කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි !

Published in පුවත්
Friday, 26 November 2021 22:08

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණ කිහිපයකට එළඹ තිබේ.

කොවිඩ් දෙවන මාත්‍රාව ලබා මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මගින් බූස්ටර් මාත්‍රාව ලබාදීම.
රෝහල් වෛද්‍ය සායන සදහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනා ද එම සායන තුළදී බූස්ටර් එන්නත ලබාදීම.
කොවිඩ් මර්දන දෙවන එන්නත ලබා මාසයක් ඉක් වූ වයස අවරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින් පෙළෙන සියලුදෙනා තුන්වන මාත්‍රාව ලබාදීම.
පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝනොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම.
මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එම පිරිසට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි බවයි.

මේ අතර කොවිඩ් ආසාදිතයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර් කරල ලබාදීම පිළිබදව සාකච්ඡා වී ඇති අතර, කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට උපදෙස් දී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us