පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතිය සැමට එක හා සමාන විය යුතු බව නීතිඥවරයෙක් ලෙස තමා දකින බව එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම එක රටක් එක නීතියක් යන සංකල්පය මුස්ලිම් ප්‍රජාව දකිනුයේ තම ආගම පිඩාවට පත් කිරීමට ගෙන ආ ආයුධයක් ලෙස බව අධිකරණ අමාත්‍යවරයා එම සාකච්ජාවේදී පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ජීවත්වෙන ජනවාර්ගික කණ්ඩායම් අතරින් මුස්ලිම් ප්‍රජාව සතු විශේෂ අයිතිවාසිකමක් ලෙස ඇතැමෙක් 'ක්වාසි' උසාවි නොහොත් කාති අධිකරණ ආයතන හදුන්වයි. මෙය කාලාන්තරයක් සාකච්ඡාවට ගනු ලබමින් සහ යටපත්වෙමින් පවතින මාතෘකාවක් බවට පත්ව ඇත. මෙම කාති උසාවිත් ,මුස්ලිම් බාලවයස්කාර විවාහයත් යන කාරණා දෙක එකිනෙක බැදී පවතී. එයට හේතු වී ඇති කාරණා මෙම ලිපියෙන් විග්‍රහ කෙරේ.
ශ්‍රී ලංකාවේ 'ක්වාසි' අධිකරණ ආයතනවලට වසර හැත්තෑවකට අධික දීර්ඝ ඉතිහාසයක් ඇති අතර නිදහසින් පසු 1951 දී නීතිගත කරන ලද මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) සමඟ මේ දක්වාම එය ප්‍රධාන අධිකරණ ආයතනවලට සමාන්තර මට්ටමින් ක්‍රියාත්මකවෙමින් පවතී. ක්වාසි අධිකරණ ආයතනවලට එරෙහිව මුස්ලිම් කාන්තා සහ මානව හිමිකම් සංවිධානවල ද බලවත් විවේචනයක් පවතීන අතර එම විවේචනයන්හි ප්‍රධාන චෝදනාවක් වන්නේ ක්වාසි උසාවි පුරුෂාධිපත්‍යය සහිත ආයතන විශේෂයක් වන අතරම කාන්තාවන්ට එමගින් යුක්තියක් ඉටුනොවන්නේය යන්නයි.
මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පසිඳලන අධිකරණ ආයතනයක් වන ක්වාසි උසාවි සම්බන්ධයෙන් වඩාත් සාධාරණ වූ දුක්ගැනවිල්ලක් ඉදිරිපත්වෙන්නේ මුස්ලිම් කාන්තාවන් අතරින් නමුත් එය පුරුෂාධිපත්‍යය මුල්කරගත් ආයතනයක් වීම හේතුවෙන් කාන්තාවන්ට කිසිදු යුක්තියක් ඉටුනොකරන ආයතනයක් වන බවට පසුගිය සමයෙහි සාමාජ සංවිධාන රැසකින් බොහෝ විවේචන එල්ලවෙමින් තිබුණි. එම විවේචනය එල්ලවෙන ඊළඟ දිගුව ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන මුස්ලිම් බාලවයස්කාර විවාහ සහ දික්කසාද නීතියයි..
