ජනපති ගෝඨාභය සමඟ බැරිනම්, ඒ රටේ කරුමයකි. Featured

Monday, 20 December 2021 10:44

පුද්ගලයකු ලෙස කොතරම් දක්ෂ හෝ කුසලතා සහිත වූවද අන් අයගේ සහයෝගය නැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96 වැනි විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් පැවසීය.

විනය හමුදා නිලධාරියකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගය බවත් සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයකුගේ සාර්ථකත්වයේ හදවත බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

සරල කාර්ය කෙරෙහි වූවද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් බව පැවැසූ ජනාධිපතිවරයා නායකයකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතු බව කීවේය. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයකුගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එකවර පැන නඟින පසුබෑම්, බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ වූවද මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද පැවසීය.

මෙම ප්‍රකාශය යුද හමුදා නිලධාරීන් පිරිසක් හමුවේ කළ ප්‍රකාශයක් වූවද රටක් පාලනය කිරීමේදී රාජ්‍ය නායකයා වුව මුහුණ දෙන දරුණු අභියෝගයක් වන්නේ සෙසු පිරිසේ සහයෝගය නොමැතිව රටක් පාලනය කිරීමය. රාජ්‍ය නායකයා කෙතරම් නිවැරදි දැක්මක් ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙලක් සහිතව රාජ්‍ය පාලනය පෙරට ගත්තද තමන්ගේ පාලක පක්ෂයේ, රාජ්‍ය යාන්ත්‍රණයේ, රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය, කැපවීම, උනන්දුව නොමැතිව රටක් නිවැරදි දිසාවට තල්ලු කරමින් රටේ සංවර්ධනය කරා ගෙන යෑම සිදු කිරීම කළ නොහැක. ඇතැමුන් මේ රට පාලනය කිරීමට රාජ්‍ය නායකයා ඒකාධිපතියකු ලෙස කටයුතු කළ යුතු බව නිරන්තරයෙන් පෙන්වා දෙයි. වත්මන් ජනාධිපතිවරයාගෙන්ද එවැනි හැසිරීමක් බලාපොරොත්තු වන බව නිතර කියමින් සිටී. එහෙත් ලෝක ඉතිහාසයේ අත්දැකීම අනුවත් කිව හැක්කෙ එලෙස ඒකාධිපති හැසිරීමකින් රටක් ගොඩනැගිය නොහැකි බවය ..යමක් කළ හැකිය. එහෙත් ඒවා තාවකාලික චූන් වනවා මිස කල් පවතින්නෙ නැත. අවසානයේ රටත් විනාශ වී ,ඒකාධිපතියාත් ඒ සනුහරේමත් විනාශ වී යෑම පමණක් සිදුවෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නිතරම පවසන්නේ සෑම දෙයකටම නිවැරදි ක්‍රමවේදන් නැතිනම් සිස්ටම් සකස් කළ යුතු බවය. නිවැරදි කාර්යක්ෂම ක්‍රමවේදයන් පවතින විට ඒකාධිපතියෙකුගේ දරදඬු නියොගයක් තබා අමුතු පාලනයක්ද අවශ්‍ය නොවේ. වැඩේ නියමිත පරිදි නිවැරදිව සිදු වෙයි. එහෙත් ඒ ක්‍රමවේදයන් සකසා රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදි කරගැනීම අසීරු කාර්යයකි. අද රට මුහුණ දී සිටින් විශාල අර්බුදයක් වන්නේ එයය. රජය ගන්න තීන්දු තීරණ නිවැරදිව ක්‍රියාත්මක නොවීමේ ආදීනව අපට හැමදාම දකින්න තිබෙන්නකි. ඒ ඒසේ වන්නේ වගකිවයුතු පිරිසේ සහයෝගය ඊට නොලැබෙන නිසාය. නැතිනම් ඒ සිතාමතාම කඩාකප්පල් කිරීමේ දේශපාලනික තක්කඩිකම් ක්‍රියාත්මක වෙමින් පැවැතීමය.

මේ තත්වයන් වෙනස් කිරීම විය යුතුය. ඒ වෙනස් කිරීමට නම් දැඩි ප්‍රතිපත්තියක කටයුතු කළ යුතු නමුත් ඒ සිදු විය යුත්තේ ඒ ගැන වන විශාල පුළුල් සාකච්ඡාවකින් එකඟතාවයකින් යුතුවය. එසේම ඒ වෙනුවෙන් මහජන ආකල්ප පවා වැඩි දියුණු කළ යුතුය. ජරා ජීරණ වූ රාජ්‍ය යාන්ත්‍රණයක් යටතේ දශක ගනනාවක් ගනු දෙනු කිරීමෙන් ඊටම හැඩ ගැසුනු ජනතාවක් සහ නිලධාරීන් රොත්ත වෙනස් කිරීම ලෙහෙසි දෙයක් නොවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව සංයමයෙන් නමුත් සෘජුව පෙනී සිටින්නේ මේ යහපත් වෙනස්කම වෙනුවෙනි. ඔහු අවංකය. විශ්වාසනීයය. ඔහුට පෞද්ගලික ජයග්‍රහණයන් ඇත්තේ නැත. ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමට ඔහු මැලි නොවේ. ' පුද්ගලයකු ලෙස කොතරම් දක්ෂ හෝ කුසලතා සහිත වූවද අන් අයගේ සහයෝගය නැතිව සාර්ථක වීමට නොහැකි බව..' ඔහු පවසන්නෙ ඒ නිසාය.

කොහෝම නමුත් රටට අවංක විශ්වාසනීය නායකත්වයක් ලැබී තිබෙන මොහොතක ඒ සමඟ එකඟ වී, සහයෝගයෙන් වැඩ කිරීමට මෙරට පාලක පක්ෂයට, රාජ්‍ය නිලධාරීන්ට සහ ජනතාවට නොහැකි වන්නේ නම් ඒ ඔහුගේ වරදක් නොවේ. එය රටේ කරුමයකි.

 - the novemberist

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us