රාජිතගේ නැව් අටේ මාළු ජාවාරම ගැන විමර්ශන

Published in පුවත්
Wednesday, 22 December 2021 13:22

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටියදී ධීවර යාත්‍රා අටක් යොදවාගෙන ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සහ සිදුකළ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව මෙම නැව් 8 හා මෝදර ධීවර වරාය බදු දීම සම්බන්ධයෙන් ද විමර්ශනය ආරම්භ කළ බවට අධිකරණය හමුවේ සදහන් කළේය.

කොළඹ බෞද්ධාලෝක මාවතේ පදිංචි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා මෙම සිද්ධියේ පැමිණිලිකරු වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කර වරදකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට පැමිණිලිකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි.

රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටිය දී ඔහුගේ සම්බන්ධිකරණ ලේකම් දොන් ලලිත් අනුරාධ සහ චීන ජාතික ව්‍යාපාරිකයකු නමින් සමාගමක් පිහිටුවා ගැඹුරු මුහුදේ මසුන් අල්ලා එම අස්වැන්න මෙරටට නොගෙන්වා මහ මුහුදේදී ම වෙනත් විදේශීය නැව් වලට අලෙවි කිරීම සම්බන්ධයෙන් මීට පෙරද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ලැබී තිබිණි. එහෙත් අල්ලස් කොමිසමෙහි කැඳවීම් සඳහා සේනාරත්න මහතා සහභාගී වූයේ නැත.

කෙසේ නමුත් අදාළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ප්‍රගතිය වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ පොලිස් පරික්ෂක සංජය තුසිත මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.

 

සැබැඳි පුවත් :

රාජිතගේ නැව් අට මෙන්න !

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us