සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතුයි -අගමැති

Published in පුවත්
Friday, 26 November 2021 22:15

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින අරලියගහ මන්දිරයේ දී අවධාරණය කර තිබේ.

මේ වනවිට පාඩු ලබන ආයතන ලබන වසරේ දී ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කර ගැනීම කෙරෙහි ද සියලු නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන්හි තෙවන කාර්තුව සඳහා වූ ප්‍රගති සමාලෝචනයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස එක්වෙමින්අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී අරමුණ පැහැදිලි කළ අතර අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා දැනට ලබා ඇති සමස්ත ප්‍රගතිය සාරංශගත කොට ඉදිරිපත් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සහ ඕෂන්වීව් සංවර්ධන පුද්ගලික සමාගමට අයත් ප්‍රගතිය පිළිබඳව ඒ ඒ ආයතන ප්‍රධානීහු අග්‍රාමාත්‍යතුමාට සැළකර සිටියහ.

අඩක් නිම කරන ලද නිවාස 72000න් තවදුරටත් වැඩ නිම කළ යුතු නිවාස 40723ක් සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 500 බැගින් ප්‍රතිපාදන ලබා ගැනීම, මාදුළුවාවේ සෝභිත නා හිමි ගම ඉතිරි නිවාස 31 හා අත්‍යවශ්‍ය වැඩ නිම කිරීමට රුපියල් මිලියන 112ක් ප්‍රතිපාදන ලබා ගැනීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති මෙන්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ලබා ගත් ණය මුදල් සඳහා අදාළ බැංකුවලින් යම් සහනයක් ලබා ගැනීම ඇතුළු කරුණු රැසක් මෙම හමුවේ දී අවධානයට යොමු විය.

මෙම අභියෝගාත්මක කාලයේ වැඩ අඩපණවීමට ඉඩ නොදිය යුතු බව කී අග්‍රාමාත්‍යතුමා සාකච්ඡා මාර්ගයෙන් කඩිනම්ව අවශ්‍ය තීරණ ගෙන නීත්‍යානුකූලව අදාළ කාර්යයන් නිසි පරිදි අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

“ආයතන අතර සහයෝගයෙන් කරන ව්‍යාපෘති වලදී ව්‍යාපෘති අවසන් කිරීම සඳහා සියලු ආයතන වල සහයෝගය ලබාදීම වැදගත්, වෙළඳපොලේ ටයිල් හිඟයක් ඇති වූ අවස්ථාවේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම සිමෙන්ති සහ යකඩ හිඟවීමකින් තොරව ලබාදීම කෙරෙහිත් අවධානය යොමු කරන්න” යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

ඉදි කිරීම් සඳහා ආනයන කරන අමුද්‍රව්‍ය වල තත්ත්වය නිවැරදි විය යුතු බවත් නිවැරදි තත්ත්වයෙන් යුතු අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ආනයනකරුවන්ට මඟපෙන්වීම වැදගත් බවත් අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.
පසුගිය යහපාලන රජය ගෙන ගිය අදුරදර්ශී වැඩපිළිවෙළ සමඟ පාඩු ලබන තත්ත්වයට පත්ව තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වන විට ලාභ ලබන තත්ත්වය දක්වා පැමිණෙමින් තිබෙන බවත් මෙහිදී හෙළි විය. මෙයට අමතරව යහපාලන ආණ්ඩුව අයතු ලෙස භාණ්ඩ බෙදා දීම නිසා විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයට පත්කර තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍යතුමාගේත්, රාජ්‍ය අමාත්‍යතුමාගේ හා නිලධාරීන්ගේත්
කැපවීම මත අද වනවිට ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව ද මෙහි දී අනාවරණය විය.

පසුගිය ආණ්ඩුව යටතේ නවතා දැමූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම තුළින් භාණ්ඩාගාරය මගින් වැටුප් ගෙවමින් තිබු ආයතන රැසක් මේවනවිට භාන්ඩාගාරයට බරක් නොවී ලාභ ලබමින් පවත්වාගෙන යන බව ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙක් අදහස් දක්වමින් පෙන්වා දුන්හ.

-පංචාලි අබේසේකර

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us