ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනපති රාජ්‍ය නායකයන් සමග සාකච්ඡා !

Published in පුවත්
Wednesday, 03 November 2021 13:44

වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා තිබේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපතිවරයා ඊයේ (02) එම සාකච්ඡාවන්හි නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍ය අතර දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ බහරේන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බීන් හමාඩ් අල්කලීෆා මහතා එහිදී සාකච්ඡා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රී ලාංකිකයන්ට බහරේන් රාජ්‍ය තුළ රැකියා අවස්ථා උදාකර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් 04ක් සිදුකරන අතර එම ගුවන් වාර සංඛ්‍යාව වැඩිකිරීම, දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය පිළිබඳව ජනාධිපතිවරයා සහ නේපාල අග්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා මහතා අතර සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්ට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා අතර හමුව ග්ලාස්ගොහි මර්චන්ට් මන්දිරයේ දී සිදුව තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව පැට්ට්‍රිෂියා මහත්මිය ජනාධිපතිවරයා සමග මෙහිදී පවසා ඇත.

වේල්සයෙහි ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි මහතා, ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මහත්මිය මෙන්ම මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් හමු වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක නව අවස්ථා උදාකර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ස්කොට්ලන්ත පුවත්පතක සම්පූර්ණ පිටවුක් පළ කිරීමට එරට ජීවත් වන සිංහල ජනතාව පියවර ගෙන ඇත.

ඒ, ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත ගමනට එරෙහිව දෙමළ ඩයස්පෝරාව විසින් එරට ‘ද හෙරල්ඩ්’ පුවත්පතේ පළ කළ සම්පූර්ණ පිටුවක පළවූ දැන්වීමට ප්‍රතිචාර වශයෙනි.

මෙම දැන්වීම මගින් ජනාධිපතිවරයා විසින් ගෙවුණු කෙටි කාලය ඇතුළත සිදුකරන ලද සංවර්ධන කටයුතු සහ දෙමළ ජනතාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග විදහා දැක්වීමට පියවර ගෙන තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us