ප්‍රතිවාදීන් එල්ල කළ අභියෝග සියල්ල තම පක්ෂයට ශක්තියක් වුණා - බැසිල්

Published in පුවත්
Wednesday, 03 November 2021 09:35

ප්‍රතිවාදී පක්ෂ විසින් එල්ලකළ අභියෝග සියල්ලක්ම තම පක්ෂයට ශක්තියක් වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටිනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති විශේෂ සම්මේලනය අමතමිනි.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"අපිට මිතුරුකම් කරපු සියලුදෙනාට ගෞරව කරනවා වාගේම අපේ ඉන්න ප්‍රතිවාදීන්ව අපේ පක්ෂයට යම් අභියෝගයක් එල්ල කරා නම් ඒ අභියෝග සියල්ලක් ම අපිට ශක්තියක් වුණ බව සඳහන් කරන්නේ ඉතාම නිහතමානිව. ගරු අගමැතිතුමනි නම උක්කුං වුණාට අපේ පක්ෂය කිරි නෙමෙයි අපි බොන්නේ ප්ලේන්ටි. අපි අපේ සහෝදර උදව් කරපු සියලුදෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කරමු. විවිධ අපිට අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් දේශපාලන වශයෙන් අපිට අභියෝග කළත් ඒ අභියෝග කරන්නේ රටේ අනාගතයට, රටේ ජනතාවට. ඒ අභියෝගවලට අපි මුහුණ දෙමු." යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us