සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණයට සැලසුම් !

Published in පුවත්
Wednesday, 03 November 2021 10:27

සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණය කිරිම කඩිනම් කිරීම සදහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කර තිබෙනවා.

දැනට ක්‍රියාත්මක දුම්රිය ස්ථාන නවිකරණය කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රමාදයන් වළක්වා ගැනීමත්, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමත් එහි අරමුණයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ප්‍රවාහන ඇමති පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ නිළධාරින් සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිළධාරින් අතර පසුගිය දා පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණි.

මේ වන විට සංචාරක අමාත්‍යාංශය මගින් නානුඔය, වැලිගම, ඇල්ල, බණ්ඩාරවෙල, බෙන්තොට, ගාල්ල, හපුතලේ යන දුම්රිය ස්ථාන සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන ලෙස නවිකරණය කිරිමට කටයුතු යොදා තිබේ. දැනටමත් ඇල්ල, බණ්ඩාරවෙල, බෙන්තොට සහ ගාල්ල යන දුම්රිය ස්ථානවල නවීකරණය කටයුතු අවසන්ව ඇතැයි සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා එහිදී කියා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ ඒවායේ නඩත්තු කටයුතු දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් නිසි ලෙස සිදු නොකරන බවට පැමිණිලි ලැබී ඇති බවයි. මේ සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්න යැයි ප්‍රවාහන ඇමතිවරිය දුම්රිය බළධාරින්ට උපදෙස් දුන්නාය.

බණ්ඩාරවෙල සහ නානුඔය දුම්රිය ස්ථාන නවීකරණය සදහා මේ වසරේ රුපියල් මිලියන 62 ක මුදලක් වෙන් කර තිබේ. හපුතලේ දුම්රිය ස්ථානයේ පැරණි ගබඩාව සංචාරක ගිමන්හලක් ලෙස සංවර්ධනය කිරිමට අපේක්ෂිතයි. එහි සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් සහ පහසුකම් මධ්‍යස්ථානයක් ඉදි කිරිමට ද සැලසුම් කර තිබේ.

කඩුගන්නාව දුම්රිය ස්ථානයේ ඇති පොහොර ගබඩාව ද නවීකරණය කොට සංචාරක ගිමන්හලක් ලෙස සංවර්ධනය කිරිමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි මෙහි දි අනාවරණය විය. කොළඹ කොටුව, මහනුවර සහ ගාල්ල දුම්රිය ස්ථාන වල සංචාරක තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතයි. සංචාරක ආකර්ෂණය සහිත ගමනාන්ත වෙත ධාවනය වන දුම්රියන්හි මැදිරි කීපයක් නවින බොජුන්හල් ලෙස නවිකරණය කිරිමටත්, ජංගම පුස්තකාල ඇති කිරිමටත් මෙහි දි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රිය සදහා සුඛෝපභෝගී මැදිරියක් එක් කිරිමට ද සංචාරක අමාත්‍යාංශය යෝජනා කළ අතර ඊට ප්‍රවාහන අමාත්‍යාංශයේ එකගත්වය පළ විය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි සදහන් කළේ සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන නවිකරණය කර භාරදිමෙන් පසු ඒවා නඩත්තු කිරිමේ ක්‍රමවේදයකන් සකස් කළ යුතු බවයි. ඒ සදහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු යැයි යෝජනා කළ රණතුංග මහතා දුම්රිය දෙපාර්තුමේන්තුව සතුව ඇති සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන සංවර්ධනය කිරිම සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් විය යුතුව ඇතැයි මෙහි දි පෙන්වා දුන්නේය.

ප්‍රවාහන ඇමතිවරිය ඊට එකගත්වය පළ කළාය. සති දෙකක් තුළ අදාළ කමිටුව රැස් වි ඊට අදාළ යෝජනා සකස් කොට අමාත්‍යවරුන් දෙදෙනාය ඉදිරිපත්කොට ඒ අනුව නැවත රැස් වී ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමටත් මෙහි දි තීරණය කෙරිණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us