ගෑස් හිගයත් ඉවරයි !

Published in පුවත්
Wednesday, 03 November 2021 09:23

LP ගෑස් මෙට්‍රික් ටොන් 4,000ක් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

ඒ අනුව, ගෘහස්ථ LP ගෑස් සඳහා දැනට පවතින තාවකාලික හිඟය බෙදාහැරීමේ ප්‍රමාදය නිසා ඇති වී ඇතැයි ද එම සමාගම සඳහන් කරයි. දැනට පවතින හිඟය නුදුරේදීම යළි යථා තත්ත්වයට පත්කරන බව ද ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම පැවසීය.

මේ අතර, රට තුළ යළි ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වෙමින් ඇති බව ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉකුත් ඔක්තෝබර් 11 වැනිදා සිට ඉහළ දැමීමට ගෑස් සමාගම් පියවර ගත්තේය. ඒ පැවති මිල ගණන් යටතේ පාඩු විඳගනිමින් සිය ව්‍යාපාර කරගෙන යා නොහැකි බව පවසමිනි.
ඒ අනුව ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකෙහිම මිල ඉහළ නැංවුණි.

කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු. 1257කින් ද කිලෝග්‍රෑම් 5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 503කින්ද ඉහළ දැමුණි. කිලෝග්‍රෑම් 2.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගියේ රුපියල් 23කිනි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අද අලෙවි වන්නේ රුපියල් 2765ක මිලකටය. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක රුපියල් 1071කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් අගෙවි වන්නේ රුපියල් 506ක මිලකටය. කෙසේ වෙතත් මිල වැඩිකිරීම් සිදුකළ ද වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට දින කිහිපයක් තිස්සේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙමින් පවතී.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us