායේ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

මේ අතර විදේශ ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන ආදායම් පසුගිය කාලවකවානුවේදී අඩුවූ නමුදු මහබැංකුව හඳුන්වා දී තිබෙන ආකර්ෂණීය ක්‍රමවේදය මත එම විදෙශ ප්‍රේශන වැඩි වෙනු ඇති බව විශ්වාස කළ හැකිව තිබේ.

තවත් වාර්තාවක් පෙන්වා දෙන්නේ මෙරට අපනයන ආදායම් ඉහළ යමින් පවතින බවය. ඒ අනුව මේ වසරේ අවසානය වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම රුපියල් කෝටි 240,000 (අමෙරිකානු ඩොලර් බිලියන 12) සීමාව ඉක්මවා යනු ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විශ්වාසය පළ කරයි. රබර් ආශ්‍රිත අපනයන අංශය 2021 ජනවාරි - නොවැම්බර් කාලය තුළ රුපියල් කෝටි 20,000 (ඩොලර් බිලියනයක) කර්මාන්තයක් බවට පත්ව තිබෙන බව එම මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා පවසයි.

2021 නොවැම්බර් ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2020 නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය සියයට 55.11කින් රුපියල් කෝටි 24,312 (අමෙරිකානු ඩොලර් මිලියන 1,215.6) දක්වා වැඩි වී ඇත. ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී අඛණ්ඩව පස් වැනි වරටත් ඩොලර් බිලියනයකට වඩා ඉහළ මට්ටමක අපනයන ආදායම පවත්වා ගෙන ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා පෙන්වා දෙන්නේ 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන තවත් බිලියනයක මාසික වටිනාකමක් වාර්තා කරමින් එහි කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කරන බවයි. අපනයන වර්ධනයට හේතු වූයේ ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය ඵලදායි ලෙස වැළැක්වීම සහ පාලනය කිරීම පමණක් නොව මෙවැනි අර්බුදකාරි තත්ත්වයකදී විදේශ මුදල් උපයා ගනිමින් ජාතික ආර්ථිකයට සහාය වීමට අපනයන ප්‍රජාව දුන් දායකත්වයයි. එය අගය කළ යුතු බව සුරේෂ් ඩී ද මෙල් මහතා සඳහන් කරයි.

සේවා අපනයන 2021 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් කෝටි 54,218 (ඩොලර් මිලියන 2,710.92) ක් වූ අතර, එය 2020 අනුරූප කාලපරිච්ඡේදයට වඩා සියයට 27.6කින් වැඩි විය.

සංශෝධිත අපනයන ඉලක්කය සහ ජයග්‍රහණ 2021 වසර සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සංශෝධිත අපනයන ඉලක්කය අමෙරිකානු ඩොලර් බිලියන 15.72ක් වන අතර, එයින් අමෙරිකානු ඩොලර් බිලියන 12.14ක් වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ද අමෙරිකානු ඩොලර් බිලියන 3.58ක් සේවා අපනයනවලින්ද අපේක්ෂා කෙරේ. 2021 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ජූලි සිට නොවැම්බර් දක්වා ඇස්තමේන්තුගත සේවා දත්ත ද සමස්ත ඇතුළුව අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 13.8ක් වාර්තා කර ඇති අතර, එය සංශෝධිත අපනයන ඉලක්කයෙන් සියයට 88කි.

2021 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයනවලින් ඉපැයීම් පිළිවෙළින් සියයට 91.59 සහ සියයට 75.64ක් ගෙන ඇත.

මේ අනුව මෙම වසර පුරා පැවැති විදේශ විනිමය අර්බුදය නුදුරේම කෙමෙන් සමනය වීම බලාපොරොත්තු විය හැකිව තිබේ.

- the novemberist

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us