විභාග දිනයන් ප්‍රකාශයට පත්කෙරේ !

Published in පුවත්
Tuesday, 02 November 2021 12:57

කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දමන ලද විභාග පැවැත්වීමට දින නියම කර තිබෙනවා. සංශෝධිත කාලසටහන් සඳහා කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

ඒ අනුව පහේ ශිෂ්‍යත්ව විභාගය ජනවාරි 22 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. උසස්පෙළ විභාගය පෙබරවාරි 7 වනදා සිට මාර්තු 5 වනදා දක්වාත් සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජුනි පළමු වනදා දක්වාත් පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ මාස 6කට පසුව පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් විවෘත කෙරුනේ පසුගිය 25 වනදායි. සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ සිසුන් සඳහා ලබන 8 වනදා පාසල් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව විභාගවලට පෙනී සිටීමට නියමිත සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතු වනවා. එම කරුණු සැලකිල්ලට ගෙන මේ වසර සඳහා නියමිත විභාගයන් පැවැත්වීම පිණිස වන සංශෝධිත කාලසටහන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළා. ඒ අනුවයි අදාළ කාල සටහන් සඳහා අමාත්‍ය මණ්ඩල එකඟතාව පළ කෙරුණේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us