News Items (18842)
ශ්‍රීලංකාව තුළ මේ වන විට එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව ලෙස බුස්ටර් එන්නත ලබා දීම පසුගිය නොවැම්බර් පළමුවනදා සිට ආරම්භ කෙරුණා.
සන්ධාන ගත වූ පක්ෂ සමඟ ඉදිරියට යාමට අග්‍රාමාත්‍යවරයා සතු පරිණත නායකත්වය අගය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එළැඹෙන 12 වෙනිදා සිය මංගල අය වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රහාරයට සම්බන්ධ 56කට එරෙහි නඩු ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට !
පාස්කු ප්‍රහාර මාලාවට සම්බන්ධ මහ මොළකරු නවුෆර් මව්ලවි ඇතුළු ප්‍රධාන පෙළේ සැකකරුවන් 56 දෙනකුට එරෙහිව ගොනුකළ නඩු මේ මස සිට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට ගැනීමට සැලැසුම් කර තිබේ.
ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බව ඊයේ (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනපති රාජ්‍ය නායකයන් සමග සාකච්ඡා !
වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා තිබේ.
වසර පහක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී හමුවු අවස්ථාවේදී පවසා තිබෙනවා.
සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණයට සැලසුම් !
සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණය කිරිම කඩිනම් කිරීම සදහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කර තිබෙනවා.
ප්‍රතිවාදීන් එල්ල කළ අභියෝග සියල්ල තම පක්ෂයට ශක්තියක් වුණා - බැසිල්
ප්‍රතිවාදී පක්ෂ විසින් එල්ලකළ අභියෝග සියල්ලක්ම තම පක්ෂයට ශක්තියක් වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටිනවා.
LP ගෑස් මෙට්‍රික් ටොන් 4,000ක් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