එවැනි පරිසරයක් තුළ එම නීතිය සහ අධිකරණ ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ කාර්යයන් මෙතෙක් බලයට පත් ආණ්ඩුවලට පැවරුණ නමුත් එම කිසිදු ආණ්ඩුවක් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නොමැති වීම කනගාටුවට කරුණකි . ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු දහඅටට අඩුවෙන් ළමුන් විවාහ වීම නීතිවිරෝධී වන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් ප්‍රජාවට එම නීතිය බලනොපැවැත්වේ. ඕනෑම සමාජයක ළමා විවාහ සිදුවන්නේ නම් එය මානව හිමිකම් සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් දක්වා විහිදෙනු ඇත.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ වයස අවුරුදු 12 ට අඩු ගැහැනු ළමුන්ටත් විවාහ වීමට ඉඩ සලසයි. වයස අවුරුදු 12 ඉක්මවා නොමැති වුවද ඇය වැඩිවියට පත් වූ ගැහැණු දරුවෙක් නම් ඇයව විවාහ කර දීමට මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය යටතේ ක්වාසි අධිකරණයට බලය ඇත. මෙරට මූලික මිනිස් අයිතිවාසිකම් හා මූලික නීතිය යටතේ විවාහ වීමේ අවම වයස් සීමාවක් පනවා ඇති අතර එයට එරෙහිව යන්නේ නම් එය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වීමක් මෙන්ම නීතිය උල්ලංඝනය වීමක් ද වේ. අනික් අතට එය ළමා අපයෝජනයක් මෙන් ම ළමා අයිතිවාසිකම් කඩ වීමක් ලෙසද ගත හැකිය. එවන් බාලවයස්කාර විවාහයන් කුමන ආගමක හෝ වේවා නීති පද්ධතියට එකතු වීම මගින් රටෙහි අනාගතයට එල්ලවන්නේ දැඩි පීඩාකාරී අර්බුධ තත්වයන් සමුදායකි. එකී අසාධාරණයට ලක් වන දරුවන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමත් සමග එම දරුවන් බොහෝ විට මානසික වශයෙන්ද කායික වශයෙන්ද අගාදයට පත් වූවන් ලෙස සමාජයේ ජිවත් වීමට සිදු වේ. එසේම නිසි කාලයක් වන තුරු අධ්‍යාපනය ලැබීමට, රැකියා වන වල නිරත වීමට නොහැකි වන එම දරුවන් සමාජයට වෛර කිරීමට පෙළෙඹෙන වින්දිතයන් බවට පත් වනු වැළක්විය නොහැකිය.
මෙය කිසිසේත්ම යම් ආගමික විශ්වාසයකට එරෙහිව ගන්නා පියවරක් ලෙස පටු කල්පනාවලට යෑම නොවිය යුතුය. ශිෂ්ඨ සම්පන්න, නීතිගරුක, ජන සමාජයක් ගොඩනැංවීම වෙනුවෙන් ගන්නා පියවරක් ලෙස මේය තේරුම් ගත යුතුය. මෙම මුස්ලිම් නීතිය පමණක් නොව මෙරට බලාත්මකව තිබෙන උඩරට නීතිය,තේසවලම් නීතිය වැනි පුද්ගලික නීතිද අහෝසි විය යුතු අතර රෝම ලංදේසි නීතියේ තිබෙන අයුක්ති සහගත තැන් ද සංශෝධනය විය යුතුය.
කෙසේ වුවද මුස්ලිම් ආගමික නීතිය යටතේ විවාහ වීම් හා දික්කාසාද වීම් නෛතිකව තහනම් කළ යුතු වකවානුවක් කරා අපි පැමිණ සිටින්නෙමු. රටක ආගමික නීතියක් එරට මූලික නීතියට ඉහළින් තිබීමේ බරපතල විපාක අප යුග ගණනක් තිස්සේ අත්විදිමින් සිටින්නෙමු. එම නිසා ලෝකයක් එක්ව පිළිගන්නා මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම ළමා අයිතිවාසිකම් ද ප්‍රායෝගික මට්ටමේ බලාත්මක කිරීමේ වගකීම වත්මන් රජය ගෙන කටයුතු කිරීම පැසසුමට ලක් විය යුතු කරුණක්ව තිබේ.
මෙරට අධිකරණ අමාත්‍ය තනතුර මුස්ලිම් ජාතිකයෙකු වන අලි සබ්‍රි අමාත්‍යවරයා මෙහෙයවද්දී , තම ආගම පිළිබදවම දෝෂ සිහි නුවණින් අවබෝධ කොට ගෙන සැමට සමාන නීති පද්ධතියක් ගොඩ නැගීමට අමත්‍යවරයා දක්වන දායකත්වයද ඇගයිය යුතුය. ඒ වෙනුවෙන්'' එක රටක් එක නීතියක්'' යන සංකල්පය හදුන්වා දෙමින් වත්මන් රජය මුළු දේශයටම එක හා සමාන නීති පද්ධතියක් තුළින් රට සෞභාගය කරා ගමන් කර වීමම අපුර්වතම වන්නේ ඒ අයුරිනි.
-පංචාලි